" ජිමින් මෙන්න යතුරු ටික.
ගෙදර බලාගෙන ඔයත් මෙහෙට වෙලා ඉන්න. මන් සතියකට එකපාරක් වගේ එන්නම් බලලා යන්න. "" හරි ටේහියුන්ග්. "
ඔව් මන් තවමත් ජීවත් වෙනවා.
මන් එදා දැකලා තියෙන්නේ හීනයක් උනත් ඒ හීනේ හරි මට ජීවත් වෙන්න තිබුන නම් කියලා හිතුන වාර අපමණයි.
සුලු මොහොතක් උනත් මන් ඒ මොහොතට තාමත් ආදරෙයි.
හිතුවේ කුකී මගේ ලග ඇති කියලයි නමුත් ඒ මන් දැකලා තියෙන්නේ හීනයක් බව ජිමින් ඇතුලු වෛද්‍යවරුන් පැවසුවා...එදා කුකීගේ බනී හිනාව එයාගේ මූනට එකතු කලේ කියාගන්න බැරි අමුතු ලස්සනක්. එයාගේ ඉස්සරහ තියෙන හා දත් දෙක නිසාම මට කුකීව පෙනුනේ පුංචි හා පැටියෙක් වගේ. මමත් ඒ හිනාවට ආදරේ කරපු කෙනෙක් නේද කියලා මතක් වෙනකොට...
කුකීගේ ඒ හිනාව එකපාරක් දැක්කත් ඇති මට මගේ සේරම ලෙඩ නැතිවෙන්න.
මන් තීරණයක් ගත්තා. එත් ඒ තීරණේ ගත්තේ කැමත්තකින් නෙවේ. හිත කිව්වේම මේ ගෙදර දාලා යන්න එපා කියලයි.
කාටවත් නොකිව්ව හිරකරගෙන ඉදපු ගොඩක් මතකයන් මේ ගෙදර තිබුනා. පුංචි කාලේ ඉදන් අපි දෙන්නා සෙල්ලම් කරපු මේ ගෙදර අමතක කරන්න බැරි මතක ගොඩක් රැදිලා තියෙනවා.
තාමත් දැනෙනවා මට කුකීගේ සුවද මේ ගේ පුරා...| ඉදිරියට... |
තවත් අවුරුද්දක් නිකරුනේ ගෙවිලා ගියේ කුකීව මගෙන් තවත් දුරස් කරමින්...
දවසින් දවස මන් නොමැරී ජීවත් වුනා. ඒත් මලමිනියක් වගේ...
කනවා බොනවා එච්චරමයි මන් දවසකට කියලා කලේ.
මට දැන් හොදටම පිස්සු හැදිගෙන එන්නේ කියලත් මන් දන්නවා.
ගොඩක් දෙනෙක් මට පිස්සු කිය කිය මගේ ඇගේ හැප්පිගෙන යනකොට මට ඇහිලා තියෙනවා කියනවා.ඔව් අද වෙනකොට මන් ඉන්නේ මෙන්ටල් හොස්පිටල් එකක...
පිස්සුවෙන් වගේ කියවනකොට කවුද නොහිතන්නේ නැත්තේ මේ මිනිහට පිස්සු කියලා.මන් එදත් වගේ අදත් ජනේලෙන් ඈත පේන නිල්වන් ආකාසේ දිහා බලන් උන්නේ මන් බලාපොරොත්තු වෙන ඒ රුව අදවත් මා ගාවට එවනවද කියලා අහමිනුයි...
තාමත් ඔහු එනකන් මන් ජනෙල් කූරු වලට මැදී වෙලා
බලන් ඉන්නවා...
මන් දකින්න ආස ඒ හිනාව...ඔබ නැවත වරක් මා ඉදිරියට පැමිනෙයි කියා විශ්වාස කරනවා පන...
_______________________________________________
මොකක්ද මෙතන මේ වෙන්නේ...😐🥺🥺
🍂 Comment and vote 🍂
______✍️Lea...
YOU ARE READING
🍁ѕtíll wíth чσu || tαєkσσk🍁ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ✅
Historia Cortaහදවත වේගේන් ගැහෙන මේ වෙලාවේ මා ගාවට පැමිනි ඒ සුරදූතයා කවුරුන්ද ?... ....❣.....❣.... මහමෙරක් තරම් ගලන් ආ ඒ ආදරේ තේරුම්ගන්න බැරි උන මෝඩයෙක් මන්. - ටේ - _____✍️By Kim Lea