Is it love?🌺

320 78 6
                                    

ජන්ග්කුක් එයාගේ අතේ තිබ්බ බෑග් දෙක ජින්ට දික් කරද්දි ජින් මගේ දිහා බැලුවාම මමත් චුට්ටක් හිනා වුනා.

"අනේ පැටියෝ මේවා මොකටද?මම ඔයාව විතරයි බලාපොරොත්තු වුනේ.."

ජින් ජන්ග්කුක් ගාවට ගිහින් එයා දිපු බෑග් දෙක අරන් පුටුවෙන් තියලා ජන්ග්කුක් ව හග් කරා.

"ඔයා දන්නවද ජින් හියුන්ග්.මෙයා ඔයාට ගොඩාක් කැමතියි..."

මම කියද්දි ජින් හියුන්ග් එයාගෙන් ජන්ග්කුක්ව ඈත් කරද්දි ජන්ග්කුක් ලැජ්ජාවෙන් මූන රතු කරන් හිනා වුනා.

"ආ..ඇත්තමද?අනේ මේ හුරතල් කොල්ලා නම්..ඔන්න ළමයෝ මමත් ඔයාට කැමතියි.ඔයා ගොඩාක් හුරතල්....ස්තූතියි තෑගි වලට වගේම අපේ යුන්ගි එක්ක ඉන්නවටත්.."

ජින් හියුන්ග් කියලා ජන්ග්කුක්ව වාඩි කරවලා මං ගාවට ආවා.

"මම බොන්න මොනාහරි ගේන්නම්.ජන්ග්කුක් නේද නම...එහෙනම් ජන්ග්කුක් බය නැතුව ඉන්න.ඔයාගේ ගෙදර වගේ කියලා හිතන් ඉන්න."

ජින් හියුන්ග් ගියාට පස්සේ මම ජන්ග්කුක් දිහා බැලුවා.තාම බිම බලන්..

"ලැජ්ජා වෙන්න එපා ඔච්චර.අල්ලලා මිරිකන්න හිතෙන තරම් හුරතල් ඔයා."

මම කියද්දි එයා මගේ දිහා ඇස් ලොකු කරන් පුදුමෙන් බලන් හිටියා.ආ...ඇයි මම එහෙම කිව්වේ.ජන්ග්කුක් ඉස්සරහ මගේ කට පාලනයක් නෑනේ...

"ඔහ් කට්ටිය...සමාවෙන්න ඉස්සෙල්ලා..ඉතින් දන්නැද්ද..දෙන්නම ගෙදර ඉන්න දවස නේ..."

නම්ජුන් ඔලුවත් අත ගගා අපි ඉස්සරහින් වාඩි වුනා.

"ඔව් ඔව් මම දන්නවා ඒ ගැන නම්.."

මම කියද්දි නම්ජුන් මට රවලා ජන්ග්කුක් දිහා බලලා හිනා වුනා.

"ඉතින් ඔයාගේ නම මොකක්ද මට යුන්ගි කිව්වා ජන්ග්කුක් කියලා...මම නම්ජුන්..කිම් නම්ජුන්..ඔයා මට ජුන් හියුන්ග් කියනවා නම් මම ආසයි ...."

ජුන්ගේ කතාවට මට හිනා යන්න ආවත් මම කට වහන් හිටියා.ඔව් ඉතින් ජුන්ට හියුන්ග් කියන්න කෙනෙක් නෑනේ එයා හැමෝටම හියුන්ග් කියනවා මිසක්..

You And IWhere stories live. Discover now