"නකජිමා සන්, කරුණාකරලා ඔයාගේ නමට ඇවිත් තියෙන පාර්සලය අදවත් අරගන්නවද?" මගේ සයිකලය කොලේජ් එකෙන් ඇතුලට දාද්දීම, මුරකවුලුවේ ඒ වෙලාවේ මුරට හිටිය යමමොථෝ-සන් එහෙම කියද්දී මම ඉක්මනින්ම හිනාවක් දාලා ආචාරකරලා තවත් වේගෙන් මගේ බයිසිකලය පෑගුවේ ඒ ප්‍රශ්නෙන් බේරෙන්න. මගේ නම නකජිමා හිරොෂි. මම ඉන්නේ යොකොහමාවල. එතකොට මම දැන් ආව තැන තමයි මම මේ ලෝකේ ඉන්න කැමතිම තැන. ඒ තමයි මගේ කොලේජ් එක. මම ඉගෙනගත්තේ, යොකොහමා වල ආර්ට් ඇන්ඩ් ඩිසයින් යුනිවර්සිටි එකේ (Yokohama University Of Art And Design). මම අවසන් වසරේ ශිෂ්‍යයෙක්. මම කැමති මංගා ආර්ටිස්ට් කෙනෙක් වෙන්න. වෘත්තීය මංගා ආර්ටිස්ට් කෙනෙක්! මම හිතනවා ඒක තමයි මට ගැලපෙන්නේ කියලා. මොකද මං හැමදාම ආස වුණේ ඒකට.
සයිකල් පාක් එකෙන් මගේ සයිකලය ගාල් කරපු මම, මගේ සයිඩ් බෑග් එක පපුව හරහා දාගන්න ගමන් කොලේජ් එක ඇතුලට දුවගෙන ගියේ සතුටින්. ඇත්තටම සතුටින් ඉන්න පුලුවන් තැනක් නම්, ඒ කොලේජ් එක තමයි. "ඔහායෝ (සුභ උදෑසනක්) නට්සූමී-කුන් .......... අදත් කෙල්ලගෙන් ගුටි කාලා වගේ නේඒඒඒඒහ්!!!!!!!!" මම පැන්න ගමන් මගේ පංතියේ හිටිය නට්සුමීගේ පිටට එකක් ගැහුවේ හිනාවෙන ගමන්. නට්සුමීගේ තොලක් පැලිලා තිබුණේ අදත් හොඳ පාරක් වැදිලා කියලා පෙන්නන ගමන්. "අයි............ පිස්සු ද නකජිමා-කුන්.., මම බයිසිකලෙන් වැටුණා.. එච්චරයි.." නට්සුමී එහෙම කියද්දී මම ඔලුව වැනුවේ හිනාවෙන ගමන්. ඊටපස්සේ මම ඉක්මනටම ඇවිදගෙන ගියේ, මගේ ලොකර් එක තිබ්බ තැනට. කොලේජ් එක ඇතුලේ මට හොඳම යාලුවෙක් කියලා කෙනෙක් හිටියේ නැහැ. මට හැමෝම යාලුවෝ. මොකද කිව්වොත් කොලේජ් එකේදී මගේ හොඳම යාලුවා තමයි චිත්‍ර. මම මගේ ලොකර් එකේ දොර ඇරියේ මට ඕනේ කරන දේවල් ටික ගන්න. ඒත් දොරේ ඇතුල් පැත්තේ තිබ්බ එකමත් එක ෆොටෝ එකකට මගේ අවධානය ලැබුනේ මටත් නොදැනුවත්වමයි.
ඒ මීට මාස දෙකකට කලින් ගත්ත ෆොටෝ එකක්. මම හිටියේ හොස්පිටල් එකේ. සුදුපාට හොස්පිටල් ඇඳුමත් එක්ක වුණත් මම හිනාවෙලා හිටියේ. හේතුව මගේ පවුලේ හැමෝම එතන හිටිය නිසා. ඒ පින්තූරයේ හිටියේ මමයි, ඔතෝ-සන්නුයි (තාත්තා), ඔකා-සන්නුයි (අම්මා). කියොෂි තමයි ෆොටෝ එක ගත්තේ. නකජිමා කියොෂි කියලා කියන්නේ මගේ වැඩිමහල් සහෝදරයා. එයා මට වඩා තත්පර විසිහතරක් වැඩිමහල්. අපි දෙන්නම එකටම එලියට ආවත්, මුලින්ම අඬලා තියෙන්නේ කියොෂි නිසා, එයා තමයි වැඩිමලා. ඒ වගේම අපි දෙන්නා සර්වසම නිවුන්නු (identical twins). ඒ පින්තූරයේ අපි හිනාවෙලා ඉන්න හේතුව මට හොදටම මතකයි. මම හිටිය ඇඳ උඩ මගේ බ්ලැන්කට් එක උඩ තිබුණ ඒ ලියුම, ෆොටෝ එකේත් හොද පැහැදිලිව පෙනුනා. කලුසුදු ෆොටෝ එකක් වුණත්, ඒ ෆොටෝ එක ඇතුලේ තිබුණේ පුදුමාකාර පාට ගොඩක්! මට හිතුනේ එහෙමයි.
YOU ARE READING
𝐃𝐞𝐚𝐫 𝐒𝐞𝐧𝐩𝐚𝐢 [𝙾𝚗𝚎𝚂𝚑𝚘𝚝] ✓
General Fiction𝐃𝐞𝐚𝐫 𝐒𝐞𝐧𝐩𝐚𝐢 ᵛᵃˡᵉⁿᵗⁱⁿᵉ'ˢ ˢᵖᵉᶜⁱᵃˡ ²⁰²² ඒ රෝසපාට කඩදහිවල තිබුණු, ඒ රෝසපාට ලියමන්, ඒ මුතුකැට වගේ අකුරු, ඒ බලිකුරුටු වගේ චිත්‍ර, මටත් නොදැනීම මගේ තොල් අතර හිනාවක් ඉපැද්දුවා කියලා දැනගන්න මම ඇයි මේ තරම් ම පරක්කුවුණේ? _නකජිමා හිරෝෂි_ ₁₄.₀₂.₂₀₂₂