Taehyung's POV
මම හ්යුන්ග් දිහා බලලා ආයේ බිම බලද්දි සුදු පාට සීකෝල් බිම හොයන්න බැරි විදිහට බිම තියනවා කියලා තේරුම් ගන්නකොට මගේ ඇග ආයේ රත් වෙන්න පටන් ගත්තා. මගේ කේන්තිය මගේ ඇග දිගේ යනකොට මම හ්යුන්ග්ගේ ශෝල්ඩර් එකෙන් අත් තියලා එයාව හයියෙන් හොලව හොලව එකම ප්රශ්නෙ ඇහුවේ මගේ කේන්තිය මටම පාලයක් කරගන්න බැරි වෙද්දි.
"මොකක්ද ඒ කරේ කියනවා? තමුන් මොකක්ද ඒ කරපු වැඩේ තේරුම?"
හ්යුන්ග් අත් වන වන මොනවද කියනකොට මම එයාගේ අත ගසා දාලා බිම හිම අත ගෑවා. සීකෝල් තියා සීකෝල් බිම වැටිලා තියනවද කියලා වත් හොයාගන්න බැරි වෙනකොට මම මගේ බඩ අත් දෙකෙන්ම බැදගෙන කෑ ගැහුවේ මගේ ඇගම පිච්චිලා යනවා වගේ මට දැනුන නිසා. හ්යුන්ග් ඇවිත් මාව නැගිට්ටවන්න හදනකොට මම එයාව තල්ලු කරද්දි එයා ගිහින් බිම වැටුනා. බිම වැටුන හ්යුන්ග්ව ඇදන් හිටපු ඇදුමෙන් ඇදලා නැගිට්ටවලා මම එයාගේ ඇගට කෑ ගැහුවේ මගේ කේන්තිය පොඩ්ඩක්වත් මට පාලනය කරගන්න බැරි උන නිසා
"තමුන් මහ පිස්සෙක්. මම අමාරුවෙන් හොයාගත්ත සීකෝල් ටික මට නැති කරපු තමුන් මහ පිස්සෙක් හලෝ."
'ටේ. එන්න ගෙදර යන්න.ප්ලීස්.'
"අත අරිනවා මාව. "
මම හ්යුන්ග්ව තල්ලු කරලා ආයේ අනිත් පාරට යන්න ගියේ ජුවොන්ව හොයාගෙන එයාගෙන් උදව්වක් ඉල්ලගන්නවා කියලා හිතාගෙන. හිම වැටෙන සීතලේ මගේ ඇගම ගිණිගන්නකොට මම ජැකට් එක ගලවලා විසී කරලා දාලා දුවන්න පටන් ගත්තා. ඒත් හිම ගණට වැටිලා තිබ්බ හන්දා මගේ දිවීම බාල වෙද්දි හ්යුන්ග් කොහොම හරි මගේ පස්සෙන් ඇවිල්ලා මාව නතර කරගත්තා.
"මට යන්න දෙනවා. "
'ටේ. අපි ගෙදර යමු. ගෙදර ගිහින් මොකක් හරි කරමු.'
'ගෙදර ගිහින් මාව මරලා දානවා සොක්ජින්. මාව මරලා දානවා."
මම හ්යුන්ග්ගේ මූණට කෑ ගහනකොට එයාගේ අත ඉස්සුන්නේ මට ගහන්න කියලා මට තේරුනා. ඒත් මම බය වෙන්නේ නැතුව එයාගේ ඇස් දිහා බලන් ඉන්නකොට එයා අත උස්සගෙනම මගේ දිහා බලන් හිටියේ එයාගේ ඇස් වල කදුලු පිරෙනකොට. එයාගේ අත මගේ මූණට එයි කියලා බලන් ඉන්න අතරේ එයා මට ගැහුවේ නැති නිසා මම එයාට ආයේ කෑ ගැහුවා.
VOUS LISEZ
Without YOU | Tae × Jin |
FanfictionNot a SHIP story !!!! ~මට හරි පාලුයි හ්යුන්ග්... ~මට ඔයා නැතුව හරි පාලුයි..... ~ඉන්න තැනකින් මගේ ලගට එන්න ඉක්මනට.... ~මට සමාවෙන්න.... ~ඔයාගේ ටේටේට සමාවෙන්න....!!!!!