"එයාව මට හම්බුනේ Library එකේදි..ඇත්තටම එයා පොතක් හොය හොය ඉදලා රාක්කේ උඩ තිබ්බ පොතක් ගන්න යද්දි එයාව වැටෙන්න ගියා.මම එතනින් යද්දි එයාව දැක්ක නිසා මම එයාව වැටෙන්න නොදි අල්ලගත්තා..එතනින් එයාගේයි මගෙයි යාලුකම පටන් ගත්තා..ගොඩාක් සතුටින් හිටියා.ඒත් එයා නිසා මට මම කරපු පාර්ට් ටයිම් ජොබ් එකට තවත් පාර්ට් ටයිම් ජොබ් එකක් එකතු කරගන්න වුනා.එකේන් වුනේ මට මගේ හැල්මොනි එක්ක ඉන්න තිබ්බ කාලේ නැති වුන එක.මං හැල්මොනිට එන්න එන්න නපුරු විදිහට සැලකුවා.අඩුම හැල්මොනි කෑවද බිව්වද කියලාවත් හෙව්වේ නෑ.එයා අමාරුවෙන් මල් කඩේ වැඩ කරලා හම්බකරන සල්ලිත් මට ගෙනල්ලා දුන්නා.දීලා කිව්වේ "යුන්ගි ඔච්චර මහන්සි වෙන්න එපා "කියලා.ඒත් මට හැල්මොනිගේ වචන ගැන තැකීමක් තිබ්බේ නෑ.මගේ ලෝකේ වුනේ එයා.එයා මගෙන් ලොකු ලොකු දේවල් ඉල්ලද්දි මම නෑ බෑ නොකියා එයාට ඒවා අරන් දුන්නා.මගේ තත්වෙට නොගැලපෙන එයාගේ තත්වෙට ගැලපෙන රෙස්ටුරන්ට් වලට ගිහින් වැඩි ගානක් වියදම් කරලා කෑවත් මම කවදාවත් හැල්මොනිව ඒවගේ රෙස්ටුරන්ට් එකකට එක්කන් ගියේ නෑ.මගේ හැල්මොනි එන්න එන්න ලෙඩ වුනා එයාගේ වයසත් එක්ක..මට එයා ගැන බලන්න බැරි වුනා.ඒත් ජන්ග්කුක් හැමදේකම සීමාව පනින දවසක් එනවා..එදාට අපි පරක්කු වැඩිවෙන්නත් පුලුවන්.මට මතකයි වැස්ස දවසක මම මගේ ගර්ල්ෆ්රෙන්ඩ් එක්ක රෑ කෑමකට ගිහින් ගෙදර ආවා..වෙනදට ලයිට් දාලා තියෙන ගෙදර එදා අදුරේ තිබ්බේ.මගේ හිතට කේන්තියක් ආවා.ඇයි හැල්මොනිට ලයිට්වත් දාන්න බැරිද කියලා හිතුනා.මම හැල්මොනිට බනින්න හිතන් ගේ ඇතුලට ගියා.ගිහින් ලයිට් එක දාද්දි දැක්කේ හැල්මොනි පුටුවෙන් බිමට වැටිලා ඉන්නවා..එයාගේ ඔලුවේ පැත්තකින් ලේ එනවා දකිද්දි එයාගේ ඇස් ඇරිලා තියෙනවා දකිද්දි මගේ ඇග පණ නැතුව ගියා.මම කෑ ගැහුවා.හයියෙන් කෑ ගැහුවා.හැල්මොනි ගාවට ගිහින් කතා කරා.එයාගේ කිසි ප්රතිචාරයක් නෑ.හැල්මොනිව හරහට වඩා ගෙන මම අඩ අඩ මහ වැස්සේ හොස්පිටල් එකට දිව්වා.ඒත් මම පරක්කු වැඩි ගොඩාක් පරක්කු වැඩි.මොකද හැල්මොනි නැති වෙලා තියෙන්නේ දවල්.පැය ගානක් එයාගේ මැරුනු ශරිරය බිම එහෙම්මම තිබිලා..මට කරන්න ඕනි මොනාද කියලා හිතාගන්න බැරි වුනා.මට හිටිය එකම පවුල..මම ගර්ල්ෆ්රෙන්ඩ්ට කෝල් කරා..එයා කෝල් එක කට් කරා.මම එයාට කීපපාරක් ගත්තාත් එයා ආන්සර් කරේ නෑ.මම මැසෙජ් එකක් දැම්මා.මට මෙහෙම දෙයක් වුනා කියලා.දවසක් මට හොස්පිටල් එකේ ඉන්න වුනා හැල්මොනිගේ අවසන් කටයුතු සූදානම් කරගන්න..මම එයාගෙන් කෝල් එකක් බලාපොරොත්තු වුනා.ඒත් එයා ආවේත් නෑ.කෝල් කරේත් නෑ.මගේ දුකේදි මම තනි වුන වෙලේදි එයා මාත් එක්ක හිටියේ නැති නිසා මට දුක දෙගුණ වෙලා දැනුනා.ඒත් ඉවසුවා.මොකද මට දඩුවම් ලැබෙන්න ඕන.ඔම්මා අප්පා නැතුව මාව හදාගත්ත මාව බලාගත්ත මගේ හැල්මොනිට නරක විදිහට සැලකුවට..
YOU ARE READING
You And I
Fanfiction"ස්තූති එපා..කියන්න අනිත් කාරණාව මොකක්ද?" මම ඒක අහද්දි මෙච්චර වෙලා දිලිසුන ඇස් ආයේ අදුරු වුනා.එයා ආයේ මුහුද දිහා බලන් හිටියා.. "මට ටික දවසකට කොරියා යන්න වෙලා.ම..මම ආස නෑ යන්න.ඒත්..අප්පා එන්න කියලා බල කරා.." "ඒ..ඇයි?" "නූනාගේ වෙඩින් එකට.." "ඉතින් හොද...