Pain🌼

271 68 7
                                    

"ඇයි නොකිව්වේ?"
සෝයූන් අහ්ද්දි ජන්ග්කුක් සෝයූන් දිහා හැගීමක් නැතුව බලන් හිටියා.

"එයාට යන්න දෙන්න සෝයූන්"
මිසිස් ජෝන් දැඩි කටහඩකින් කියද්දි සෝයූන් ජන්ග්කුක් ගේ අත අතැරියා..ජන්ග්කුක් පඩිපෙල නැගලා ගියා කියලා දැක්ක මිසිස් ජොන් එවුන් වූ ගාවට ගිහින් හිතන්නවත් තප්පරයක් වැය කරන්නේ නැතුව කම්මුලට ගැහුවා.

"ඔම්මා!!"
සෝයූන් කෑ ගහද්දි මිසිස් ජෝන් තමන්ගේ තොල් අතර ඇගිල්ල තියලා සෝයූන්ට ඉගි කරේ කට වහන් ඉන්න කියලා.

"තමුන්...මගේ කොල්ලට එහෙම කරේ කොහොමද ආ...ඒ කොල්ලාව මේ ගෙදර තියන්..තමුන් මගේ කොල්ලාව විනාශ කරේ කොහොමද කියනවා..."

"ඔ..ම්මා..."

"එපා..ඔය කටින් මට ඔම්මා කියන්න එපා..සෝයූන් ගේ හස්බන්ඩ් විදිහට ඉන්නවා..ඒත් තමුන්ට මේ ඔම්මා නෑ කියලා හිතන් ඉන්නවා.අනිත් කෙනා ඔයා...මල්ලිට පුලුවන් තරම් වද දුන්නානේ..නේද?ඒ මදිවට අර කොල්ලාව නැති කරලා මෙතන හොද කෙනා වගේ ඉදලා ඒ කොල්ලව වැරදි කාරයෙක් කරා.ජන්ග්කුක් කිව්වා හරි..තමුන්ට ගැලපෙන්නේ මේකා වගේ කෙනෙක් තමා...එකම දේ දෙන්නම කරලා තියෙන්නෙ අර අහිංසකයෝ දෙන්නට...ඒ කොල්ලා වාසනාවන්තයි තමුන්ව මැරි කරන්න නොලැබුන එකට සෝයූන් ..දැක්කානේ..ඒ කොල්ලා අද ඉන්න තැන..ම්ම්..දැක්කනේ...හහ්..සෝයූන් ගේ අප්පා...ඔයාට මොනහරි කියන්න තියෙනවද?.හෙටම...හෙටම ජන්ග්කුක්ට ඉන්න යුනිවර්සිටි එක ගාවින් අපාර්ට්මන්ට් එකක් හොයලා දෙන්න ඕන ඔයා..හෙටම ජන්ග්කුක් ව මේ දෙන්නාගෙන් ඈත් කරන්න ඕන..නැත්තන් මම ම කොල්ලට තැනක් හොයලා දෙන්නම්..මම තවත් ඔයාට ජන්ග්කුක්ගෙ ජීවීතේ එක්ක සෙල්ලම් කරන්න දෙන්නේ නැ..එයා අනිවාරෙන්ම හරි පාරේ යන්නේ කවුරු මොනා කිව්වත්..ඒ නිසා ආයේ මගෙ කොල්ලාගේ ජීවීතෙට ඇගිලි ගහන්න එපා සෝයූන් ගේ අප්පා..ප්ලීස්..."

මිසිස් ජෝන් ඒ තුන් දෙනාව තනි කරලා උඩට ගියේ ජන්ග්කුක්ව බලන්න හිතන්..

"කුකි මම ඇතුලට එනවා.."

මිසිස් ජෝන් දොරට තට්ටු කරලා කියලා දොර ඇරන් ඇතුලට යද්දිත් ජන්ග්කුක් බැල්කනි එකට හේත්තු වෙලා හිටියා.මිසිස් ජෝන් ගිහින් කුකිගේ එහා පැත්තෙන් බැල්කනි එකට හේත්තු වුනා.

You And IWhere stories live. Discover now