7.Don't Get Sick

465 109 13
                                    

" මට සමාවෙන්න ජන්කුක්...මට වෙන කරන්න දෙයක් නෑ...!"
කෙල්ල අඬ අඬාම ශවර් එක යට පහළ රූටලා ගිහින් බිම ඉඳගත්තෙ ලොකු වේදනාවකින්.

ගොඩක් වෙලා ශවර් එක යට තෙමි තෙමී හිටපු නිසා කෙල්ලව වෙව්ලන්න ගත්තත් කෙල්ලගෙ ඔමොනි දොරට ගහනවා ඇහුණ නිසා කෙල්ල ඉක්මනට තෙත ඇඳුම් ගලවලා දාලා ටවල් එක විතරක් ඇඳගෙන ගිහින් දොර ඇරියා.

" අයිගෝ..මින්ජි-යා මේ මොකද?"
ඔමොනි එහෙම කියනකොට මොකුත් නොකියපු මින්ජි ඔමොනිට රූම් එක ඇතුළට එන්න දොර ගාවින් අයින් වුණා.

" ඇයි ඔම්මා..? හදිස්සියක්ද?"

" ටේහියුන්ගෙ හැල්මොනි එයාලගෙ ගෙදර ඇවිත්.හැල්මොනි කියනවලු එයාගෙ වෙන්න ඉන්න මිණිපිරීව බලන්න ඕනෙ කියලා.ඉතින් මින්ජි-යා ඔයාට දවස් දෙක තුනක් එහෙ නවතින්න වෙයි..."

ඔමොනි කියනකොට කෙල්ල උඩ ගියා.කෙල්ල කොහොමටවත් බලාපොරොත්තු නොවුණ දෙයක් නිසා ඔමොනිත් වැඩිය කෙල්ලට බල කරන්න ගියෙ නෑ.

" එහෙම කමක් නැද්ද ඔම්මා..?"
කෙල්ල ඇහුවෙ ටේහියුන්ගෙ හැල්මොනිට එයා නාවොත් දුක හිතෙයි කියලා.ඔමොනි හිනා වෙලා එහෙම ප්‍රශ්නයක් නෑ කිව්වෙ හරි සතුටින්.ඔමොනි කෙල්ලට ඇඳුම් ලෑස්ති කරගන්න කියලා පහළට ගියෙ කෙල්ල ආයෙත් රූම් එකේ තනිවෙනකොට.

" මට පුළුවන් වෙයිද?..."
කෙල්ල එහෙම හිතන ගමන් ඇඳුම් පැක් කරේ තියන ප්‍රශ්න සේරම අමතක කරලා දාලා හැල්මොනිගෙ සතුට ගැන විතරක් හිතලා.මොකද කෙල්ල හැල්මොනිට ආදරෙයි.

කෙල්ල ඩ්‍රයිවර් කෙනෙක් එක්ක ටේහියුන්ගෙ ගෙදරට ඇවිත් බැස්සා.ටේහියුන්ගෙ ඔමොනි අවිත් කෙල්ලව පිළිගත්තෙ ලොකු හිනාවකුත් එක්ක.ඉතින් එතන හැල්මොනිත් හිටියා.

" මේ ඉන්නෙ මගෙ ලස්සන කෙල්ල..."
" යමු ඇතුලට..... "

" මින්ජි නෝනාගෙ බෑග් එක රූම් එකෙන් ගිහින් තියන්න."
හැල්මොනි එහෙම කියලා කෙල්ලව ගේ ඇතුලට එක්කන් ගියෙ ඒ වැඩකාරයාට එහෙම කියලා.

" එහෙනම් අත්තම්මයි මිණිපිරියි කතා කර කර ඉන්න.මම සර්වන්ට් කෙනෙක් එක්ක බොන්න මොනවා හරි හදාගෙන එන්නම්..."

Red Lilies | 𝖩𝖩𝖪 | ✔️Where stories live. Discover now