Day Is over❤️

338 72 7
                                    

අපි හතර දෙනාම රෑ කෑමත් අරන් ට්‍රේන් එකට නැග්ගේ රෑ 8 ට වගේ..කා පාර්ක් එකෙන් කාර් එකත් අරන් ජින් හියුන්ග් ගේ ගෙදර එද්දි රෑ 10ත් වෙලා තිබ්බා..හියුන්ග්ටයි ජුන්ටයි සමුදිලා මම කුක් එක්ක එයාව ඇරලන්න යන්න ලෑස්ති වුනා.

"හියුන්ග්..ම්..මට දැන්ම ගෙදර යන්න බෑ..."

ජන්ග්කුක් ඉස්සරහ බලාගෙන කියද්දි මම ටිකක් පුදුම වුනත් මුකුත් නොකියා වාහනේ පැත්තකින් නවත්තලා වොච් එකෙන් වේලාව බැලුවා.

"කුක් දැන් වේලාව 10.30 යි..ඔයාගේ ගෙදරට යද්දි එකොළහවත් වෙයි.."

"හියුන්ග් අපි කෝපි එකක් බොන්න යමු..."

ජන්ග්කුක් මගේ අත අල්ලගෙන ඇසුත් ලොකු කරන් කියද්දි මමත් ඔලුව වනලා වාහනේ ඩ්‍රයිව් කරන්න ගත්තා.

කැෆේ එකකින් කෝපි දෙකකුත් අරන් මම වාහනේ ගාවට එද්දි ජන්ග්කුක් අත් දෙකත් එකට අතුල්ලන ගමන් අහස දිහා බලන් හිටියා.

"සීතලද?"
මම කෝපි කප් එකක් දුන්නාම එයා ඒක අරන් හිනා වුනා.

"ටිකක්..ස්තූතියි හියුන්ග්.."

මම වාහනේ බොනට් එකෙන් හේත්තු වුනාම එයත් මගේ ගාවින් වාහනේට හේත්තු වුනා.

"අද දවසට ස්තුතියි හියුන්ග්.මට කාලෙකට පස්සේ හිතට අමුතු සතුටක් දැනුනා."

"අමුතු සතුටක්?ඒ කිව්වේ?"

"අනේමන්දා..මට හියුන්ග් එක්ක ඉද්දි සතුටුයි.ඔක්කොම ප්‍රශ්න අමතක වෙනවා."

"හ්ම්..මටත්...ඒක නෙමෙයි නූනා?"

"හ්ම්..එයා බනීවී මට ඇහැරිලා හිටියොත්.."

ජන්ග්කුක් ලාවට හිනා වෙලා කිව්වත් ඒ ඇස් වලින් හිතේ තියෙන වේදනාව මට පෙනුනා..

අපි තවත් වේලාවක් එතන කාලේ ගත කරලා වාහනේට නැග්ගා.හරියටම වේලාව 11.30යි..ඊට පස්සේ ජන්ග්කුක් ගේ ගෙදරට යනකන්ම අපි අතරේ කතා බහක් ඇති වුනෙත් නෑ...

එයා වාහනේන් බහිද්දි මම එයා ගාවට ගියා .තාමත් කොල්ලාගේ මූන ටිකක් මැලවිලා වගේ..

"කුක් ඔයා හොදින්ද?ඔයා දුකෙන් වගේ."

"හ්ම්.අනේමන්දා හියුන්ග් හිතට හරි නෑ..ඒක හරි යයි."

You And IWhere stories live. Discover now