Right time🌼

241 62 2
                                    

මොකක්ද හියුන්ග්?

කුක්..මම ඔයාට කැමතියි.අයි මීන්..මම..

මමත් ඔයාට ආදරෙයි හියුන්ග්.

ම්..මොකක්??
ජන්ග්කුක් එකපාර තමන් කියන්න හදපු දේම කියද්දි යුන්ගි පුදුම වුනා.ඒත් ජන්ග්කුක් නම් මූන රෝස පාට කරන් ලැජ්ජාවෙන්ම හිනා වෙවී හිටියේ.යුන්ගි තවත් පරක්කු නොකර ජන්ග්කුක්ව ඇදලා අරන් බදාගත්තා.

ම්..මමත් ආදරෙයි කුක්.ගොඩාක් ආදරෙයි.ඔ..ඔයා ආආආආ..මට විශ්වාස කරන්නත් බෑ ඔයා ඒක කිව්වාම මට කලින්.
යුන්ගි තාමත් ජන්ග්කුක් කිව්ව දේට පුදුමෙන් හිටියේ..එයා ජන්ග්කුක්ව එයාගෙන් ඈත් කරලා ඒ රෝස පාට කම්මුලක් අතින් පිරිමදින්න ගත්තේ ඇස් සතුටින් දිලිසෙද්දි.

හියුන්ග් ඉතින් කියන්න පරක්කුයි නේ.ඒකයි මම..මගේ හිතේ තියෙන දේ මුලින්ම කිව්--
ජන්ග්කුක් කතා කරන අතරේම එයාගේ ඇස් ලොකු වුනේ යුන්ගිගේ තොල් තමන්ගෙ තොල් වලට තද වුන නිසා.තප්පර කීපයක් විතර ජන්ග්කුක්ගේ පුදුමෙන් ලොකු වුන ඇස් දිහා බලන් හිටිය යුන්ගි තමන්ගේ ඇස් පියාගෙන තොල් ජන්ග්කුක්ගේ තොල් අතරේ එහාට මෙහාට කරද්දි ජන්ග්කුක් යුන්ගිගේ ජැකට් එක තද කරලා අල්ලන් ඇස් වහගෙන යුන්ගිගෙ හාදුවට ප්‍රතිචාර දක්වනකොට යුන්ගිගේ තොල් අතර හරිම ආදරණීය සෙල්ලක්කාර හිනාවක් ඇදුනා.

දීර්ඝ හාදුව නවත්තලා දෙන්නම නළලට නළල ලං කරන් හයියෙන් හුස්ම ගන්න අතරේම ඇස් හිමීට ඇරියා.ජන්ග්කුක් ගේ රතු පාට වෙලා ඉදිමිලා තියෙන තොල් දිහා බලන්ම අතින් ජන්ග්කුක්ගේ කම්මුලක් පිරිමැදපු යුන්ගි "ඔයා ගොඩාක් ලස්සනයි කුකි" කියද්දි ජන්ග්කුක් ලැජ්ජාවෙන් හිනා වෙලා යුන්ගිගෙන් ඈත් වෙලා එයාව තදකරලා බදාගත්තා.

ඒ එක්කම යුන්ගිට කෝල් එක ආව නිසා යුන්ගි ජන්ග්කුක්ව ටිකක් ඈත් කරලා එයාව පාර අයිනෙන් තියලා ටිකක් එහාට ගියත් ජන්ග්කුක් අහස දිහා බලන් තමන්ගේ තොල් දෙකත් අල්ලන ගමන් තනියෙන් හිනා වෙන හැටි දැක්ක යුන්ගිගේ මූනේත් ලොකු හිනාවක් ඇදුනා.ඒත් ඒ ඇදුන හිනාව නැති වෙලා මූන අදුරු වෙන්න වැඩි වෙලාවක් නොගියේ ජන්ග්කුක්ගේ පැත්තට වේගෙන් එන වාහනය දැකපු නිසා.පුලුවන් තරම් හයියෙන් ජන්ග්කුක් ගේ නම කියලා යුන්ගි කෑ ගහද්දි ඒ සද්දේට ගැස්සුන ජන්ග්කුක් යුන්ගි දිහා බැලුවත් ඒ අනිත් පැත්තට තමන්ගේ පැත්තට වැටුන වාහන එළිය දැකපු ජන්ග්කුක් පුළුවන් තරම් ඉක්මනට වේගෙන් තමන් ගාවට එන වාහනෙන් බේරෙන්න හිතන් පාරේ අනිත් පැත්තට පැන්නාත් ජන්ග්කුක් ගේ කටින් වේදනාත්මක කෑ ගැහිල්ලක් ඇහුනේ වාහනෙන් ආපු මනුස්සයෙක් දික් කරපු පිහියකට ජන්ග්කුක් ගේ අත වැලමිට හරියේ ඉදන්ම පහළට කැපුන නිසා.අත අල්ලන් කෙදිරිගාන ගමන් බිම වැටුන ජන්ග්කුක් ගාවට කලබලෙන්ම දුවන් ආපු යුන්ගි තමන්ව පහු කරන් වේගෙන් ගිය වාහනෙ නම්බර් ප්ලේට් එක මතක තියා ගත්තා.වේදනාවෙන් ඉන්න ජන්ග්කුක් ව නැගිට්ටද්දිම එතනට තව කීප දෙනෙක් වට වුනා.යුන්ගි කලබල වෙලා හිටිය නිසා එයාගේ ඇස් වලින් පාලනයක් නැතුව කදුලු වැටුනා.වෙව්ලන අත් වලින් ජන්ග්කුක්ව අනිත් කීපදෙනෙක්ගේ උදව් ඇතිව වාහනෙට දාගත්තා.ලේන්සුව සාක්කුවෙන් අරන් ජන්ග්කුක් ගේ අත වටේට ඔතපු යුන්ගි එයාගේ ජැකට් එකත් ගලවලා ඒක ජන්ග්කුක්ගේ අත වටේ එතුවේ ඒක ලේන්සුවෙන් වහලා තියන්න පුළුවන් තරම් පොඩි කැපුමක් නොවුන නිසා. යුන්ගිගේ ඔලුවේ වැඩ කරෙ ජන්ග්කුක්ව පුළුවන් තරම් හොස්පිටල් එකට එක්කන් යන්න ඕන කියන එක වුනත් තමන්ට එහා ඇත්තේ වාඩිවෙලා අමාරුවෙන් ඇස් ඇරන් හිටිය ජන්ග්කුක් යුන්ගිගේ හැසිරීම නිසා ටිකක් බය වුනා.යුන්ගි හොද සිහියෙන් නෙමෙයි ඉන්නෙ කියලා ජන්ග්කුක්ට තදින්ම දැනුනා.

හ්..හියු..න්ග්..

කලබලෙන් වාහනෙ ස්ටාර්ට් කරන් ඩ්‍රයිව් කරත් ජන්ග්කුක්ගේ කටහඩට කදුලු පුරවන් ජන්ග්කුක් දිහා යුන්ගි බැලුවේ ඩ්‍රයිව් කරන එකත් කරන ගමන්.

ක්..ලබල වෙ..න්න එපා.ම්..මට අ..මාරු..න්..නෑ...

ජන්ග්කුක් කොච්චර කිව්වත් යුන්ගි පොඩි දරුවෙක් වගේ අඩන ගමන් ලගම තිබ්බ හොස්පිටල් එකට ගියා.ජන්ග්කුක්ට බෙහෙත් දාන අතරේ ජින්ට කෝල් කරලා විස්තරේ කිව්වත් යුන්ගි ජින්ලට හොස්පිටල් එන්න එපා කිව්වේ ජන්ග්කුක්ව බෙහෙත් දාපු ගමන් ගෙදර එක්කන් යන්න පුළුවන් කියලා ඩොක්ටර් කිව්වා නිසා.

.....
🌼❤️

You And IWhere stories live. Discover now