💘 Chapter 05💘

66 16 13
                                    

Rechal' s pro

"මේ මිස්ටර් ඔයාගෙ නම මොකක්ද ? "

මේ කෙනා දකිද්දි ගොඩක් හුරුපුරුදු කමක් දැනෙන නිසාමයි මන් එයා එක්ක කතා කරේ .නිකමට වගේ ඉතින් නම ඇහුවා.නම ඇහුවා විතරයි මෙයා මන් දිහා හෙන අමුතු විදිහටනෙ බැලුවෙ.

"නම කියන්න අකමැතිනම් කමක් නෑ ඉතින් .නිකමටනේ ඇහුවෙ මම.කේන්ති ගන්න එපා ඉතින් අකමැතිනම් කමක් නෑ ඉතින් නම කියන්න එපා."

මම එහෙම කියද්දි මාත් එක්ක ආව කෙනා මන් දිහා හරියට බලන් හිටියෙ නිකන් කන්න වගේ.

"මේ හලෝ මගෙ නම දැනගෙන මොනාකරන්නද ? "

"නෑ මේ මන් එහෙම ඇහුවෙ ඔයා "

"මන් හොට් කොල්ලෙක් නිසාද ? හැන්ඩි කොල්ලෙක් දැක්කම නම අහන එක පුරුද්දක්ද ඔයාගෙ ."

"මොකක්ද ? නෑ එහෙම නෙමේ.මන් ඇහුවෙ "

"එහෙම නෙමේනම් මොකක්ද මැඩම්.කොච්චරටම මගෙ නම දැන ගන්න ඕනෙ ඇයි ? "

මේ කෙනා ඒකනම් ඇහුවෙ මගෙ මූණටම එබිලා.තව ටිකක් ලන්වුනානන් මගෙ first kiss  එකත් ගන්න පුලුවන් .කමක් නෑ ඉතින් .ඒක මේ වගේ කොල්ලෙක්ට දුන්නට මොකද වෙන්නෙ.කිස් දෙන්න.මොනාද ඇත්තටම මම හිතන්නෙ.මගෙ ළමා මනස දූෂනය වෙලා.මන් හිටිය මනෝ ලෝකෙන් එලියට ආවෙ මෙයාගෙ ඇස් දෙක දැකල තමා. අම්මෝ බලපු බැල්මට වචන මතක් වෙන්නෙත් නෑ මට.

"මොකද මැඩම් ඔයාගෙ කම්මුල් රතු වෙලා."

එයා ඒකනම් ඇහුවෙ හෙන චාටර් හිනාවක් දාලා.ශුවර් එකට තේරෙන්න ඇති මන් එයා දිහා කන්න වගේ බලන් හිටිය කියලා.ලැජ්ජාවෙ බෑ.

"බයි ද වේ අයිම් ජන්කුක් .ජෝන් ජන්කුක් .දැන් නම දැන ගත්තනේ.දැන්වත් එනවද යන්න.මට පාරවල් ගයිඩ් කරනවට වඩා වෙන වැඩ තියෙනවා ."

එයා එහෙම කියලා ආයෙත් ඉස්සරහට හැරිලා යන්න පටන් ගත්තා.ජෝන් ජන්කුක් .ඇත්තටම මේ නම අහල පුරුදුයි වගේනේ.කොහෙදිහරි ඇහිලා තියෙනවා .

"මේ හලෝ පිළිමෙ වගේ හිටන් ඉන්නෙ නැතුව එනවා."

ජන්කුක් කියන කෙන ඉස්සරහ ඉදන් නැවතිලා එහෙම කියද්දි අනිත් මිනිස්සුත් මන් දිහා හැරිලා බැලුවා.අද දවසනම් මහ එපාම කරපු දවසක්.ලැජ්ජ වුන එකමනෙ වුනේ.තවත් මෙතනට වෙලා හිටගෙන හිටියොත් ජන්කුක් තව මොනාහරි කියන් කියන බය හින්දම මාත් ඉතින් සොනික් වගේ එතනට දිව්වා.අනිවාර්යයෙන් මිනිස්සු හිතනවා ඇති මට පිස්සු කියලා.මටම සැකයි මන් කොහොම ඩොක්ටර් කෙනෙක් වුනාද කියන එක.

💘𝑪𝒓𝒂𝒛𝒚 𝒍𝒐𝒗𝒆𝒓𝒔 (ON HOLD)Where stories live. Discover now