CHAPTER 1 🎾

1.2K 186 65
                                    

ටික් ටික් යන හඩින් තත්පර කට්ට ඔරලෝසුව වටා දිව ගියත් මගේ ජීවිතේ මට දැනුනේ එක තැන නැවතිලා වගේ... හරියට බැටරි බැස්ස පරණ තාලේ ඔරලෝසුවක් වගේ... කාලයක් උවමනා වුන දැන් අතෑරලා දාපු ජරා ගොඩක් වගේ... ඒත් මං මෙහෙම ඉන්න උවමනාද ?.. ඇත්ත මං වරදක් කලා.. ඒකට මං දඩුවම් වින්දා.. මං කලේ ආදරේ ආදරේ හෙව්ව එක.. මට නොලැබුණ ආදරේ හෙව්ව එක..ඒත් මට ආදරේ ලැණුනා.. මාව තේරුම් නොගත්ත කෙනෙක්ගෙන්.. මාව විශ්වාස නොකල කෙනෙක්ගෙන්.. සිද්ද වුන පොඩි දෙයකින් එයා මාව විනාශ කලා.. ඒක අතපසුවීමක්.. ඔව් ඒක වරදක් තමයි.. ඒත් ඒකට මෙතරම් දඩුවමක් ?..

කාමරයේ තිබ්බ පොත් පත් , එක එක පරණතාලේ බඩු මේ හැමදේම මට ගෙනාවේ කලකිරීමක්... මං ගැනම.. මං මෙතන ඉන්න ඕන කෙනෙක් නෙවෙයි... ඒත් ඇයි මං මෙතන ඉන්නේ... මගේ මේ ඉස්සරහා ඉන්න කෙනාට ඕන ඕන විදිහට ඉන්න එකද ඇත්තටම මං කරන්න ඕනේ ?.. විශේෂයෙන් මං වගේ කෙනෙක්... ?..

" හරි මිස්ටර් කිම් අදට මේ ඇති... මතක ඇතිව ඊළග සෙශන් එකටත් එන්න.. දැන් මිස්ටර් කිම් ගේ තත්වය ගොඩක් හොද තත්වයේ තියෙන්නේ.... "

" Thank You Doctor ...මං එහෙනම් ගිහින් එන්නම්... "

මගේ ඉස්සරහා හිටිය කෙනාට එහෙම නැත්නම් ඩොක්ටර්ට ආචාර කරලා කොරිඩෝව දිගේ එන ගමන් මං කල්පනා කලේ ඇත්තටම මං ආයේ එන්න ඕනද කියලා... කොරිඩෝවේ තිබ්බ වීදුරු වලින් පෙනුන කලබලකාරි සෝල් නගරයට මං වෛර කලා.. ටික වෙලාවක් නැවතිලා මං ඒ දිහාම බලන් හිටියේ දැනුන පිළිකුල එක්ක අත් මිටි මෙළවෙද්දී... මේ නගරයට මං කොච්චර දේවල් කලාද ?.. මේ රටට මං කොච්චර දේවල් කලාද ..?. ඒවා නිකන් පදක්කමකට , කුසලානයකට සීමාවුන දේවල් විතරද ?.. මිනිස්සු කොහොමද එක රැයකින් මෙහෙම වෙනස් වෙන්නේ ?.. සෝල් වල අභිමානය කියලා මහා ලොකු පුරසාරම් දොඩවලා එක තත්පරෙන් මානසික ලෙඩෙක් ගාණට ඇදලා දාන්නේ කොහොමද ?...

ඈතින් කුරුලු කූඩුවක් හැඩේට පෙනුන Jamsil Olympics Stadium එක දිහා බලන් බර හුස්මක් පිට කරලා මං කල්පනා කලේ ඇයි මට එහෙම වුනේ කියලා.. මං නමින් කිම් සොක් ජින්.. කොරියාවේ හිටිය දක්ෂතම ටෙනිස් ක්‍රීඩකයා... පිට පිට ශූර්තාවය දිනාගෙන ජාතික කණ්ඩායම වෙනකම් යන්න මට වාසනාව ලැබුණා.. ඒත් ඒ හැමදේම විනාශ වෙලා යන්න ගියේ ඇයිද කියන්න මං දන් නෑ... මොකද තවමත් මට මගේ වරදක් පේන් නැති නිසා.... ඇත්තටම මං වරදක් කලේ නැහෑ... හැම වරදම කලේ මගේ වටේ හිටපු මිනිස්සු... එකටම ඉදන් මගේ කකුලෙන් ඇදලා ගොඩ ඒමක් නැති අගාදයකට ඇදලා දැම්ම ඒ හිතක් පපුවක් නැති මිනිස්සුන්ට මං අදටත් වෛර කරනවා....

INNOCENT GUY 🚫 || KSJ  [ COMPLETED ]Where stories live. Discover now