එදයින් පස්සෙ.......
මන් වෙනස් උනා... හුගක්...
මුලින්ම මං කරේ ටේහ්‍යොන් දුන්න වොච් එක කඩලා විසි කරා... ඊට පස්සෙ.
ඊට පස්සෙ, මං උත්සහ කලේ එයාගෙ මතක අමතක කරගන්න.. ඒත් ඒක හරියට ගගට කපපු ඉනි වගේ වැඩකට නැති දෙයක් උනා..
මං පලි ගන්න යන්නෙ නෑ,
ඒක එහෙම වෙන්න තිබ්බ දෙයක් වෙන්න ඇති.
ඔව්.... ඒ දෙන්නගෙන් කාගෙවත් වැරැද්දක් නෑනේ.
සමහරවිට... මං... මං පරක්කු උනා වෙන්න ඇති...
ආදරේ.... ආදරේ මහ වේදනාවක් කියලයි මං ඉගෙනගත්තෙ!
මට එහාපැත්තෙ බෙන්ච් එකේ තියෙන නපුරු මූණ දිහා නොබලා ඉන්න හිත ඉඩ නොදුන්න තරම්... කොච්චර උත්සහ කරත් අඩුම එක පාරක් ඒ මූණ දිහා බැලෙනවා.. මං වශී වෙලා... මං ආදරේ කරන්න පටන් අරං... හැබැයි තනියෙම... තනියෙම ආදරේ කරන එක හරි වෙනස්.. ඒකපාර්ශවික ආදරේට තියෙන්නෙ හරි වේදනාකාරි මාවතක්... නොලැබෙන දෙයක් වෙනුවෙන් පෙරුම් පුරන එක??? ඒක ගොඩක් රිදෙනවා....
ඒත්,
ඈත ඉදං හරි ඒ මූණ දිහා බලං ඉන්න මං වාසනාවන්ත වෙනන ඇති... අඩුම වචනයක් කතා කරන්න මං වාසනාවන්ත වෙන්න ඇති.. එක පාරක් හරි ඒ හිතේ මං ගැන තාවකාලික හරි ආදරයක් දළුලන්න තරම් මං වාසනාවන්ත වෙන්න ඇති..
"යූ........ෂියො............. "
කල්පනා ලෝකෙන් ආයෙ මේ ලෝකෙට ආවෙ සෝබින්ගෙ කෑ ගැහිල්ල නිසා..
"මොකද??"
"ලියලා"
මැත්ස් පොතක් මට දික් කරන ගමන් සෝබින් කිව්වා..
මේ කාලෙ ඇතුලත මං එක වැඩක් පටන් ගත්තා.. ඒ පිරිමි ළමයි ආශ්‍රය වැඩි කරපු එක.... මං දන්නෙ නෑ...පිරිමි ළමයෙක් එක්ක හිනා වෙවී කතා කරන හැම වෙලේම ටේහ්‍යොන් මං දිහා බලං හිටියෙ රවාගෙන...
"ආහ් හරි හරි.. කෝ දෙන්න"
"තැන්ක්ස් බං"
සෝබින් පිටටත් තට්ටුවක් දාගෙන යන්න ගියා...
"යූ මගෙත් ලි...."
ටේහ්‍යොන් කියන්න ගිය දේ ආපුහු ගිලගත්තා... මට මොකක්ද අහන්න ගියෙ කියලා අහන්න හිතුනත් මං නැවතුනේ... මං දුර්වල හිංදා...මාව ටේහ්‍යොන් ඉස්සරහ දුර්වල වෙන නිසා.. මං ආස උනේ නෑ කතා කරන්න.. සියාරව ළඟින් ආශ්‍රය කලත් මං බය උනා ටේහ්‍යොන් එක්ක කතා කරන්න.
ඒත්,
පහුවදා උනේ ලෝක පුදුමයක්.
"යූ... මගෙ වැඩ ටික කරලා දෙන්නකො"
ඒ ටේහ්‍යොන්... මාස ගානකට පස්සෙ.... ඒ කටින් මගෙ නම ඇහෙන්න තරම් මං වාසනාවන්ත උනා..
"ආහ්.. හරි දෙන්න."
"ෆස්ට් පීරියඩ් එකේදි දෙන්නම්."
ටේහ්‍යොන් එහෙම කියලා යන්න ගියා... හේරා ආපු ගමන්ම මං කෙල්ලට කිව්වෙ මේ විස්තරේ ගැන..... කෙල්ල බෙල් කරනකම්ම මට වද දුන්නෙ පොත ඉල්ල ගනින් පොත ඉල්ල ගනින් කියලා.
අන්තිමේ ෆස්ට් පීරියඩ් එකට බෙල් කරා.. සෝහි ලව්ව පොත ඉල්ල ගත්තෙ මට එතෙන්ට යන්න කැමැත්තක් නොතිබුණ හිංදා..
පොත අතට ගත්ත මං මගෙ වැඩත් පාඩු කරං ලියන්න ගත්තා... ඒත් එක වෙලාවක හිතුනා..... ඇයි මං මෙහෙම කරන්නෙ කියලා... මොනවා හම්බෙනවටද කියලා....
ඇත්තටම මොනවා හම්බෙනවටද????
මං දන්නෙ නෑ...
ඒත් එහෙම හරි ලං වෙන්න අවස්ථාවක් තියෙන එක ගැන මං සතුටු උනා.. මට සියාරා ටේහ්‍යොන් ආදරේ කඩන්න උවමනාවක් නෑ... මට ඊරිසියත් නෑ.. ඒ්ත් මං සතුටු උනා මාත් එක්ක එහෙම හරි කතා කරන එක ගැන..
_________________________
ඇයි මං මේ ලබ්බ ලියන්නෙ 😒💔
*හිත නිදහස් කොර ගන්න ඕනෙ හිංදා.. 🙂💔
ආ හරි බං එළ..🤓💔
#blacklily
YOU ARE READING
HIDDEN LOVE|KTH|✔|
Romanceඅව්රුදු 16 දි අපි හම්බුනා අව්රුදු 17 දි ඔයාට මං හිතින් ආදරය කරා අව්රුදු 18 දි ඔයා මාව ප්රතික්ෂේප කරා අව්රුදු 20 දි අපි අපේ පාරවල් වලට වෙන් වුනා අව්රුදු 30 දි අපි නැවත මුනගැහුනා අව්රුදු 33 දි අපි එකතු උනා. බොලද උනත් නොවුනත් මේකත් ආදර කතාවක්..ඇත්ත ක...