🙂Namjin

307 77 6
                                    

Author's pov......

ජන්ග්කුක් එයාගේ නූනා එක්ක ගෙදරට ගියත් එයා වාහනෙන් බැහැලා ගේ දිහා කලකීරීමෙන් බලන් හිටියා.මාස තුනක් එයා හිටිය ගෙදරටම නන්නාදුන කෙනෙක් විදිහට එයාට යන්න වෙලා..

"ජන්ග්කුක් මෙහෙ එනවා..මොකො ඔතන කරන්නේ?"

නූනාගේ කටහඩට ජන්ග්කුක් හරි සිහියට ඇවිත් ඔලුව වනලා එයාගේ නූනායි පරණ ආදරවන්තයායි පිටිපස්සෙන් ගියා.

"සෝයූන් ඔයා රූම් එකට යන්න.මම ජන්ග්කුක්ට එයාගේ රූම් එක පෙන්නලා එන්නම්."

"හරි ලව්..ඉක්මනට එන්න.."

නූනා ගිය ගමන් එවුන් වූ ජන්ග්කුක්ට එයාගේ පස්සෙන් එන්න කියලා සන් කරා..පඩිපෙළ නැගලා උඩ තට්ටුවේ කෙළවරේ තිබ්බ රූම් එක ජන්ග්කුක්ට පෙන්නුවාම එයා මුකුත් නොකියා එයාගේ බෑග් එකත් අරන් කාමරේ ඇතුලට ගිහින් දොර වහන්න යද්දිම කකුලක් හරස් වුන නිසා ජන්ග්කුක් ආයේ දොර ඇරියා.

"හ්..හියුන්ග්?"

එවුන් වූ මුකුත් නොකියා කාමරේට ඇවිත් කාමරේ දොර ලොක් කරාම ජන්ග්කුක් එවුන් වූ හිටිය තැනින් ටිකක් ඈත් වුනා.

"ඔයා දන්නවද මේ රූම් එක Soundproof.මොන දේ වුනත් ඇහෙන්නේ නෑ..."

එවුන් වූ කියපු දේට ජන්ග්කුක්ගේ ඇස් ලොකු වුනා.එවුන් වූ කිව්ව දේ තේරුම් ගන්න ජන්ග්කුක්ට බැරි වුනේ නෑ.

"ඉතින්...මොනාද මේ දවස් ටිකේ කරේ?"

එවුන් වූ ටික ටික ජන්ග්කුක් ලගට එද්දි ජන්ග්කුක් අඩියෙන් අඩිය පිටිපස්සට ගියා.

"කවුරුහරි හම්බුනාද ආදරේ කරන්න...ම්ම්ම්?"

"හ්..හියුන්ග්..?"

"මම හිතුවේ වෙඩින් එකට එයි කියලා ඔයා.ඇයි ආවේ නැත්තේ?අපාරාදේ ආවානම් වෙඩින් එකට කලින් දවසේ මාව සතුටු කරන්න තිබ්බනේ.."

"හ්..හියුන්ග් මම ඒ..ඒ...වගේ කෙනෙක් නෙමෙයි..අ..අනික ඔයා දැන් මැ..මැරීඩ්..ඉ..ඉතින් මා...ත් එක්ක කතා කරන්න ඕන න්..නෑ ඉස්සර වගේ..."

"ඔහෝ...මේ කලින් මට ආදරේ කරපු කොල්ලාමද?මම සෝයූන්ට ආදරෙයි..ඒත් මම ආසයි ඔයාවත් මගේ ලගින් තියාගන්න..."

You And IWhere stories live. Discover now