අටවන දගකාරකම

1K 153 3
                                    

ශාන්ට මුලු රෑම නින්දක් නම් ලැබුනේම නෑ.. හීනෙනුත් බෝගේ විකාර මැවෙනවා වගේ..පාන්දර කියලම නොබලා නැගිටලා වොශ් දාලා ඔෆිස් යන්න ලෑස්ති උනා.. මුලින්ම වන්ග් හවුස් එකට ගිහින් යීබෝවත් බලල ගියාම කොල්ලට සැනසීමයි..

පාන්දර 5.30 යි.. මේ වෙලාවේ ඉතින් යීබෝ පස්සත් උඩ දාගෙන දොයි ඇති කියලා තමයි ශාන්ට හිතුනේ..

පාන්දරින් ගිහින් බෙල් කරාම ගෙදර වැඩට ඉන්න කෙනෙක් දොර ඇරිය නිසා ශාන් කෙලින්ම ගියේ යීබෝගේ කාමරේට...

හිතුවා හරි.. පස්සත් උස්සන් ඇඟිල්ලකුත් කටේ ගහන් ටෙඩියෙකුත් බදන් හොඳට නිදී..

" දෙයියනේ මේ කොල්ලා.. මන් මෙයාව අරන් දරු කමට හදාගන්නද.. අයියෝ මගේ දඟයා.."

ශාන් හිමීට ගිහින් ඇඳේ යීබෝ ගාවින්ම ඉඳගත්තා.. ඔලුව ටිකක් අතගානකොට යීබෝ ටිකක් ඇඹරෙන්න ගත්තා.. ඇඳෙනුත් නැගිටපු ශාන් ටිකක් පහත් වෙලා යීබෝට කතා කලේ නැගිට්ටවගන්න..

"බෝදී.. බෝදී..."

" ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්..."

" නැගිටින්නකෝ අනේ..."

" ගගා..😱😱😱😱.."

" ඔව් ඔව් ගගා තමයි.."

" අනේ මගේ ගගා.."

යීබෝ ශාන්ව දැක්ක සතුටට ඇඳ උඩ ඉද්ද ගැහුවා වගේ කෙලින් වෙලා ඒ පිම්මටම ශාන්ගේ කරට පැනලා කකුල් දෙක ඉන පුරා ඔතාගත්තා..

" අනේ අම්මෝ කොන්ද කඩන්නද දඟයෝ.."

" අනේ ගගා.. ඔයා ඇයි ඊයේ ගියේ..මට නින්ද ගියේ නෑනේ.."

" අම්මෝ මන් දැක්කා පස්සත් උඩ දාන් නිදාගෙන ඉන්නවා.."

" අනේ ඉතින් ඒ පාන්දර නින්ද යන්න ඇති.."

" ඔහොම්මම ඉන්නද හදන්නේ දැන් එතකොට.."

" ඔව්.. මට ඔයා ගාව ඉන්නෝනේ.. මෙහෙම.. හැමදාම.."

" මැණික.."

" මගෙ ගගා."

" ඉක්මනින් මන් එනවා ඔයා ගාව ඉන්න.. හරි අද රෑ මන් එන්නම්.. හරිද... මටත් ඔයා නැතුව පාලු හිතුනා බෝදී..."

༺ දඟකාර හිතපුරා ༻                                                       ✓Dove le storie prendono vita. Scoprilo ora