Chapter 11

281 82 10
                                    

Taehyung's POV

මම පෝලිමේ ඉස්සරහට යන අතරේ හ්‍යුන්ග් ඇවිල්ලා මගේ ලගින් හිට ගත්තා. පිටිපස්සේ ඉන්න අය කුටු කුටු ගෑවත් අපි දෙන්නම ඒක ගණන් නොගෙන ඇහෙන්නේ නෑ වගේ පෝලිම දිගේ ඉස්සරහට ගියා. පැයකට වඩා පෝලිමේ හිටියා කියලා මට දැනෙනකොට මම ඉස්සරහා ඉන්න අයව ගනන් කරන්න පටන් ගත්තා. එක්කෙනෙක් විනාඩි දහයක් වතුර පිරෙව්වොත් ඉස්සරහා ඉන්න විසි එක් දෙනා වතුර පුරවන්න විනාඩි දෙසීය දහයක් යනවා. විනාඩි දෙසීය දහයක් කියන්නේ පැය තුනයි විනාඩි තිහක්. පැය තුනක් මෙතන හිටන් ඉන්න ඕනෙද කියලා මතක් උනාම මම පිටිපස්ස හැරිලා හ්‍යුන්ග් දිහා බැලුවේ එයත් මම වගේ මූණ දෙක කරගෙන ඉන්නවද බලන්න..ඒත් හ්‍යුන්ග් ඉස්සරහා බලාගෙන හිටියා.

පැය තුනක් ද හතරක්ද දන්නේ නෑ වෙලාව ගිහින්ගිහින් අන්තිමට අපි දෙන්නා වතුර කෑන් හතරක් පුරවගන්නකොට හොදටම කලුවර වෙලා තිබ්බා. හ්‍යුන්ග්ට බර උස්සන්න හොද නැති උනත් මේ වෙලාව් කරන්න දෙයක් තිබ්බේ නැති හන්දා මමත් මොකුත් නොකියා හිටියා.අපි එන අතරමග හ්‍යුන්ග් ජෝන් අන්ක්ල්ගේ ගෙදර ගාවින් නතර වෙමු කිව්වේ එහේ දොරවල් එහෙම ඔක්කොම වහලා තිබ්බ එක පුදුමයක් උන හන්දා. මම ගෙදර ඉස්සරහා ජෝන් අන්ක්ල්ගේ නම කියලා කෑ ගැහුවට පස්සේ ජෝන් අන්ක්ල්ගේ ලොකු දුව ලමයත් වඩාගෙන එලියට ආවා.

"අන්ක්ල් නැද්ද නූනා? "

"අප්පා බුසාන් වැඩකට ගිහින් තව දවස් තුනකින් එන්නේ. "

හ්‍යුන්ග් වතුර කෑන් දෙක බිමින් තියලා මට කිව්වා නූනගෙන් වතුර ගෙනාවද කියලා අහන්න කියලා. හ්‍යුන්ග් අත් වලින් කියන දේ මම නූනට කටින් කිව්වම නුනාගේ අනිත් ළමයා ඇවිල්ලා නූනගේ ඇදුමෙන් එල්ලුනා.

"නුනා වතුර ගත්තද? "

"කොහේ ගන්නද ?මේ දෙන්නත් එක්ක මට පෝලිම් ගානේ යන්න බෑනේ. තියන ටික පරිස්සම් කරගන්නවා. "

හ්‍යුන්ග් එක වතුර කෑන් එකක් අරගෙන නූනා ලගටම ගිහින් නුනගේ කකුල් දෙක ලගින් තිබ්බා. නුනායි මායි දෙන්නම පුදුම වෙලා බලන් හිටියේ පැය හතරකටවඩා වෙලාවක් හිටගෙන ඉදලා ගත්ත වතුර කෑන් එක හ්‍යුන්ග් මොන හිතකින් එහෙම දන් දෙනවද කියලා හිතාගන්න බැරිව. නූනා හ්‍යුන්ග්ට එපා කියද්දි හ්යුන්ග් ඒක ඇහෙන්නේ නෑ වගේ වතුර අනිත් වතුර කෑන් එකයි මගේ අතේ තිබ්බ වතුර කෑන් එකකුයි අරගෙන අපේ ගෙදරට එන්න ආවා. මම එනගමන් හ්‍යුන්ග් එක්ක කේන්තියෙන් ආවේ එච්චර දුක් විදලා ගත්ත වතුර කෑන් එක හ්‍යුන්ග් කිසි දුකක් නැතුව දන් දුන්න එක ගැන මගේ හිතෙන් බනින ගමන්.ඒත් මගේ කටත් ටිකක් ඉස්සර වෙලා හ්‍යුන්ග්ට එක එක ඒවා කිව්වා.

Without YOU  |  Tae  × Jin  |   Where stories live. Discover now