😵He is handsome

313 81 4
                                    

වැඩ ඉවර වුනාම මම වේලාසනින් ගෙදර ගියේ හවසට ජන්ග්කුක්ව ගන්න යන්න ඕනි නිසා.ගෙදර ගිහින් පොඩි නැප් එකක් දාලා ඊට පස්සේ ඇදුම් මාරු කරන් ජන්ග්කුක් ලොකේශන් දාපු නිසා මම ගෙදරින් පිටත් වුනා..හිතට හරි අමුතුයි වගේ..ජින් හියුන්ග්ලා මගේ නම කැත කරේ නැත්තන් ලොකු දෙයක් ජන්ග්කුක් ඉස්සරහ.

Author's pov...

ජන්ග්කුක් උදේ යුනිවසිටි යද්දි එයාගේ වාසනාවට එවුන් වූ හිටියේ නෑ..නූනාත් වැඩිය කතා බහක් නැති නිසා ජන්ග්කුක්ට සැහැල්ලුවක් දැනුනා.ජන්ග්කුක් ගෙදර එද්දි වෙනදට වඩා පරක්කු වුනත් එයා ඇවිත් ජින්ලගේ ගෙදර යන්න ලෑස්ති වෙන්න පටන් ගත්තා..ඇදුම් කීපයක් තෝරලා ගත්තත් ජන්ග්කුක්ගේ හිත කිව්වේ සැහැල්ලු ඇදුමක් අදින්න කියලා.මොකද යුන්ගි කියන්නේ සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක්.ඉතින් එයාගෙ යාලුවොත් අනිවාරෙන්ම එයා වගේ ඇති කියන සිතුවිල්ල ජන්ග්කුක්ට ඇතිවුනා.ඒ නිසාම ජන්ග්කුක් සුදු පාට දුහුල් ශර්ට් එක ලා නිල් පාට ඩෙනිමට යට කරලා ඇදලා එයා හැමතැනම දාන කලු පාට ශූස් දෙක දාගත්තා.සයිඩ් බෑග් එක අරන් එකට වොලට් එක දාගෙන ජන්ග්කුක් ඇදට වෙලා හිටියේ යුන්ගි එනකන්.

පැය භාගෙකට පස්සේ යුන්ගිගෙන් මැසෙජ් එකක් ආව නිසා ජන්ග්කුක් මූන හිනාවකින් පුරවන් කාමරෙන් එළියට ගියා.පඩිපෙළ බහින්න යද්දිම දැකපු දේ නිසා ජන්ග්කුක්ගේ ලස්සන හිනාව අතුරුදහන් වෙලාම ගියා.

ලිවින්ග් රූම් එකේ සැටියේ වාඩි වෙලා කිස් කර කර ඉන්න නිව් මැරීඩ් කපල් එක දැක්කම ජන්ග්කුක්ගේ ඇස් වලට කදුලු පිරෙන්න වැඩි වෙලා ගියේ නෑ.ඔය පුටුවේම කලින් එවුන් වූ ඔය වගේ ජන්ග්කුක්වත් කිස් කරා නේද කියලා ජන්ග්කුක්ට මතක් වෙන්න ගත්‍තා.වුනු දේ වුනා කියලා හිතලා ජන්ග්කුක් පඩිපෙල බැහැලා සද්දයක් නොකරම යන්න ගියත් එවුන් වූගේ කටහඩ නිසා එයා නැවතුවා.

"ජන්ග්කුක් කොහෙද යන්නේ..කියන්නේත් නැතුව.."

එවුන් වූ අහද්දි සෝයූන් එවුන් වූගේ උකුලෙන් නැගිටලා ජන්ග්කුක් ගාවට ආවා.

"කොහෙද මේ කලුවර වැටෙන්න් ඔන්න මෙන්න තියෙද්දි යන්නේ ජන්ග්කුක්."

You And IWhere stories live. Discover now