"අනේ සොරි යොමාල්!! දැනගෙන හිටියේ නැහැ ඊට කලින් මම ඔහොම කෑ ගහනවා කියලා. ඇත්තමයි!! මම මේ ට්රයි කරනවා-" "චරිත්-!" "මට තේරෙනවා එක එච්චර හොඳ දෙයක් නෙමෙයි කියලා... සිරියස්ලි! තව ටික කාලයක්යද්දී මට පුළුවන් වෙයි-" "චරිත්!" "ඒ වෙලාවට මගේ කටින් පිට වෙන්නේ මොනවද කියලවත් මට මතක නැහැ යොමාල්!! ඇත්තටම කියන්නේ! ප්ලීස්! ප්ලීස්!! ප්ලීස්!! අප්සට්ගන්න එපා ගොඩක්-" "චරිත්!!" යොමාල් බොහොම හයියෙන් කතාකලේ එළියේ අකුණක් ගහනවා තරම් සද්දෙකින්.