එදා 20220223 වෙන්දා. හැමෝම වෙඩින් එකකට කියලා සුදුසු ඇදුමකින් සැරසිලා ඉන්නකොට තවත් දෙන්නෙක් ඒ හැමෝම අතරින් කැපිලා පේන්න ඇදගෙන හිටියා. තමන්ගේ ලෝකවල් වල හැමෝම තනිවුනා..ඒත්-
මිනිස්සු කවද්ද අපේ සතුට ඈතට යනවා බල බල සතුටු වුනේ? ඒත් එයා ඒක කරා. තමන්ගේ අවුරුදු ගානක එකම ආදරේ වෙන කෙනෙක්ගේ වෙනවා එයා බලාගෙන ඉන්නවා. අඩලා යන්න එපා කියන්නවත් එයාට හයියක් නෑ!!
අද මෙතන එයාලගෙම ලෝකයක් හදාගන්න හදන්නේ වෙන කවුරුත් නෙවෙයි! කාලයක් ලෝකෙට හැංගිලා ආදරේ කරපු ඒත් දැන් ලොකෙටම පේන්න එයාලගෙම වුන jeon jungkook වගේම kim taehyung. ජන්කුක් වගේම ටේයොන්ග් කියන්නේ යුනිවර්සිටි එකේ කාලයක් හොදම යාලුවෝ වුන, ඒත් දැන් ආදරවන්තයන් වෙලා මැරි කරපු දෙන්නෙක්.
මේ හැමදේම අතරේ, මේ ආදර කතාවට හැමවිදිහටම උදව් කරපු කෙනෙක් නිහඩවම මේ දිහා බලාගෙන හිටියා. ජන්කුක් වගේම ටේ එයාට ලෝභ නැතුව ආදරේ කරන්නේ එකයි. මොකද Park Jeyu කියන්නෙ එයාලගෙ ආදරවන්තයන්ගේ පරිච්ඡේදයෙන් ආදරණීය පවුලක් වෙන පරිච්ඡේදයට යන්න උදව් කරපු කෙනා.
ජේයුගේ පොඩි කාලේ ඉදන් හොදම යාලුවට, බොයිෆ්රෙන්ඩ්ට කියලා හිටියේ ජන්කුක් විතරයි! ජේයු ලස්සනයි, එයා ගොඩාක් ලස්සනයි. ඒ නිසා ජන්කුක් මලකටත් වඩා ජේයුව පරිස්සම් කරා. ජන්කුක්ට ඒක යාලුකම උනාට ජේයුට ඒක යාලුකමට එහා ගිය හැගීමක් වෙන්න ගත්තා.
යුනිවර්සිටි යන කාලේ කොල්ලෙක් ඇවිත් කැමැත්ත ඇහුවාම ජේයු ඒ කොල්ලට කැමැත්ත දෙන්න ගියා. මොකද ඒ වෙනකොටත් ජන්කුක් ටේ එක්ක අෆෙයාර් එකක් පටන් අරගෙන ඉවරයි. හැමදුකින්ම ඈත් වෙන්න හොදම විසදුම ජේයු හෙව්වට ඒකට ක්රමයක් තිබ්බේ නෑ. අන්තිමට එයා විසදුම විදිහට දැක්කේ ඒ කොල්ලා එක්ක යාලු වෙන එක!!
ජන්කුක් ජේයු කැමැත්ත දෙන්න යනකොටම
මමයි ජේයුගේ බොයී!! තමුසෙලා කවුරුත් එයාට ලංවෙන්න එපා.
ඒත්-
කටවහගන්නවා ජේයු! අද් ඉදන් ඇහැක් ඇරලා කොල්ලෙක් දිහා බලලා අහුවෙන්න එපා හරිද?
එදා ඉදන් මුලු යුනිවර්සිටි එකම ජන්කුක් ජේයු කපල් එකක් කිව්වට ඇත්ත ඒක නෙවෙයි කියලා ඒ තුන්දෙනා දැනගෙන හිටියා. ඒත් ජේයු එකෙන් සතුටු වුනේ කටකතාවකින් හරි එයාට ජන්කුක්ගේ ගර්ල් වෙන්න ලැබුන නිසා.
YOU ARE READING
Falling In LOVE | Tae x Kook x girl |
Fanficහැමදේටම හේතුවක් තිබ්බා ජන්කුක්! මන් ඔයාව තේරුම් නොගත්තා කියලා හිතෙනවා නම්, අන්න එතන තමයි ඔයාට වැරදුන ලොකුම තැන. විශ්වාස කරන්න එපා ජන්කුක්!! ඒත් මන් ඔයාට ආදරෙයි. මන් දන්නෙ නෑ!! ~park_jeyu dedication : @park_Jeyu