Hanami 🌸

338 75 2
                                    

Author's pov....

පාන්දර 5 ට යුන්ගි ජන්ග්කුක්ගේ ගෙදර ඉස්සරහ වාහනේ නවත්තන් බලන් හිටියා.ජන්ග්කුක් කාමරේ ඉදන් පහළට එද්දි කවුරුත් පේන්න හිටියේ නැති නිසා චිට් එකක් ෆ්‍රිජ් එකෙන් අලවලා ජන්ග්කුක් ගෙයින් එළියට ගියා.ජන්ග්කුක් යුන්ගිගේ වාහනේට නැගලා එයාගේ පොඩි බැක් පැක් එක පිටිපස්සේ සීට් එකෙන් තියලා ඇදන් හිටිය පිම්බුන ජැකට් එකේ ශිපර් එක ගලවලා ටිකක් ඈත් කරගත්තා.

"ප්‍රශ්නයක් වුනේ නෑ නේද කුක්?"

"නෑ හියුන්ග්.එයාලා නිදි.අපි යමු.."
ජන්ග්කුක් එයාගේ බනී හිනාව දාද්දි යුන්ගිත් හිනා වෙලා ඔලුව වනලා වාහනේ ස්ටාර්ට් කරා.පැය භාගෙකින් වගේ ජින්ගේ ගෙදර ගාවට යද්දි නම්ජින් දෙන්නා එළියට වෙලා හිටියා.ජින්ගේ අතේ තිබ්බේ මල් බලන්න යනකොට කෑම දාන් යන ලස්සන කූඩයක්.කොහොමහරි ඒ දෙන්නවත් අරගෙන හතර දෙනාම පිටත් වුනේ ස්ටේශන් එකට.

"ජන්ග්කුක් ඔන්න ඔයාට අද මම  *තොන්කත්සු* හැදුවා.ඔයා ආස ඇති කියලා හිතනවා."

"අනේ හියුන්ග්..ඇත්තටමද?මම හුග කාලෙකින් කෑවේ නෑ හියුන්ග් ඒක මම ආසම කෑමක් මෙහෙ හදන.."

"තොන්කත්සු විතරක් නෙමෙයි කුක් ජින් හියුන්ග් ඔයාට ගොඩාක් ආස හිතෙන් කෑම හදන් ආවා...අද ඉතින් ජන්ග්කුක්ගේ දවස.."

නම්ජුන් ජින්ගේ කතාවට එකතු වුනාම ජන්ග්කුක් ඇස් වල කදුලු පුරවන් ජින් දිහායි නම්ජුන් දිහායි බැලුවා.

"ස්තූතියි හියුන්ග්..."

"අයියෝ ළමයෝ ස්තූති එපා.අපි එක පවුලක්.අනික එහෙ ශෝක් රෙස්ටුරන්ට් තියෙනවා.අද අපිට හොදට කන්න පුලුවන්..."

ජින් ගේ කතාවට ඔක්කොම එකතු වෙලා සතුටු හිතෙන ගමන පටන් ගත්තා.

එයාලට ට්‍රේන් එක තිබ්බේ 6.00 ට නිසා එයාලාට ටිකක් වෙලා ට්‍රේන් එක එනකන් බලන් ඉන්න වුනා.සතියේ දවසක් නිසා ඒ වෙලාවට මල් බලන්න යන පැත්තට යන ට්‍රේන් එකේ මිනිස්සු අඩු වෙන් හිටියේ.ට්‍රේන් එකේ ගමනාන්තයට යනකන්ම හතර දෙනාම හිමීට අත්පුඩි ගගහා සිංදු කිව්වා...ඊට පස්සේ ට්‍රේන් එකෙන් බැහැලා ස්ටේශන් එකෙන් එළියට ආවාම මිනිස්සු පවුල් පිටින් එකම පැත්තකට ඇවිදන් යනවා විතරයි දකින්න ලැබුනේ.

You And IWhere stories live. Discover now