Jungkook's Sister🌸

329 81 8
                                    

"ආදරේ කියන්නේ සෙක්ස් විතරක් නෙමෙයි කුක්.ඒක ගොඩාක් දේවල් වල එකතුවක්.හරි කෙනා හම්බුනාම ඒ හැමදේම අපිට විදින්න පුලුවන්.හැමදේම.ඔයා ජීවත් වෙලා තියෙන්නේ එවුන් වූ මවලා දීපු ලෝකේ..ඒ ලෝකේ ආදරේ නෙමෙයි.ඒ රැවටීම..දැන් වුන දේ වුනා.ඉස්සරහට කරන දේවල් හරියට කරන්න..හරිද?"

මම ජන්ග්කුක්ගේ ඔලුව අතගාලා කියද්දි කොල්ලා ඔලුව වැනුවා.එයා දුකින් ඇත්තේ.ඒත් එයා මේවට මූණ දෙන්න ඕන..කොච්චර දුක වුනත් දරාගන්න ඕන.ඉවසන්න ඕන.මම ජන්ග්කුක්ව එයාගේ හොස්ටල් එකෙන් ඇරලුවේ පුලුවන් තරම් හිත හදලා.මම ගෙදර යද්දි හට්සුකොයි සැටිය උඩ නිදි.මම එයා ලගට ගිහින් එයාව හිමිට අතගාද්දි එයා ඔලුව උස්සලා මං දිහා බලලා ආයේ නිදා ගත්තා.එයා මාව අදුරගත්ත නිසා වෙන්න ඇති කලබල නොවුනේ..ස්තූතියි හට්සුකොයි..ඔයා නිසයි ජන්ග්කුක්ව මට හම්බුනේ..

.....

සති දෙකක් ගෙවිලා ගියා.මම වැඩ කර කර ඉද්දි නම්ජුන් මට කතා කරේ එයාලා හෙට එන නිසා එයාලව ගන්න එයාපොර්ට් එකට එන්න කියන්න.ඒ කෝල් එක කට් කරද්දිම වගේ ජන්ග්කුක් මට කෝල් කරා..කොල්ලට ලෙක්චර්ස් නැද්ද මන්දා.මම කුතුහලෙන් ෆෝන් එක ආන්සර් කරේ ජන්ග්කුක් කියටවත් මේ වෙලාවට මට කෝල් නොකරන නිසා.

"හියුන්ග්..වැඩක්ද?"

"නෑ කුක්..ඇයි කියන්න?"

"හියුන්ග්..මට හියුන්ග් එක්ක කතා කරන්න ඕන.මගෙ හිත ටිකක් කලබලයි.."

"හ්ම්.මම එන්නම් ඔයාව ගන්න.."

මම කෝල් එක කට් කරලා ජැකට් එකයි මාස්ක් එකයි දාන් ස්ටූඩියෝ එකෙන් එළියට ආවා.පැය භාගෙකින් පස්සේ මම හිටියේ ජන්ග්කුක්ගේ යුනිවසිටි එක ඉස්සරහ.කොල්ලා ගේට් එක ගාව ඉදන් මාව දැකලා ඇවිත් ඉක්මනට වාහනේට නැග්ගා.

මම බීච් එකට නොයා කැෆේ එකකට ආවා.මේ මහ දවල් බීච් ගියොත් පිච්චෙන්න තමා වෙන්නේ...ඕඩර් එක ලැබෙනකන් අපි දෙන්නා මුකුත් කතා කරේ නෑ.හැබැයි ජන්ග්කුක් නම් නිතරම ෆෝන් එක බල බල හිටියේ.

"කුක් මොකො වුනේ..ඔයා කලබලෙන් වගේ ඇයි ඒ?"

"හියුන්ග්..නූනා හෙට ජැපැන් එනවාලු.අප්පා කලින් මට කිව්වේ එයාව ගිහින් හම්බෙන්න කියලා විතරනේ.."

You And IWhere stories live. Discover now