-------ooOOoo-------
"ඕයි... චරිත්!! මැට්ටෝ!!"
චරිත් හිටියේ සෝෆා එකේ ඉඳගෙන ටීවීඑකදිහා බලාගෙන. එයාගේ උකුල උඩ මධුකාගේ පන්තියේ පේපර් වගයක්. ටීවීඑක දිහා බලාගෙන හිටියට චරිත්ගේ ඔලුව වෙනම ලෝකෙක. යොමාල් කතාකරන සද්දේ එයාට ඇහුනෙවත් නැහැ.
"චරිත්?!"යොමාල් ඇවිදගෙන ඇවිත් චරිත්ගේ උරහිස උඩින් අතක් තිබ්බා. චරිත ගැස්සුනේ එයාගේ හඬටත්වඩා යොමාල් උරහිස උඩින් තියපු අතනිසාද කොහේද."කොයි ලෝකෙද හිටියේ?" විහිලුවටවගේ ඇහුවට යොමාල්ගේ ස්වරය ඇතුලේ හැංගිලා තිබුණ විමසිලිමත්ගතිය චරිත්ට අඳුනගන්න බැරිවුණේ නැහැ. යොමාල් චරිත්ගේ උරහිස්වලට අත තියලා මහපට ඇඟිලි දෙකින් ශෝල්ඩර් බ්ලේඩ්හරිය මසාජ් කරන්නගත්තේ පුරුද්දට වගේ. "මම නිදාගන්න යන්න හැදුවේ..."
වටපිට බලනකොටයි චරිත දැක්කේ ඔක්කොම ජනෙල් වහලා... කර්ටන් ඇදලා... යොමාල් එයාගේ නිදාගන්න අඳින කොට කලිසමකින් සැරසිලා. එදා දවසේ රතුපාටයි කලුපාටයි කොටු වැටිච්චඑකක්.
"මධුගේ පේපර්ස් වගයක්... බලලා ඉවරකරන්න කියලා..." චරිත් අතේ තිබුණ රතු පෑන ඇඟිලිවල එහෙට මෙහෙටකළා. "හෙට හවස ගියාම දෙන්න කියලා හැදුවේ... මෙහෙ ඇවිත් ගෙනියනවටවඩා එයාට එතනට පොඩි දුරනේ..." චරිත් කිව්වෙ පේපරයක් අතට ගන්නගමන්.
"හරි හරි... ගොඩ පරක්කුවෙනකල් ඇහැරිගෙන ඉන්න එපා. මාක්කරන්න බැරිවුනොත් කරපුටික මධුට ගිහින්දෙන්න... එයාගේනේ ක්ලාස් එක!" චරිත්ගේ කොන්ඩේ අතරට යවලා ඇඟිලි වලින් එහෙමෙහේ කරලා අවිස්සුව යොමාල් එයාගේ කම්මුලට කිස්එකක්දීලා නිදාගන්න කාමරේ පැත්තට ඇවිදගෙනගියා.
සමහර දවස්වලට යොමාල්ගේ අක්කා කාගේහරි විශේෂ අවස්ථාවකට හදන කේක්එකකට අත් උදව්වක් කරන්න කතාකලොත් මිසක් චරිත් ගෙදර ආවම වෙන අයගේ වැඩ කරන්නතියා එයාගේ වැඩක්වත් කරන්න අකමැතියි. උදේවරුවේ ඩෙන්ටල් එකෙත් හවස්වරුවේ තාත්තයි එයයි එකතුවෙලා කරන ප්‍රයිවට් ඩෙන්ටල් ක්ලීනික් එකෙත් වැඩකරලා එන්නේ යොමාල්එක්ක වෙලාව ගතකරන්න. එත් ගතවුණ දවස් හතරම චරිත් ගෙව්වේ හිතාමතාම අවිවෙකිවවගේ. යොමාල්ටත් ඒක දැනෙන්න ඇති කියලා චරිත්ට විශ්වාසයි.
YOU ARE READING
කැඩපත්
Romance"අනේ සොරි යොමාල්!! දැනගෙන හිටියේ නැහැ ඊට කලින් මම ඔහොම කෑ ගහනවා කියලා. ඇත්තමයි!! මම මේ ට්රයි කරනවා-" "චරිත්-!" "මට තේරෙනවා එක එච්චර හොඳ දෙයක් නෙමෙයි කියලා... සිරියස්ලි! තව ටික කාලයක්යද්දී මට පුළුවන් වෙයි-" "චරිත්!" "ඒ වෙලාවට මගේ කටින් පිට වෙන්නේ මො...