15.♡

509 143 45
                                    

ජිමින් හිටියේ එයාගෙ කාමරේ මිනි සෝෆාවට වෙලා එයාගෙ ස්ප්ලූශි එකකුත් බදාගෙන ඩ්‍රාම එකක් බලන ගමන්...

ඩ්‍රාම එකෙ කපල් එක කිස් කරන්නයි යන්නෙ...

ජිමින් ට ඉබේම මතක් උනේ එයාගෙයි ජන්කුක් ගෙයි ෆස්ට් කිස් එක...

එදා හවසින් පස්සෙ කොච්චර දේවල් වෙනස් වුනාද...

ස්ක්‍රීන් එකේ ප්ලෙවෙන කිසින් සීන් එක දිහා බලාගෙන ජිමින් හිටියේ එයාගෙම ලෝකෙක...

එදා එයා කරපු වැඩේ ගැන ජිමින් දහස් වතාවකට වඩා පසුතැවුනා...

එයාට ඕනේ උනේ ජන්කුක් ගැන එයාට තිබුන ඇත්ත හැඟීම ගැන දැනගන්න විතරයි ..
ඒත් ජන්කුක් ඒක කොහොම භාරගනීද කියල ජිමින් ට සැකයි..

ජිමින් ප්ලෑන් කරන් හිටියේ එයාට තිබ්බ ප්‍රශ්න ඔක්කොම ජන්කුක් එක්ක කතාකරල විසදගෙන සුදුසු තීරනේකට යන්න...
ඒත් අවාසනාවන්ත විදියට ජිමින් ට ජන්කුක් ට නොකියම බුසාන් එන්න වුන නිසා ඒ කිසිම දෙයක් ගැන ජන්කුක් ට කියන්න අසරණ  ජිමින් ට බැරි උනා..

ඒත් ජන්කුක් හිතුවේ ජිමින්ට එයාව එපා වෙලා එයාව දාල ගිහින් කියලා..
යන්න කලින් වචනයක් වත් නොකියා ගියපු  හේතුව නිසා ජන්කුක් වගේම ජිමිනුත් ගොඩක් දුක් උනා..

හදිස්සිය සෝල් වලින් ආපු නිසා  චාජ් කරගන්න බැරි වුන  බැට්‍රි ලෝ වෙලා පවර් ඕෆ් වෙලා  තිබ්බ ෆෝන් එක ගෙදර ආපු ගමන් මිස්ට පාක්  බලෙන්ම ජිමින් ගෙන් ගත්ත නිසා එයාට ෆෝන් එක චාර්ජ් කරගන්න තියා ජන්කුක් ට කෝල් එකක් ගන්නවත් පුලුවන් කමක් තිබුණෙ නැහැ..

මේ දවස් කීපෙට එයාට ජන්කුක් ව කීපාරක් මිස් උනාද කියලා දන්නෙ එයයි, එයා දැන් බදාගෙන ඉන්න රෝස පාට හාවෙක් ඉන්න ස්ප්ලූශි එකයි විතරයි ...

ජන්කුක් ට ලැන්ඩ් ලයින් එකකින් හරි කෝල් එකක් අරගන්න ජිමින් ගේ යටිහිත එයාට කොච්චර කෑගැහුවත් ජිමින්  ඒක ක්‍රියාත්මක කරන්න අදිමදිකලා..

ඒත් එකෙන් උනේ ජන්කුක් ගෙ තරහ තවත්වැඩිවෙන එක...

"පාක් ජිමින්,
හෙට උදේම මගේ යාලුවෙක් එනවා ඔයාව හම්බවෙන්න..
පිළිවෙළට ලෑස්ති වෙලා ඉන්නවා..."

•.¸❤︎MƳ MƖƝƝƖЄ❤︎¸.•  ☑️Where stories live. Discover now