chapter 02

220 60 0
                                    

අව්රුදු තුනක් ගත වෙලා ගිහිං.. මේ මං ⁣මේ ස්කූල් එකට එන තුන්වෙනි අව්රුද්ද. තව අව්රුදු දෙකයි..

මේ අව්රුදු තුන ඇතුලෙ ටේහ්‍යොන් ගැන තිබ්බ ම⁣ගෙ හැගීම් දරාගන්න බැරි තරමටම වර්ධනය වෙලා. වෙලාවකට හිතෙනවා වෙලාවක ඒ ඔක්කොම දරාගන්න බැරුව පුපුරලා යයිදෝ කියලා..

"යූෂි..අර"

සියාරා අතින් ඇදලා පෙන්නුවෙ මං දිහා බලන් ඉන්න.. ටේහ්‍යොනුයි තව බෝයි කෙනෙකුයි.

"ඉතිං බං.."

"උබ දිහා බලන් ඉන්නෙ."

"මට මොකද ඉතිං"

"ටේහ්‍යොන්ග් උබට කැමතියි වගේ බං."

"අනේ පලයම් බං යන්න"

මං කිව්වෙ ගානකට නොගෙන.. ගානකට ගත්තනම් මෙතන නාඩගම බලන්න තිබ්බා.

ඒත්,

ඒත්, එදා ඒ පුංචි මොහොත මං වෙනස් විදියකට ප්‍රතිචාර දුන්නනම් මගෙ කතාව වෙනස් විදියකට ලියවෙන්න තිබ්බා...

_____________________

ඒ ග්‍රීෂ්ම නිවාඩුව අපි එකිනෙකාට සමුදුන්⁣නා.. මොකද අපි ආයෙ හම්බෙන්නෙ තව මාස දෙකකින්නෙ.

"අම්.... යූෂි..!?"

ඒ කටහඩ අදුරගන්න වැඩි වෙලා ගන්න මට ඕනෙ උනේ නෑ... ඒ හඩේ අයිතිකාරයා ටේහ්‍යොන්.

"වැකේෂන් එක හොදින් ගත කරන්න."

පොඩි රෝසපාට බොක්ස් එකක් මට දික් කරන ගමන් ටේහ්‍යොන් කිව්වා.

හිමීට පංතියෙන් එලියට ආව මං බොක්ස් ඇරලා බැලුවා..

⁣ඔරලෝසුවක්.!!

හෙලෝ කිටී ඉන්න රෝස පාට වොච් එකක් ඒක.. බැලූබැල්මට හරිම කියුට්.. මට සතුටක් එක්ක ආඩම්බරේකුත් ඇති උනා.කම්මුල් රත් වෙනවා වගේ දැනුන හිංදා වටේ පිටේ අයට නොපෙනෙන්නෙ මූණ හංගං ඒ සතුටු මොහොත භුක්ති වින්දා..

"මොකද මේ කෙල්ල රතු වෙලා..."

පංතියට යද්දි මුලින්ම වෙනස දැක්කෙ හේරා..

"ආහ් න්නෑ බං.. "

"අනෙ අනේ හාහා.. මං දැක්කා අර ටේ මොනාද මංදා දුන්නා.. බෙස්ටිට පෙන්නන්න අකමැතියි නේද??"

"හී.... මේක"

ගොන් හිනාවක් දාලා මං වොච් එක පෙන්නුවා..

"ඒකත් ජය සිරි මංගලම්.. කෝ මෙහෙ දියං ඔය බොක්ස් එක"

හේරා මට උත්තර දෙන්නවත් නොදී බොක්ස් එක උදුරගත්තා.

"මේ මොකක්ද????"

"මොකක්ද?"

"චිට් එකක්........... යූෂි...i love you.."

⁣මොකක්ද?? ටේහ්‍යොන් මට ආදරේ කරලද ඒ කියන්නෙ??? ඒත් මෙතන ප්‍රශ්නයක් තියෙනවා.. මං ගෙදරට පොරොන්දු උනා... මං මටම පොරොන්දු උනා ස්කූල් ගමන ඉවර වෙනකම් ආදරයක් පටන් ගන්නෙ නෑ කියලා..

ඒත්,

හැගීම් වලට නීති දාලා බැදලා තියන්න පුලුවන්ද??

හැගීම් කියන දේවල් හිතට තරවටු කරලා නවත්තන්න පුලුවන් දේවල් නෙමෙයි.

ලී යූෂි විදියට මගෙ මතය ඒකයි.. මොකද හිතේ විකසිත වෙච්ච ඒ හැගීම් නැති කරගන්න උත්සහ කරත් ඒක මං මටම කරගත්ත විහිලුවක් උන නිසා.

_______________

ග්‍රීෂ්ම නිවාඩුවේ මාස දෙක මට දැනුනෙනම් අව්රුදු දෙකක් වගේ..

ඇත්තටම මං එදා ක්ලාස් එකෙන් ටේහ්‍යොන්ට උත්තරයක් දුන්නෙ නෑ.. මට තව හිතන්න කාලේ ඕනෙ උනා.... මං එයාට කැමතියි.. එයත් මට කැමතියි...

ඒත්,

ළමයි විදියට අපිට තනියෙන් තීරණ ගන්න බෑනේද?

දෙමව්පියො මගෙන් බලාපොරොත්තු වෙන දේ මට දෙන්⁣න බැරි උනොත්??

මං නීති කඩන්න පොඩි කාලෙ ඉදලා ගොඩක් බය උනා.. තාමත් ඒක එහෙමයි... ඉතිං රහසින් ආදරේ කරන්නත් මං බය ඒකමයි..

අනේ මංදා,

හැගීම් කියන ඒවා හරි පුදුමාකාරයි..

වෙලාවකට සැහැල්ලු උනත් වෙලාවකට දරා ගන්න බැරි තරම් බරයි..

කව්රු හරි දරා ගන්න බැරි දෙයක් කියන්න කිව්වොත් සමහරු විවිධාකාර ඒවා කියයි.. ඒත් මට අනුව බර වැඩිම දේවල් හැගීම්..

අත් වලට ඒ බර නොදැනුනාට ඒ බර හිතට දැනෙනවා ගොඩක්......

________________

🙂💔

මේ කතාව පිස්සුවත් වගේද?? 😪🙌

නෑ නිකම් ඇහුවෙ 😁👏

යූෂි ටේහ්‍යොන් සෙට් වෙයිත 😌🙌

බලමු නේත

බායි 🙂❤🙂❤🙂❤🙂❤🙂❤🙂❤🙂❤🙂❤🙂❤️🙂

#blacklily

HIDDEN LOVE|KTH|✔|Where stories live. Discover now