1.Hot Boy

1.1K 153 8
                                    

" ඕහ්....අන්න Jk එනවා......"
" ඕහ්...එයා ඊයෙටත් වඩා අද හැන්ඩ්සම් වෙලාද මන්දා"
" මට පිස්සු වගේ.එයා කොහොමද මෙච්චර හොට් වෙන්නෙ?"

කලිසම් සාක්කු දෙකට අත් දෙකත් දාගෙන කොරිඩෝ එක දිගේ සෙල්ලක්කාර ගමනකන් ඇවිදන් ආපු කඩවසම් කොල්ලා දිහා බලාගෙන පාර දෙපැත්තෙ හිටපු කෙල්ලො කියපු පිස්සු කතා ගොඩයි.

ඒත් ඒ එක කතාවක්වත් කොල්ලාට නෑහුනා නෙවෙයි.කට කොනට හිනාවක් අරන් එතන හිටපු කෙල්ලෙක්ට ඇහැකුත් ගහලා කොල්ලා ලෙක්චර් හෝල් එක ඇතුලට ගියෙ ඒ කෙල්ල පපුවට අත තියන් බලන් ඉන්නකොට.

" අද පරක්කුයි."

" නෑ අද ඔයා කලින්."
හෝල් එකේ පිටිපස්සෙම පෝළිමක හිටපු Jkට නොදෙවෙනි තවත් කඩවසම් කොල්ලෙක් එයාට එහෙම කිව්වෙ අතේ තිබුණ ෆෝන් එක දිහා බලාගෙන මයි.

" අදත් නිදාගන්නද හදන්නෙ?"
පුටුවෙන් ඉඳගෙන කකුල් දෙක ඩෙස් එක උඩට ගත්ත Jk අත් දෙකත් පපුවට තියලා බැඳගෙන ඇස් පියා ගත්තෙ සුපුරුදු පරිදි පීරීයඩ් එක මේ විදිහටම ගෙවලා දාන්න.

" මට නෝට් ලියලා දෙන්න ඕන තරම් කට්ටිය ඉන්නවා.එහෙම එකේ මං බොරුවට මහන්සි වෙන්නෙ මොකටද?"
ඇස් පියාගෙනම එහෙම කියපු Jk දිහා කට ඇද කරපු කොල්ලා ආයෙම ෆෝන් එක ඔබන්න ගත්තෙ මේකාව හදන්න බෑ කියලා හිතන ගමනුයි.ඒ වගේම Jk ඒ අදහස් කරේ කවුරු ගැනද කියලත් කොල්ලා හොඳාකාරවම දන්නවා.

දෙන්නාට ගාණක් නැති වුණත් හෝල් එකේ අනිත් අයගෙ නම් ඇස් තිබුණෙම මේ දෙන්නා ගාවමයි.ඉතින් Jkගෙ නෝට්ස් ගැන බය වෙන්න දෙයක් එයාට නැති වෙන්න පුළුවන්.

" මේ හියුන්ග්.සෝයන්ග් නූනා කතා කරාද?නැත්තන් තාමත් වලිද?"

" නෑ.මට එයාව හම්බවෙන්න එන්නත් එපා කිව්වා.මම දාන මැසේජ් වලටවත් රිප්ලයි එකක් නෑ."
තොල් දෙක හපාගෙන හිනාව කාගෙන හිටපු Jk බලන් හිටියෙ කොල්ලාගෙ මූණ පිම්බිලා දෙපැත්තට යන කම්මුල් දිහා.

" එයාගෙ පූසා නැති කරපු නිසා නූනා, හියුන්ග්ට මේ දෙන දඩුවම නම් ලොකු වැඩියි තමයි...!"
උඩ මට පහළට ඔළුව වන වන ' ඇත්ත ' කියන්න වගේ ඔළුව වනනකොට කොල්ලා කිව්වෙ,

Red Lilies | 𝖩𝖩𝖪 | ✔️Where stories live. Discover now