🥀𝐓𝐇𝐄 𝐃𝐀𝐑𝐊 𝐑𝐎𝐒𝐄🥀02

572 163 11
                                    

🥀𝐓𝐇𝐄 𝐃𝐀𝐑𝐊 𝐑𝐎𝐒𝐄🥀02

වැඩි සෙනගක් නැති හන් ගංඉවුරේ සුපුරුදු බංකුවේ වාඩි වෙලා ජින් අදත් බලාගෙන ඉන්නවා.....  වෙනදට හරී නිදහසේ හඳ මත්තේ නැවතිලා තියන ඒ හීනී දිගටි ඇස් අද කලබලෙන් ගං ඉවුර පුරා දුවනවා......

කාරා මූන ගැහුනට පස්සේ හැම සෙනසුරාදා දවසකම මොන වැඩේ තිබුනත් ජින් පුරුදු වෙලාවටම ගං ඉවුරට ආවා.... ඒත් !!!! ඒ එක දවසක වත් කාරා ආවේ නෑ!!! මේ පස් වෙනි සතිය ජින් කාරාව බලාපොරොත්තු වෙන.....

කාරාව මතක් වෙන හැම මොහොතකම හිතාගන්න බැරි අමුතුම හැගීමක් හිත ඇතුලේ පෙරලි කරන කොට ජින් ගේ කඩවසම් මුහුන නිහඩ හිනාවකින් එලිය වෙනවා....  කාරා හරියට උනුසුම්  හැන්දෑ වරුවක හමන මද හුලගක් වගේ කියලා ජින්ට හිතුනා......පරිසරය කොච්චර උනුසුම් වුනත් උනුසුම් හැන්දෑවක හමාගෙන එන මද සුලං රැල්ලකට පුලුවන් මුලු දවසෙම මහන්සිය නිවන්න....  කාරාත් ඒ වගේ..... කාරාගේ චොක්ලට් පාට තොල් අතරේ ඇදෙන ලස්සන හිනාවට මුලු හිතම අමුතු මිහිරකින් පිරෙනවා කියලා ජින්ට හිතුනා.....

කල්පනා ලෝකේ හිටපු ජින් වේගෙන් ඇහිපිය ගැහුවේ දවස් ගානක් ඇස් හොයපු රූපේ ඇස් ඉස්සරහ ඇදුන නිසා!!!! ඒ කාරා!!! පුංචි කාලේ දඟම දඟ කෙල්ලෙක් වුන කාරාගේ සන්සුන් ගමන් විලාසය ජින් ව පුදුම කලා..... 

හෙමින් ඇවිදගෙන ගිය කාරා ගං ඉවුරේ තිබුන අත්වැට තද කරලා අල්ලගෙන රැලි නැගෙන වතුර දිහා ඔහේ බලාගෙන හිටියා.... කාරාගේ තද කලු පාට දිග කොන්ඩේ ලා කහපාටක් ඉහිරිලා තිබුන දිග ගවුමත් එක්ක තරගෙට වගේ මද සුලගේ ඉහිරෙන කොට ජින් බලාගෙන හිටියේ  ගං දිය මතට වැටිලා පරාවර්තනය වුන හඳ එලියට දිලිසෙන කාරාගේ මූන දිහා.....

චිත්‍රයක් වගේ!!!!
ජින් ට හිතුනා.... දිග ඇස් පිහාටු,  වල ගැහෙන කම්මුල් හීන් දිග නහය, චොක්ලට් පාට හම  කාරාගේ රූපේ ඔප්නැංවුවා.... කාරා ලස්සනයි!!! නෑ කාරා ආකර්ෂණීයයි!!! ජින් තමන්ට ඒත්තු ගැන්වුවා... ඇයි කාරා ලස්සන නැද්ද!!! ජින්ගේ හදවත ප්‍රශ්න කලා..... ජින් දෙගිඩියාවෙන්!!! ලස්සනට පාටක් තියනවද???? අදුරු රෑ අහස ලස්සනට දකින මිනිස්සු මේ ලෝකේ නැද්ද?? අදුරු චිත්‍ර මිලියන ගණන් ගෙවලා මිලදී ගන්න මිනිස්සු මේ ලෝකේ නැද්ද? කලු පාටට ආදරේ කරන මිනිස්සු මේ ලෝකේ නැද්ද?

🥀𝐓𝐇𝐄  𝐃𝐀𝐑𝐊 𝐑𝐎𝐒𝐄 🥀(( 𝙺𝚂𝙹))[]ℂ𝕆𝕄ℙ𝕃𝔼𝕋𝔼𝔻 []  𝐛𝐨𝐲×𝐠𝐢𝐫𝐥Where stories live. Discover now