🎭CHAPTER 7🎭

17 7 4
                                    

මං QT ගැන දන්න නිසා ම තමා එයාව බදා ගත්තේ. QT හරි ආසයි මං එයාව හග් කරං ඉන්නවට. එතකොට එයාගේ හිතේ තියෙන තරහත් අඩු වෙනවා.

"ඔප්පා ඔයා මාව හග් කරලා බේරෙන්න ද හදන්නේ??😒"

ඉවරයි!!! වැඩේ අහු උනානේ.

"QT මං මේ...😶"

"ඔප්පා මට මුලින්ම කියන්න ඇයි අද ගෙදර නේ පරක්කු උනේ කියලා???🤨"

"QTයාහ් මට එන්න පරක්කු උනේ එද්දි පොඩි ඇක්සිඩන්ට් එකක් උනානේ😕"

"ඔ.. ඔප්පා කි.. කියන්න ඔයා හොදින් නේද? අනේ ඔයාට කිසිම කරදරයක් නැහැ නේ? ඔයාට තුවාල ද ඔප්පා? කාර් එක කොහෙද accident ඕනේ?🥺🥺🥺"

QT ඇහුවේ ඇස් වල කදුළුත් පුරවගෙන.

"යාහ් QTයා මට මොකුත් උනේ. මගේ කාර් එකේ හැප්පුන කෙනාට තමා තුවාල උනේ, ඔයා අඩන්නත් අරන්☹️"

"හම්මෝ. ඔයාට මොකුත් උනේ නැත්නම් මට ඒ ඇති🙁"

Jin pov...

"එතකොට QT ඔයා මගේ කාර් එකට හැප්පුන කෙනාට කොහොමද කියලා අහන්නේ නැද්ද?🤔"

"මං මොකටද එයා ගැන හිතන්නේ එයාටත් පිස්සු නේ මගෙ ඔප්පගේ කාර් එකට ම හැප්පුනේ. වෙන කාර් එකකට හැප්පෙන්න නේ තිබ්බේ😌"

එහෙම කියන ගමන් QT මාව තද කරලා බදා ගත්තා. පලවෙනි පාරට මට අමුත්තක් දැනුනා. මං QTගෙන් බලාපොරොත්තු උනේ මීට වඩා වෙනස් උත්තරයක්. ඒත් අද මට හිතුනා QT ආත්මාර්ථකාමී උනා කියලා. ඕන එකක් එයා තාම පොඩියිනේ කියලා මං ඒක හිතින් අමතක කරා.

"QT බඩගිනියි කමුද?"

"කමු. එන්න."

මං QT එක්ක කන්න ගත්තේ අද uni එකේ වෙලා තිබ්බ සිද්ධිය ගැන කතා කරන්නත් එක්කමයි.

"QT!!!"

"ඔප්පා???"

QT කතා කරේ චොප්ස්ටික් එකෙන් සුප් එකේ එලවළු කෑල්ලක් කටේ ඔබා ගන්න ගමන්.

"මොකක් ද අද uni එකේ දී උනේ🤨"

"ක්හ්ම්. ක්හ්ම්. 😣😣"

එකපාරට ම එයාට කැස්සක් ආව නිසා මං වතුර වීදුරුව අරන් එයාට හිමීට පෙව්වේ පීට අත ගාන ගමන්. එයා පොඩ්ඩක් කොන්ෆියුස් උනා මං අහපු ප්‍රශ්නෙට. පව්. කදුළුත් ඇවිල්ලා.

"හා හා. හිමීට බොන්න"

"අහ්ම්. අහ්ම්"

"හරි දැන් මට කියන්න මොකද උනේ?🤨"

"ඔප්පා මේ..😶"

"QT!!! මට සිද්ද වෙච්ච දේ හරියට ම දැන ගන්න ඕනි🤨"

"ම්ම්ම්. ඔප්පා. මේ වැඩි දෙයක් උනේ නෑ. මේ පොඩි බිත්තරයක් ළඟින් ගියා"

"මෝහ්??🤨 ළඟින් ගියා!!! QT අද ළඟින් ගිය බිත්තරේ හෙට උණ්ඩයක් වෙන්න පුළුවන් ඔයාට තේරෙන්නේ නැද්ද???🤨"

"😶"

"හරි. මට කියන්න ඇයි ඔයා පීටර්ට යන්න කිව්වෙ🤨. "

"ඔප්පා පීටර් එක්ක ගාඩ්ලා එද්දි මට හරි අවුල් ඔප්පා. එයාලා මං යන යන තැනට එනවා. මාත් එක්ක bathroom එකට විතරයි එන්නේ නැත්තේ. මෙයාලා කෙල්ලෝ උනා නම් ඒකටත් එයි. කැම්පස් එකේ ළමයි මං දිහා බලන්නේ අඟහරු වලින් ආව කෙනෙක් දිහා බලනවා වගේ☹️. ඒකයි මං පීටර්ට යන්න කි.."

"නවත්තගන්න QT!!! ඔයා දන්නවා මට කොච්චර Business හතුරෝ ඉන්නවාද? එයාලගෙන් මට විතරක් නෙවෙයි ඔයටත් කරදරයි. ඒකයි QT මං ඔයාව මෙච්චර පරිස්සම් කරන්නේ. අනික QT මට ඉන්නෙත් ඔයා විතරයි. මට ඔයාවත් නැති කර ගන්න බෑ."

"මියානේ ඔප්පා. මං ආයේ පීටර්ට යන්න කියන්නෙ නෑ😊"

"අරස්සො QT. කුමාවෝ මාව තේරුම් ගත්තට"

"ඔප්පා!!!"

ඔන්න ආයෙත් මාව හග් කරා.

"ඔයා dinner අරන් ඉවරද?"

"හ්ම්"

"දැන් යන්න නිදා ගන්න. හ්ම්!!! හෙට කැම්පස් යන්නත් තියෙනවා නේ"

"අරස්සො ඔප්පා. GOOD NIGHT"

" GOOD NIGHT QT"

QT නිදාගන්න උඩට ගියා ම මාත් dinner අරන් ඉවර වෙලා ඔෆිස් එකේ වැඩ ටිකත් ඉවර කරලා නිදා ගන්න ඇදට වැටුනේ අද වෙච්ච සිද්ධි ගැන කල්පනා කරනවත් එක්කම එයුන් හා ගැනත් හිතන ගමන්.

🎭🎭🎭🎭🎭🎭🎭🎭🎭🎭🎭🎭🎭

ඔන්න දුන්නා.

Vote, Comment Guys 🙃❤️.
Bye 👋🏻👋🏻.
Saranghea ❤️🤗.

🎭 THE MASK🎭| Jin | On HoldWhere stories live. Discover now