Chapter 1🍂

1.6K 205 215
                                    

Canteen එකේ කොනක වාඩි වෙලා ඈත පේන තමන් දකින්න ආසම රූපේ දිහා ඩියානා බලන් හිටියේ දැහැනකට සමවැදිලා වගේ...
ටික වෙලාකින් ඔලුව මේසෙට ගහගත්ත කෙල්ල කල්පනා කරන්න ගත්තේ එයාගේ හැගීම් ගැන...
එයාට මේ දැනෙන හැගීම.......ඒක හරි දෙයක්ද? එයා ඒ හැගීමට ඉඩ දෙන්න ඕනිද? ඒත් සමාජේ?

"ඩියාආආආආහ්හ්හ්..."
කෙල්ල එකපාරටම ඔලුව ඉස්සුවේ තමන් හිටපු තැනට කෑගහන් ඇවිත් ඉදගත්ත කෙල්ල නිසා..

Diana ; "අහ් මේ ඉන්නේ සරුංගලේ.. මන් බැලුව මොකෝ පරක්කු කියලා..."

Ruha ; "Dudeeeeeeeeee කේන් හිටියා... Hot as hell...කොහෙද ඉතින් එයාව බලාගන්නත් නෑනේ අර තේඋඩිච්චියෝ ටික නිසා...අර මනුස්සයා බෙල්ල යහතින් තියන් ඉන්නව පුදුමයි! අර සක්කරවට්ටම් ටික ඒකාගේ කර උඩනේ ඉන්නේ..අපිට තමයි කොල්ලෙක්ටවත් නිදහසේ ලයින් දාන්න බැරි.. මොකෝ අපි කැතයිද? හරි ඉතින් කැතයි කියල මෙහෙම වෙනස්කම් කරන එකත් හරි නෑනේ නේත!"
ආපු කෙල්ල එහෙම නැත්නම් ඩියානගේ යාලුවා රූහා කම්මුලටත් අතක් තියන් කියෝගෙන කියෝගෙන යන දිහා ඩියා බලන් හිටියේ හිනා වෙවී....

Ruha : "මොකද දැන් තමුසෙ හිනා වෙන්නේ?🤨"

Diana ; "නෑ නෑ...please continue!🙂"

Ruha  ; "සැක් මේ යන විදියට කොල්ලෙක් තියා බල්ලෙක්වත් සෙට් වෙන්නේ නෑ මටනම්..."

Diana ; "තොටනම් හරියන්නේ බල්ලෙක්ම තමා..."

Ruha  ; "බල්ලෙක් වුනත් මොකද මට ලෝයල් නම්!"
ඩියානා දිහා බලන්ම හයියෙන් හුස්මක් අත ඇරපු රූහගෙ ඇස් නැවතුනේ කැන්ටින් එක ඇතුලට එන රුව ගාව..

…………………………………………………………………………
හෙ හෙ🙂👉👈

#Innocent JiNiE🙂

𝕄𝕠𝕧𝕚𝕟' 𝕆𝕟 ||GL||•ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ•Where stories live. Discover now