〽️පළමු ඉන්නිස〽️

98 11 10
                                    

තැන තැන ඇවිලෙන ගිනිදැල් අතරින් ඉදිරියට තම අසු මෙහෙයවමින් ගමන් කරන්නට වූයෙ තවත් සතුරන් නසන්නට ඇත්දැයි විමසා බලමිනි..නමුත් මට වැඩි දුරක් යෑමය නොහැකි විය..කොහෙන්ද ඇදී ආ ඊ තලයක් මාගේ කුස පසාරු කරමින් අනෙක් පසෙන් මතු වන බව මට දැනෙන්නට විය.කුසෙන් ගලා යන රුධිරය ධවල පැහැ අසුගේ සිරුර රක්ත පැහැ ගන්වන්නට ගත වූයෙ සුලු මොහොතකි..මා මෙතෙක් වෙලා මාගෙ අක්බඹරු වන් දිගු කේෂකලාපය වසන් කර සිටි රෙදි කඩ ගලවා දැමීය..කුමරිය!! ඒත් සමගම ගැඹුරු තියුණු හඬකින් මා හට අමතන හඬ ඇසෙන්නට විය..හඬ කන වැකෙත්ම අවට ප්‍රදේශය කාල වර්ණයට හැරී නොපෙනී යන්නට ත් අසු පිටින් මා වැටෙන වගත් මට දැනෙන්නට විය.ශක්තිමත් උණුසුම් දෑතකට මැදිවනවාත් සමගම සියලු වේදනා පහ වී සැහැල්ලු භාවයකින් පාවෙන වග දැනෙන්නට විය..🏹






අදත් වෙනද වගේම ඒ හීනේ....හැමදාම ඔය වගේ වැටෙන තැනින් අදත් මාව ගැස්සිලා ඇහැරුණා..මුලු ඇඟම දාඩියෙන් නෑවිල ගිහින්...කවද වෙනකන් මේ හීනෙ දකින්නද මන්දා??

Fire...!!!! Fire....!!!!

හීන ලෝකෙ හිර වෙලා හිටපු මාව මේ ලෝකෙට ආවෙ ෆෝන් රාජයා ගෙන් ආපු alarm සද්දෙට..දැන් ඉතින් කුස්සිය පැත්තට නොගියොත් අනිවාර්යයෙන් ම මට සිසී ගේ වලන් පිඟන් ප්‍රහාරයකට මුහුණ දෙන්න වෙනවා.

"ආ සුභ උදෑසනක් ඔබ තුමීට !මොකෝ මේ alarm එක ගහනකොටම නැගිට්ටෙ?"

උදේ පාන්දරම කුස්සියට යනකොට සිසීගෙ පුදුම වුණ මූණ මගෙන් ප්‍රශ්න කරන්න ගත්තා..

"අනේ නෑ සිසියෝ..අදත් අර විකාර හීනෙ පෙනුන මට..ඒක නෙවේ මොනාද හදන්නෙ?"

"අද අපේ ලොකු මැඩම් යනවනෙ ඉතිම් Hybe entertainment එකේ boy band එකට දොස්තර නෝන වෙලා.. ඒ නිසා මං මේ කිරිබතක් උයල බලන්න හැදුවෙ..කොරියන් කිරිබත් "

"සා..සිසී ඔයා මාරයි නේ..මං මොනාද කරන්න ඕනෙ දැන්..?"

"ලොකු දෙයක් නෑ..හොඳ ලියා වගේ අර ඔයාගෙ රසම රස සීනි සම්බෝලෙ හදන්නකෝ.."

හා හා පුරා කියල අලුත් තැනක වැඩ කරන්න යන නිසා අද සිසී එහෙම නැත්තම් මගෙ ප්‍රාණ සම මිතුරිය නිසලි ගෙන් මට කිරිබත් සංග්‍රහයක්..

The Secret Medicine (slow updates)Where stories live. Discover now