🥀𝐓𝐇𝐄 𝐃𝐀𝐑𝐊 𝐑𝐎𝐒𝐄🥀05

335 130 10
                                    

🥀𝐓𝐇𝐄 𝐃𝐀𝐑𝐊 𝐑𝐎𝐒𝐄🥀05

හතරවෙනි වතාවටත් ඇහුන වාහන සද්දෙට ජනෙල් තිරේ එහා මෙහා කරලා බලපු කාරා ආපහු පුංචි විසිත්ත කාමරේ එහා මෙහා ඇවිදින්න පටන් ගත්තා.... කවදාවත් නැති තරම් උනන්දුවෙන් කාරා මග බලනවා.....කාරා මීට කලින් කවමදාවත් මේ තරම් උනන්දුවෙන් කවුරුත් එනකම් මග බලලා තිබුනේ නෑ....
කාරාට පිස්සු!!!
කෙනෙකුට හිතෙන්න පුළුවන්....
ආදරෙයි කියලාවත් නොකිව්ව කෙනෙක් වෙනුවෙන් එහෙම මග බලන්න පුලුවන් ද ඒකත් දවස් කීපයකට කලින් මුන ගැහිලා....
ඒත් ඒ කෙනා ඔයා ජීවිත කාලේම තනියම හිතින් ආදරේ කල කෙනා නම්..... කවදාවත් තමන්ගේ වෙයි කියලා හීනෙකින් වත් නොහිතපු කෙනා නම්....ආදරෙයි කියලා නොකිව්වත් ඒ උනුසුමේ ආරක්ෂාවක් දැනෙනවානම්.....
කාරාට දැනෙන නොඉවසිල්ල සාමාන්‍යයි කියලා දැනේවි....

කල්පනා ලෝකෙක ගිලිලා හිටපු කාරා එක සැරේටම ගැස්සුනේ ඩෝ බෙල් එකේ සද්දෙට...ගැස්සිලා බිමට නවාගෙන හිටපු ඔලුව උස්සලා දොර දිහා බලපු කාරා එහාමෙහා වෙලා තිබුන කෙහෙරැලි කීපය කන පිටිපස්සෙන් රදවන ගමන් අත් දෙකෙන්ම දිග කොන්ඩෙ පිරි මැදලා මූනේ ඇදුන හිනාවත් එක්කම දොර ලගට දුවගෙන ගියා.....
හෙමින් දොර ඇරපු කාරා ඇස් උස්සලා බලන කොට දොර ඉස්සරහ හිටගෙන හිටපු ජින් හිටියේ ඈත බලාගෙන ලොකු කල්පනාවක....
බැහැගෙන යන රත්තරන් පාට ඉරේ අන්තිම රැස් කීපය වැටිලා මුලු අහසම තිබුනේ තැබිලි පාටට හැරිලා..... ඊට යටින් වේගෙන් ඈතට පාවෙලා යන වලාකුළු බලන්න ලස්සන දර්ශනයක් අහසේ මවලා තිබුනත් ජින් හිටියේ හිස් බැල්මෙන් අහස දිහා ඔහේ බලාගෙන කියලා කාරාට තේරුනා.....

"ජීනූ ඔප්පා "

කාරාගේ කටහඩට තිගැස්සුණු ජින් කාරා දිහා බලලා මූනට හිනාවක් අරගන්න කොට,  අහේතුකව ම රිදුන හිත වාරු කරගෙන කාරා ආයාසයෙන් මූනට හිනාවක් අරගත්තා...

"ඔප්පා එන්න!!"

දොර ලගින් මෑත් වෙලා කියපු කාරා ජින් ගේ පිටිපස්සෙන් ම ගේ ඇතුලට එද්දි ගේ පුරාම ඇස් යවපු ජින් අනාරාදිතවම අසුනකට බර වුනා.....

"ලස්සනයි කරා "

"ඔප්පා!!"

"කාරාගේ පුංචි ගෙදර... "

🥀𝐓𝐇𝐄  𝐃𝐀𝐑𝐊 𝐑𝐎𝐒𝐄 🥀(( 𝙺𝚂𝙹))[]ℂ𝕆𝕄ℙ𝕃𝔼𝕋𝔼𝔻 []  𝐛𝐨𝐲×𝐠𝐢𝐫𝐥Where stories live. Discover now