" යාහ්...ඔප්පා....! ඔයාගෙ යුනිවර්සිටි එක මහ කුණු ගොඩක්....!"
" ආහ්..මින්ජි-යා කෑගහන්න එපා.මම මෙතන ලොකු වැඩක්.
ඔයාව එක්කන් ආවට මට ගහන්න ඕනෙ..."
යුනිවර්ස්ටි එක භාර ඩීන් ගෙ එකම නංගි වුණ මින්ජි ඔෆිස් එකේ ඉදන් එහාට මෙහාට ඇවිද ඇවිද කෑගහන්න ගත්තෙ හරියට පොඩි ළමයෙක් වගේ.මිස්ටර් කිම් එහෙම කියලා ආයෙ මේසෙ උඩ තිබ්බ ලැප් එක දිහාට ඇස් හරව ගත්තෙ මෙහෙම කෑගහන එක මින්ජිගෙ පුරුද්ද කියලා දන්න නිසා.
" ඔයාට මාව ඇහෙන් නැද්ද ඔප්පා..?මේ යුනිවර්සිටි එකත් කුණු ගොඩක්.මෙහෙ ඉන්න ළමයිනුත් කුණු ගොඩක්....!"
" ආහ්..මින්ජි-යා ඇයි ඔයා එහෙම කියන්නෙ?"
ආයෙ මින්ජිගෙ කතාවට ඇහුම්කන් දීපු ඩීන් දාගෙන හිටපු කණ්ණාඩි දෙකත් ගලවලා මේසෙ උඩින් තියලා ආයෙම කෑ ගහහ හිටපු මින්ජි දිහා හැරුණා.මිස්ටර් කිම්ගෙ ප්රශ්නෙන් එයා ගොළු වුණේ වොෂ්රූම් එකේ සිද්ධිය ගැන මතක් වුණ නිසා.ඒත් මින්ජි ඩීන් එක්ක මෙච්චර කෑගහ ගන්නත් හේතුව ඒකම තමයි.
" නෑ....මොකුත් නෑ....ඒකට හේතුවක් නෑ."
" ආහ්...එහෙමද?...."
එක තැනම හිටගෙන ඉන්න මින්ජි දිහා ඇස් චූටි කරලා බලපු ඩීන් ඊළඟට කිව්වෙ නම් මින්ජි හීනෙකින්වත් හිතපු දෙයක් නෙවෙයි." මේ යුනිවර්සිටි එකට මාරු වුණොත් එහෙම කොහොමද මින්ජි-යා? එතකොට ඔයාට මේක කුණු ගොඩක්ද කියලා දැනගන්නත් පුළුවන්,මට මේ යුනිවර්සිටි එක ඇතුලෙ මම නොදැන වෙන දේවලුත් මට දැනගන්න පුළුවන්.......මොකද කියන්නෙ?"
" යා....හ් මට බෑ.මම ඉන්න යුනිවර්සිටි එක මට හොඳයි.ආයෙ කොහෙවත් යන්න මට උවමනා වක් නෑ."
" ඔමොනිත් අනිවාරෙන් කැමති වෙයි.එයා කොහොමත් කැමති නෑනෙ ඔයා සෝල් යුනිවර්සිටි එකකට යනවට.දුර වැඩි නිසා.
එහෙනම් හෙට ඉදන් ජන්වොන් යුනිවර්සිටි එකට එන්න ලෑස්ති වෙන්න මින්ජි-යා.....!"
" යා...හ් මිස්ටර් කිම් සොක් ජින්.....තමුන් අද ගෙදර ගිහින් ඉවරයි.එනවකො....මම බලාගන්නම්...!"
තමන්ගෙ ඔප්පාගෙ තීරණේට විරුද්ධ වෙන්න බැරි නිසා කෙල්ල සෝෆා එක උඩ තිබුණ බෑග් එකත් අරගෙන ජින්ට තර්ජනේ කරලා ඩීන් ඔෆිස් එකෙන් එළියට ආවෙ තරහින්.
YOU ARE READING
Red Lilies | 𝖩𝖩𝖪 | ✔️
Fanfic' මම නොදැනුවත්ම ඒ ගතිගුණ වලට ආදරේ කරත් ගිනි රතු පාට ලිලී මල් එයාගෙ නමින් මගෙ පෙනහළු වල පිපුණෙ මම දැනුවත්වමයි...' ▪ Completed On 2022-04-25