AN

60 14 44
                                    

හෙලෝ චොකෝස්,

පලවෙනි වතාවට ඔන්න වැලන්ටයින් එකට කතාවක් දැම්මේ මම. මම දන්නේ නැහැ ඔයාලා මේකට කැමතිවුණාද නැත්ද කියලා නම් ඒත් ඉතිං මට ලියන්න හිතුනා. හේතුව මේකත් තවත් එකමත් එක හීනයක්. ඒ වගේම මේ කතාවේ කතා බේස් එක වෙන ignorence කියන හැඟීම මමත් ගොඩක්ම විඳින කෙනෙක් නිසා මට ඕනේ වුණා මේක ලියන්න. මොකද මට හිතුනා ඒ විදිහේ දෙයක් විඳින තවත් කෙනෙක් ඉන්නවා නම් එයාට මේ කතාව උදව්වක් වෙයි කියලා.

මේක මම 2022.01.21 දැකපු හීනයක්. සාමාන්‍යයෙන් හීනයක් දැක්කාම ඒකෙන් බේස් එක අරගෙන කතාවක් ලියන එක, එහෙම නැත්නම් හීනේ බාගෙට නම් පෙනුනේ ඒකේ තියෙන ටික සම්පූර්ණකරන එක තමයි මම කරන්නේ. ඒත් මේ හීනය නම් පුදුමාකාරයි. මොකද කිව්වොත් මේ කතාවේ තියෙන හැමදේම! ඒ කියන්නේ 100%ක්ම හීනය. අන්න ඒ නිසයි සමහර තැන් නිකං අන්දමන්ද වගේ ඇත්තේ. ලොකුවට හිතන්න එපා කතාවක ඕනේ දෙයක් වෙන්න පුලුවන්නේ.. ඉතිං.. ඒක මේ විදිහට ලිව්වාම ලස්සනට එයි කියලා හිතුනා. ඉමෝෂන්ස් දෙන්න පුලුවන් වෙයි කියලා හිතුනා. මේක BTS FF එකක් විදිහට ලියන්න හිතුනේ නැහැ. හේතුව මට එයාලාව මේකට මැවෙන්නේ නැති නිසා. ඉතිං.., මම දන්නවා ගොඩක් අය Jdrama බලන්නේ නැහැ වගේම ඒ තරම් කැමති නැහැ ඒ දේවල්වලට. ඒත් මම හිතනවා ඔයාලා කතාව රසවින්දා කියලා. (එහෙම නැති වුණත් කරන්න දෙයක් නැතෝ.)

ඉතිං මේ කතාවේ ඉන්න නකජිමා හිරෝෂි ඇයි සථෝ එමී එක්ක සම්බන්ධය පවත්වගෙන යන්නේ කියලා ඔයාලාට හිතුනා ඇති කතාව කියවද්දී. ඇත්තටම මට හිතුනා ඒ ගැන කතා කරන්නත්. මේ ලෝකේ සමහර මිනිස්සු ඉන්නවා එයාලාට ඉන්නේ හරිම ටික දෙනයි එයාලාගේ ලෝකේ ඇතුලේ. එහෙම අය එයාලා ඒ ලංකරගන්න මිනිස්සුන්ට ගොඩක් ආදරෙයි. එයාලාව ගොඩක් පරිස්සම් කරනවා. තමන්ගෙන් ඈත්වෙලා යන්න දෙන්නේ නැහැ එයාලට. ඒත්.., ගොඩක් වෙලාවට අනික් මිනිස්සු එයාලාව ගණන් ගන්නේ නැහැ. එයාලා කියන දේ අහගෙන ඉන්නේ නැහැ. මොකද එයාලාගේ ලෝකේ ගොඩක් අය ඉන්නවා. එයාලාට එක්කෙනෙක් දෙන්නෙක් එහෙම ලොකුවට විශේෂ නැහැ. එතකොට මම මේ කතාකරන වර්ගයේ මිනිස්සු තමන්ගේ දේවල් බලෙන් කියන්න යන්නේ නැහැ. එයාලා ඉවසගෙන ඉන්නවා අනික් කෙනා අහනකම්ම. කවදාහරි දවසක. ඒත්.. ඒ ඉවසීමේ සීමාවක් තියෙනවා... ගොඩක් කල් ගියාම එයාලට දැනෙනවා එයාලා කොයි තරම් නම් අනික් කෙනාගෙන් ignore වෙලාද කියලා ඉතිං ඒ වෙලාවට ගොඩක් දුක හිතෙනවා. මොකද එයාලාගේ ලෝකේ ඉන්නේ මිනිස්සු හතරදෙනායි නම් එයින් එක්කෙනෙක් එයාලාව අතෑරලා දාලා. ඉතිං... කෙනෙක්ට හිතෙයි ඕක මහලොකු දෙයක් ද? තව කෙනෙක්ව හොයාගන්නනේ තියෙන්නේ නටන්නේ නැතුව කියලා. ඒත් මම මේ කියන මිනිස්සු ජාතියට ඒක අමාරුයි. එයාලා ලංකරගන්නේ ගොඩක් අඩු පිරිසක් ඊටපස්සේ ඒ ලංකරගත්ත අයත් තමන්ට එහෙම සලකද්දී එයාලා තවත් මිනිස්සුන්ට ලංවෙන්න බයයි. ඉතිං.. හීරෝ ඉන්නේ අන්න ඒ තත්ත්වෙ කතාව පටන්ගද්දීම. එයාට එමීගේ වෙනස්කම තේරෙනවා. එයාව එමී කොයිතරම් මගාරිනවද කියලා තේරෙනවා. ඒත්.. එයාට ඕනේ නැහැ එමීට යන්න දෙන්න. එයාට ඕනේ නැහැ එමීගෙන් ඈත්වෙන්න. ඉතිං.. ඒ නිසා එයා එමී එක්කම ඉන්නවා. දවසක එමීම එයාට එමීගෙන් ඈත්වෙන්න කියලා කියනකම්.

𝐃𝐞𝐚𝐫 𝐒𝐞𝐧𝐩𝐚𝐢 [𝙾𝚗𝚎𝚂𝚑𝚘𝚝] ✓Where stories live. Discover now