👻 Chapter 12 👻

244 60 20
                                    

අපි දෙන්නගෙ මිනී දෙක ලේ විලක්
මැද්දෙ වැටිලා තිබුනත් ඒක කවුරුත්ම දැනන් හිටියේ නැහැ. පාලු නගරෙක... පාලු පාරක... පාලු බිල්ඩින්ග් එකක් ලග... ලේ විලක තිබුනු අපේ මිනී දෙක ඒ පාලුවේම දිරලා ගියත් කවුරුවත්ම දන්නෙ නැහැ. ඒත් තාම අපි දෙන්නගෙ ආත්ම දෙක එකටම ඉන්නවා......

ආහා... දෙන්නගෙ නෙමේ තුන්දෙනාගෙම ආත්ම.

රිතූ... සෙනූ... මම...

අපි තුන්දෙනාම දැන් ශරීරයක් නැති ආත්ම විතරයි.....

අපිව මැරුව එකට සෙනූ ගොඩාක් පසුතැවෙනවා වගේම එයාටම වෛර කරනවා. සෙනූ ගෙ ආත්මය හැම වෙලේම හැම මොහොතකම කලේ රිතූ ගෙ ආත්මෙන් වගේම මගේ ආත්මෙන් සමාව ඉල්ලන එක....

ඒ ඇයි කිව්වොත් එයා දැන ගත්තා එයාව මැරුවෙ අපි නෙමේ කියලා. ඒත් ඒ අපි තුන්දෙනාගෙම මරණෙට වරදකරු තාම නිදහසේ නිදැල්ලෙ ඉන්නවා....

අපේ හිත් වල ඒ කෙනා ගැන වෛරයක් වගේම පලිගැනීමක් කිව්වොත්... මේක පලිගැනීමක් කියන්නත් බැහැ වැරදි කරුට දඩුවම් කිරීමක් වෙන්නත් තියෙනවා.....

අපි අද ඉඳන් ඒ කෙනාගෙන් පලිගන්න පටන් ගන්නවා...

අනේ මට සමාවෙන්න වැරදි විදිහට හිතාගෙන ඉඳලා ඔයාලා දෙන්නගෙ අහිංසක ජීවිත නැති කලාට මන් ඒ ගැන ගොඩාක් පසු තැවෙනවා.

ඒක දැන් වෙලා ඉවරයි. අපි දැන් කොහොම හරි මේකට වග කියන්න ඕන කෙනාව හොයා ගමු. ඒක තමා අපිට නිදහසේ තවත් ශරීරයකට යන්න පුළුවන් එකම විදිහ

ඔව් ඒක ඇත්ත
.
.
.
.
.
.
.
.
.
.

ඒ කෙල්ලව මැරුවෙ අපියි කියලා කවුරු දැන ගන්නද හහ්....

ඒත් බොස්... අපි මේ ගෙදරට එන එක හරි නෑ නේද බොස්. මේකේ ඒ කෙල්ල හොල්මන් කරනවා කියනවා

හහ්... උබ එච්චරටම බයද හොල්මන් වලට ආ...  ඇරත් හොල්මන් කෙල්ලෙක්ට...

ඒත් බොස් මේ ගෙදර හිටපු අනිත් කෙල්ලො දෙන්නා...

හහ්... ඒ කෙල්ලො දෙන්නගෙ මිනී අර පාලු නගරෙන් හම්බවෙලා. අපිට කිසි මහන්සියක් නැතුව අපිට හිටිය ඊලග බාදා දෙකත් අයින් වෙලා. ඉතිං දැන් තියෙන්නෙ මේ ගෙදරින් ප්‍රයෝජන ගන්න එකයි. තමුසෙට තේරුනානේ

THE GHOST HOUSE | Completed |Where stories live. Discover now