forgive me 1

196 23 0
                                    

Kuki pov.

වැස්සක් වැටිල් ඉවර උනාම කතාවට කියනව
මුලු පරිසරයම ප්‍රබෝදමත් වෙනවලු ..ඒක හරියට ප්‍රශ්න එන්න එන්න මිනිස්සු ශක්තිමත් වෙනව වගේලු. ...

ඒක ඇත්ත උනත් අමතක උනා නේද ඒ වැස්ස දරාගන්න බැරුව වැස්සත් ඒක්කම මියැදෙන පුන්චි ගස්,පුන්ච් සත්තු..
හහ්..එයාල ගැන කාටවත්ම වැඩක් නෑ..හැමෝම අවදානෙ දෙන්නෙ අලුත් උන පරිසරයට..එයාල එතනට දෙන අවදානෙ පොඩ්ඩක් හරි වැස්ස ඉවරවෙනකම් දරාගෙන තව දුරටත් අල්ලන් ඉන්න බැරි කෙනෙක්ට දුන්නොත් එයා නැගිටියි අනිත් හැමගහකටම වඩා ලස්සනට..

මින්හී.........තාමත් අතීතෙ එල්ලිල ඉන්න එක නවත්වන්න නූනා...එයා ගියා..ඒයාට ඔයාව පුන්චි පැටියව ඕන නෑ නූනා......

ඇයි කුකී එයා එහෙම කලේ..මට මේක දරාගන්න අමාරුයි..මම මොකක්ද කුකී කරපු වැරැද්ද ?

වැරැද්ද තාමත් අතීතෙ එල්ලිලා එක අඩියක්වත් පුන්චි පැටිය එක්ක යන්න උත්සාහ නොකරන එක.නූනා කිව්ව නේද අල්ලන් ඉන්න ගස් වලට උදව්වක් ඕන කියල ඒ හයිය මම වෙන්නම්..මගෙ නූනා දැන් නැගිටින්න ඕන..

අයිගෝ.....උරි කුකී ලොකු වෙලා තියෙන තරම්..අපි යමු.ආයෙ ඔය ගැන කතාකරන්න එපා..ම්ම්.....ඔයාගෙ හ්‍යුන්ට දීපු තැන වෙන කෙනෙක්ට දෙන්න තරම් මම ශක්තිමත් නෑ බනී තාම.

ඒ කියන්නෙ හ්‍යුන්ට තාමත්?

නෑ කුකී..ඔයා කලින් කිව්ව වගේ මගෙ පැටිය එක්ක මම ඉස්සරහට යන්නම්.අප්ප නැති එයාට ඔම්මවත් නැති කරන්නෙ නෑ මන්.
වැස්සකට නැමිල පොඩිවෙලා ගිය ගස් හොදටම දන්නවා ඒ කොලම එක්ක එයාට ආයෙ නැගිටින්න බෑ කියල.ඉතින් ඒ ගස් ඒව කඩල දාල ආපහු නැගිටිනව වගේ මම මගෙ පැටියත් එක්ක නැගිටිනව.කුමොවො මේ කාලෙම මම එක්ක හිටියට..

දේ නූනා..ඒත් නූනා හ්‍යුන්ට වයිර කරනවද?

වයිර කරන්නවත් එයා ගැන බලාපොරොත්තුවක් තවත් මේ හිතේ නෑ කුකී..අනික ආදරෙ කරපු කෙනාටම වයිර කරල හැදිගෑවිලා යන්න කියන්න තරම් මගෙ ආදරේ පහත් නෑ..

හ්ම්..හෙට අන්තිම නඩු වාරෙ කලින් ඒවට ලෝයර් ආවත් මේකට හ්‍යුනුත් එනව කියල ටෙටේ හ්‍යුන් කිව්ව.නූනට අවුලක් නෑනෙ.

 Girl × Boy Short FfWo Geschichten leben. Entdecke jetzt