නෙත් කොනට කදුලක උනුසුම දැනෙන කොට සාරා අවසාන වතාවට ගුවන් යානාවේ කවුලුවෙන් ආදරනීය මව්බිම දිහා බැලුවා... සාරාට දුකයි....මේ සාරා ඉපදුන රට...ජීවිතේ ඉගෙන ගත්ත රට...හරි වැරදි මතින් දුක සතුට මතින් සාරාට ජීවිතේ කියලා දුන්න රට.... හැමදේටම වඩා සාරාට ජීවිතේ වටිනම තෑග්ග දුන්න රට... ඉතින් සාරා පොරොන්දු වුනා.. ටිකෙන් ටික දුරස් වෙන මව් බිම දිහා බොදවුන ඇස් වලින් බලාගෙන සාරා පොරොන්දු වුනා...
ඉක්මනින් ම ආපහු එනවා....කියලා...
සාරා එන්නම ඕන...ජන්කුක් වෙනුවෙන්..ජන්කුක් ගේ නමින් සාරාගේ කුසේ පන ගැහෙන පුංචි ජීවිතේ වෙනුවන්... සාරා ආපහු එන්නම ඕන... ඒත්.... දැන්ම නෙවෙයි!!!!
කාලය ආවාම...හෙට තමයි ජන්කුක් ආපහු හන්ගුක් වලට එන්නේ...සාරා බලාපොරොත්තු වුන විදියටම ජන්කුක් ආපහු එන්න කලින් සාරා යන්න යනවා..... ආදරේ සුන්දර වසන්ත සෘතුව වෙනුවෙන් කටුක ගිම්හානය දරා ගන්න සාරා ලෑස්තියි....
සාරාට විශ්වාසයි, ඉරිතැලුන දුක පිරුන තුන් හිතම නිවාගෙන වසන්තය එනවා ඒක සත්තයි!!!!නෙත් කෙවෙනි තුලට දුකට නොව සතුටට කදුලු එන දිනය වැඩි ඈතක නෙවෙයි..... අවශ්‍ය වෙන්නේ දරාගැනීම විතරමයි.....
ඉතින් ආයුබෝවන්!!! ආදරනීය මව්බිම.....
අවසාන වතාවට වලාකුළු අතරින් පේන මව්බිම දිහා බලාගෙන මුමුනපු සාරා ඇස් දෙක තද කරලා පියා ගෙන ෂීට් එකට ඔලුව හේත්තු කරගත්තා ... ඉතින් සාරා යන්න යනවා....සාරා ඇත්තටම යන්න යනවා...
×××××××××××××××××××
හිම මිදෙන ශීත සෘතුවට පෙර සූදානම් වෙමින් තිබුන සුන්දර කදු පන්තියකින් වටවුන ස්විස්ටර්ලන්තයේ ග්‍රින්ඩල්වෝල්ඩ් ගම්මානයේ දැකුම්කළු භූමි දර්ශනය සාරාගේ විඩාබර හිතට සිහිල් දිය පොදක් වුනා....
සාරා Zurich ගුවන්තොටුපොලෙන් ගොඩබහින කොට වෙලාව උදේ අට පහු වුනා විතරයි... එහෙමම ටැක්සි එකක් අරගෙන ග්‍රින්ඩල්වෝල්ඩ් වලට පිටත් වුන සාරා ගේ ඇස් හොරකම් කරගන්න සුන්දර භූමි දර්ශනය එක පාරින් සමත් වුනා....
නගරයේ ඉදලා පැය දෙකක ගමනකින් පස්සේ සාරා තමන්ගේ ගමනාන්තයට ලගා වුනා.... නිවස වටේට විහිදුණු වැල්රෝස පදුරු වල කොල හැලුන ඉපල් විතරක් ඉතිරි වෙලා තිබුනේ ශීත සෘතුව ලග ලගම එන බව සනාථ කරන්න වගේ....
YOU ARE READING
❣️Տᗩᖇᗩᑎᘜᕼᗩᗴ ᑎOOᑎᗩ❣️ ☾︎𝗝𝗝𝗞 𝗦𝗧𝗢𝗥𝗬☽︎𝗀𝗂𝗋𝗅⌫𝖻𝗈𝗒 (( 𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳))
Fanfictionශීත ඍතුවේ පලමු හිම පතනය සිද්ධ වුන රන් පාට සැදෑවක අහම්බෙන් මුන ගැහුන ඔවුන්!!!! වැඩිමහල් ඇගේ සිතට පෙම් කරන දගකාර හිතුවක්කාරයා ජියොන්ග් ජන්ගුක්.... විසිරුණු දෙමාපිය බැදීම්, ප්‍රථම ප්‍රේමයේ රුදුරු වියෝව දරාගෙන තනිවම ජීවිතේ ගෙනියන zara!! සාරා ජොහැන්නස්...