Eun ha pov...
"ළමයෝ!!! කෙල්ලේ!!! මොකද මේ උනේ ආහ්?"
මං උදේ ම ඇහැරුනේ ඔලුවේ වේදනාවට වගේ ම ඔම්මගේ සද්දෙට.
මං ඇදේ ඉදගෙන ඔම්මා දිහා බලාගෙන හිටියා.
"මොකක් ද ඔම්මා"
"මොකක් ද අහන්නේ??? මං ඊයේ ඔයා එනකම් බලං ඉදියා. කෝල් කරාට ඔයා පෝන් එක ගත්තෙත් නෑ. මං රෙස්ටුරන්ට් එකට එන්න හදද්දී තමයි ඔයාගේ යාළුවෙක් මට කෝල් කරලා කිව්වෙ ඔයා අද එන්න ටිකක් පරක්කු වෙයි කියලා. මොකක් ද උනේ පුතේ. ඇ.. ඇයි මේ ඔලුවේ බැන්ඩේජ් එකක් දාලා???"
"ආහ් ඕ.. ඔව් ඔම්මා මට ඊයේ එන්න ටිකක් රෑ වුණා. මගේ පෝන් එකේ බැට්රිත් බැහැලා තිබ්බ හින්දා ඕෆ් වෙන්න ඇති. "
"එතකොට මේ බැන්ඩේජ් එක ගැන මොනාද කියන්නේ?"
"ආහ් මේ.. ඒක මේ.. ඊයේ මං.. එද්දි පොඩි ඇක්සිඩන්ට් එකක් උනානේ"
"අනේ කෙල්ලෙ ගොඩක් අමාරුයි ද? මං කියලා තියෙනවා ඔය බයිසිකල් කට්ට පදිද්දි පරිස්සමින් පදින්න කියලා. අපි බෙහෙත් ගන්න යමුද?"
"අනී ඔම්මා. මට දැන් හොදයි. මං හැප්පුන කාර් එක ඩ්‍රයිව් කරපු එකේ මාව ඩොක්ටර් කෙනෙක්ට පෙන්නලා බෙහෙත් අරන් දීලා මාව ගෙදරට ම ඇරලවන්න ආවා."
"අනේ ඒ ළමයා කොච්චර හොඳ දරුවෙක් ද?"
Eun ha's mind:- හොද? රෙද්ද තමයි. හරියට කතා කරන්නවත් දන්නේ නෑ. ඇත්තමයි මං කැමතිම නැති වචනයක් තමයි ඔය තමුසේ කියන එක😒. ඒ වචනයෙන් මිනිසුන්ට රිද්දන විදිය හරිම අමුතුයි.
"ඔව් ඔම්මා"
"හරි හරි දැන් එහෙනම් ඔයා ඇඳට වෙලා විවේක ගන්න. මං කන්න මොන හරි ගේන්නම්"
"ඔම්මා!!! අයියෝ 7.30ත් පහු වෙලා. මම restaurant එකට යන්නත් ඕනා."
"මේ කොහේ යන්නද ගෙදරට වෙලා ඉන්න ළමයො අද"
"බෑ බෑ ඔම්මා යන්න ඕනා."
මං ඉක්මනට බාත් රූම් එකට ගිහිල්ලා ශවර් එක යටට වෙලා හිතුවේ කොහොමද ජින්ට අපේ අම්මගෙ නම්බ එක වගේම පේ ගෙදර ඇඩ්‍රස් එක හම්බ උනේ කියලා.
මං වොෂ් එකක් දාගෙන ලෑස්ති වෙලා ඔම්මටත් කියලා එන්න හදද්දි තමා මතක් උනේ බයික් එක නෑ කියලා. මං ඒක ගැන හිත හිත ඉද්දිම මං ඔම්මගෙන් ඔම්මට කෝල් කරපු නම්බර් එක ඉල්ල ගත්තා.
මං පයින් යන ගමන් ඒ නම්බර් එකට කෝල් කරා. පලවෙනි පාරයි, දෙවෙනි පාරයි කට් කලත්, තුන්වෙනි පාර රින්ග්ස් යද්දි ආන්සර් කලේ තරහ ගියපු කට හඩකින්.
📞...
"යොබුසේයෝ"
"යො.. යොබුසේයෝ"
"කවුද මේ කතා කරන්නේ??"
"ඔය කවුද???"
"හ්ආ. මං කවුද කියලා අහන්නේ තමුසෙනේ කෝල් එක ගත්තේ"
හරිනේ මං හිතුවා මේ චිම්පන්සියා වෙන්න ඇති කියලා😒👍🏻.
"ආහ් මේ ජින්ද??"
"දේ දේ. ජින් තමා. කවුද කියනවා මේ උදේ පාන්දර ඔලුව කන්නේ???🤨"
"යාහ්. මම එයුන් හා!!!"
"මෝහ්. එයුන් හා??? මට එහෙම කෙනෙක් මතක නෑනේ"
"යාහ්. ඊයේ ඔයාගේ කාර්.."
"හරි හරි. මට මතකයි තමුසෙව😒"
"හ්ම්."
"ඇයි දැන් කෝල් කරේ??🤨"
"ආහ්. මේ.. නි.. නිකම්. ඔයා අපේ අම්මට කෝල් කරලා තිබ්බා ඒකයි බැලුවේ"
"හ්ම්. එච්චරයිනේ මං තියනවා එහෙනම්"
"ඔහොම ඉන්න ඔහොම ඉන්න"
"ආහ්. වේ😩"
"මට දෙයක් දැන ගන්න ඕනි"
"මොකක් ද කියනවා ඉක්මනට"
"මේ ඔයා කොහොමද මගේ ඔම්මගේ නම්බර් එකයි අපේ ගෙදර ඇඩ්රස් එකයි හොයා ගත්තෙ???🤨"
"ආහ් ඒකද? ඒක එච්චර හිතන්න එපා. හරිනේ එහෙනම් මං තියනවා බායි"
"මුලින්ම කතා කරන්න ඉගෙන ගන්නවා මෝඩයා. ය.. යාහ්. අයිශ් තිබ්බ නේ ද. මෝඩ මී හරකා😩"
🎭🎭🎭🎭🎭🎭🎭🎭🎭🎭🎭🎭🎭
Vote, Comment Guys 🙃❤️.
Bye 👋🏻👋🏻.
Saranghea ❤️🤗.
YOU ARE READING
🎭 THE MASK🎭| Jin | On Hold
Fanfiction#තමුසේ මූන වහගෙන හිටියට තමුසේ ගැන මං හොදට දන්නවා. #ඇත්තට? තමුසේ මොනාද මං ගැන දන්නේ. #ම.. මං තමුසෙගේ කට හඩ දන්නවා. #හ්ආ. තමුසේ මොනාද මගේ කට හඩින් කරන්න හිතන් ඉන්නේ. #මං තමුන් ගැන හැමදේම හැමෝටම කියනව. #තමුසේ කොහොමද කියන්නේ. තමුසේ ජීවතුන් අතර ඉන්නේ තව...