💘 Chapter 03💘

67 13 24
                                    

At the Kim House

ටේහ්‍යුන්ගෙයි ජින්ගෙ අලුත්ම ටොම් ඇන්ඩ් ජෙරී වර්ශන් එක ඉවර වුනේ කොහොමහරි ටේහ්‍යුන්ට ජින් ටිකට් නැත්ව රැප් විතරක් තියෙන කොන්සට් එකක් නොමිලේම පෙන්නුවා.

ජින්ගෙන් කොයිතරම් බැනුම් ඇහුවත් ටේහ්‍යුන්නම් ගෙදරින් එලියට බැස්සෙවත් නෑ.ජින්ගෙ පස්සෙන්ම තමා හිටියෙ .කවුද දන්නෙ ඉතින් ඇයි කියලා.

"මොකද හ්‍යුන් ජින් හ්‍යුන්ගෙ පස්සෙන්ම කැරකෙන්නෙ හරියට සකබඹරෙ වගේ.🤣🤣🤣🤣 "

ඒ දිහා බලන් ඉන්න බැරිම තැන ජන්කුක් එහෙම කිව්වෙ තමන්ගෙ ෆෝන් එකෙන් ඇස් අහකට ගන්න ගමන්.ටේහ්‍යුන් මොනාහරි කියන්න කට හැදුවත් ඒ වෙලාවෙ පුංචි ශේයා උඩ ඉදන් ආව හින්දා කොල්ලා කියන්න ගිය දේ නැවැත්තුවා .

"ශේයා අපි නර්සරි යන් නේද ? ටේ සම්චොන් ඔයාව එක්කන් යන්න."

"හලී.මන් බෑග් එක අලල් එල්ලම්."

ශේයා එහෙම කියලා දුවන්න හැදුවත් ආයෙ කටේ ඇගිල්ලකුත් ගහන් ටේහ්‍යුන් දිහා බැලුවෙ කෙල්ලට මේ දැන් මොකක් හරි මතක් වුනා වගේ.ශේයා එහෙම බලද්දි ටේහ්‍යුන් ශේයා ලගට ගියා.ඒ වෙලාවෙ ශේයා කිව්ව දේ නිසා කිචන් එකේ හිටිය ජින් ටේහ්‍යුන් දිහා බැලුවෙ හරියට මේ මනුස්සයට මොන ලෙඩක් හැදිලද කියලා කියන්න වගේ.

" ටේ සම්චොන්.අද මගෙ බාබි චීත එල්ලෙ ලෑ කිව්වලේ.එතෝත ශේයා චොකෝ අලල් දෙල්ලෙ නැද්ද සම්චොන් අද."

"අයියෝ එයා එන්නෙ නැද්ද ? අපරාදෙ.මන් අද අලුතින්ම ගත්ත ඇදුමකුත් ඇන්දා."

ශේයා එහෙම කිව්වට පස්සෙ ටේහ්‍යුන් ඒකට දුන්න උත්තරේත් එක්ක පැත්තකට වෙලා ෆෝන් එක ඔබ ඔබ හිටියෙ ජන්කුක්ට බකස් ගාලා හිනා ගියා.ජින් කොල්ලා දිහා රවල බැලුව නිසා ජන්කුක් හිනාව නවත්ත ගත්තා.

"මොකක්ද ඒ කතාවෙ තේරුම ආ."

"මුකුත් නෑ හ්‍යුන් .මේ මුකුත් නෑ.අපි දැන් යමු නේද ශේයා නර්සරි ."

ජින් අත දෙකත් බැදගෙන එහෙම අහද්දි ටේහ්‍යුන් හිමීට මාරු වෙලා යන්න හැදුවෙ.ඒත් ශේයා ටේගේ අතේ එල්ලුන හින්දා කොල්ලට යන්න බැරි වුනා.

💘𝑪𝒓𝒂𝒛𝒚 𝒍𝒐𝒗𝒆𝒓𝒔 (ON HOLD)Where stories live. Discover now