යුනිවසිටි නොයා හිටිය ජන්ග්කුක් ටිකක් පරක්කු වෙලා නැගිටලා පහළට ගියේ උදේ කෑම කන්න හිතන්.ඒ යද්දි සෝයූන් ෆේස් පැක් එකක් මූනේ තියන් සැටියේ ඇල වෙලා ඉන්නවා දැකපු ජන්ග්කුක් හොද හුස්මක් අරන් පිට කරා.
"ඕවා තිබ්බට ලස්සන වෙන්නේ නෑ නූනා.හිත ලස්සනයි නම් මිනිස්සුත් ලස්සන වෙනවා"
ජන්ග්කුක් කිචන් එකට යන ගමන් කියද්දි ෆේස් පැක් එක අයින් කරපු සෝයූන් ජන්ග්කුක්ට දාගෙන රවද්දි ජන්ග්කුක් කට කොනින් හිනා වෙලා ෆ්රිජ් එක ඇරියා.
ජන්ග්කුක් එළවලු කීපයක් අරන් සැලඩ් එකක් හදන්න හිතන් එළවලු කපන්න ගත්තා.එ වේලේම වාහනයක් නවත්තන සද්දයක් ඇහුන නිසා ජන්ග්කුක් කිචන් එකෙ දොරෙන් ඔලුව එලියට දාලා බැලුවේ සෝයූන් දිහා.
"හියුන්ග් වේලාසනින් එනවා කිව්වද නූනා"
"නෑ..මාත් එක තමයි බැලුවේ..."
සෝයූන් ජන්ග්කුක් ට උත්තර දෙන ගමන් දොර ගාවට ගිහින් දොර අරිද්දි ජන්ග්කුක් ආපහු එයාගේ වැඩේ කරන්න ගත්තා.
"අප්පා ඔම්මා ඔයාලා?"
සෝයූන් ගේ කටහඩට කර කර හිටිය වැඩේ නවත්තපු ජන්ග්කුක් පුලුවන් තරම් ඉක්මනට දොර ගාවට යද්දි දැක්කේ නූනාව බදන් ඉන්න අප්පාව.."ඔම්මා ඔයාලා ඇවිත්"
ජන්ග්කුක් ගිහින් එයාගේ ඔම්මාව බදාගන්නකොට මිස්ට ජෝන් සෝයූන් එක්කම ගේ ඇතුලට ඇවිත් වාඩි වුනා.
"අනේ මගේ කොල්ලා..."
ඇස් වල කදුලු පුරවන් තමන්ගේ හුරතල් බාල පුතා දිහා බලන් ඉන්න මිසිස් ජෝන්ව දකිද්දි ජන්ග්කුක්ගේ ඇස් වලටත් කදුලු පිරුනා."ඔම්මා ගොඩාක් වෙනස් වෙලා..මොනා වුනත් ඔම්මා ගොඩාක් ලස්සනයි..මගේ ඒන්ජල්"
ජන්ග්කුක් ආයෙ තමන්ගේ ඔම්මාව බදාගත්තාත් එ ඉක්මනට ඈත් වුනේ එයාගේ අප්පාගේ උගුර පාදන සද්දේට..
"අපි දැන්ම යන්නේ නෑ ජන්ග්කුක්..ඒ නිසා ඔම්මාට වාඩි වෙන්න දෙන්න"
මිස්ට ජෝන් අමනාපෙන් වගේ කියද්දි අපහසුවෙන් හිනා වුන ජන්ග්කුක් එයාගේ ඔම්මාවත් එක්කන් ගිහින් පුටුවෙන් වාඩි වුනා.
YOU ARE READING
You And I
Fanfiction"ස්තූති එපා..කියන්න අනිත් කාරණාව මොකක්ද?" මම ඒක අහද්දි මෙච්චර වෙලා දිලිසුන ඇස් ආයේ අදුරු වුනා.එයා ආයේ මුහුද දිහා බලන් හිටියා.. "මට ටික දවසකට කොරියා යන්න වෙලා.ම..මම ආස නෑ යන්න.ඒත්..අප්පා එන්න කියලා බල කරා.." "ඒ..ඇයි?" "නූනාගේ වෙඩින් එකට.." "ඉතින් හොද...