විසි තුන්වන දගකාරකම

730 114 3
                                    

පසුදා දවසම ගෙවුනේ යීබෝගේ නෝට්ස් එක්ක.. පොත් මේසයක් තිබ්බත් ශාන්ගේ අස්සටම වෙලා පාඩම් කර කර උන්නු යීබෝ පැය හතරක් යද්දි එහෙම්ම ශාන්ගේ ඇගට වැටුනා.

" බෝදී.. මැනික.."

" ම්ම්ම්..."

" මහන්සිද මගෙ පැටියෝ.."

" ඔව්නේ.."

" අනේ එහෙනම් ඇති.. අපි යන් මොනාහරී කමු.. පස්සෙ පාඩම් කරමු.."

" චන්ගා.. අපි අපේ ගෙදර යන්නේ හෙටද.."

" ඔව් මැනික.. අක්කලා එද්දි හෙට උදේ වෙයිනේ.. අපි හෙට යමු බබෝ.."

"  හලී.. "

ශාන් යීබෝටත් කවලා ආපහු යීබෝව පාඩම් කරන්නත් යවලා.. ශාන් ඔෆිස් වැඩ වගයක් එක්ක ඔට්ටු උනා.. දන්නෙම නැතුව රෑ වෙද්දි ශාන්ගේ බෝදි එනව හුලන් බැහැපු බැලුමක් වගේ..
( මවාගන්න අර TU  ශූටින් වල තිබ්බ චාජ් වෙන සින්න් එක තිබ්බ bts එක)

" අනේ අම්මියෝ.. බෝදී මොකෝ මේ..."

" තා නම්, සුට්ටක්වත් බෑ පාඩම් කරන්න.. මට ඇති.."

" හරි ඉතින් එන්නකෝ.. තව පොඩ්ඩෙන් මගෙ වැඩත් ඉවරයි.."

" ම්ම්ම්ම්.."

යීබෝ ඇවිත් ශාන්ගේ උකුලෙන් වාඩි උනා පුරුදු විදියටම.. ශාන්ගේ වැඩෙ ඉවර වෙනකල්ම යීබෝ ශාන්ගෙ බෙල්ල බදාගෙන හිටියේ...

" බෝදී.. ඉවරයි වැඩ.. මැනික කෝ ඉතින්.."

"........................."

" අනේ නින්ද ගිහින්ද බබා.. යමු එහෙනම් මන් අරන් යන්නම්.."

ශාන්ගෙ තුවාලේ තාම ටිකක් තියෙන නිසා ශාන්ට බර උස්සන්න වගේම මහන්සි වෙන්නත් හොද නෑ.. ඒත් ඉතින් මොනා කරන්නද කොල්ල නිදිනේ.. අමාරුවෙන් උනත් උස්සන් ගියා කාමරේට.. යීබෝටත් පොරවලා රෑටත් දෙන්නම නොකා නිදාගත්තා..

පාන්දර දෙකට විතර දැනෙන බඩගින්න නිසා යීබෝ ඇහැරිලා වෙලාව බැලුවා.. ඊයේ නින්ද ගිය එක රෑට නොකා හිටපු එක වගේම ශාන්ට බෙහෙත් නොදුන්න එක මතක් වෙලා යීබෝට යකා නැන්ගා..

" චන්ගා.. චන්ගා..ශාන් නැගිටිනවා.. 😠😠"

" ම්ම්ම්ම්... ඇයි මැනික.."

༺ දඟකාර හිතපුරා ༻                                                       ✓Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ