හම්ම්.... මීට අවුරුදු හයකට කලින් මම මීට වඩා ගොඩක් පොඩි හයිස්කූල් යන ළමයෙක්.කාත් කවුරුවත් නැති මම පොඩි කාලෙ ඉදන් ජීවත් උනේ සෝල් වල තිබ්බ අනාතනිවාසෙක. මට මතක ඇති කාලෙක ඉදන් මම ජීවත් උනේ එතන. අපි හැමෝවම බලාගත්තේ mrs. Rose එයා හරි හොද කෙනෙක්. හැම ළමයෙක්ටම එයාගෙ ළමයින්ට වගෙ සැලකුවෙ. එතන හිටපු ළමයි බලාගන්න ඔනි නිසාම එයාගෙ තරුන කාලය අනාත නිවාසෙ ළමයි වෙනුවෙන් කැපකලා.
එතන හැම ළමයෙක්ම අවාසනාවකට එයා අවු. 58න් නැතිවුනා. එතකොට මට 18ක්. කොහොමත් Mrs. Rose නැති උනත් නැතත් මට අවු.18ක් උනාට පස්සෙ අනාතනිවාසෙ ඉන්න බෑ.
ඒ කාලෙම වගේ මට සෝල් වල තියෙන ලොකුම university එකට යන්න චාන්ස් එකක් හම්බුනා.ඒක තමා මගේ ජිවිතේ හැරවුම් ලක්ෂය උනේ.
මට ඒ කාලෙ එක යාලුවෙක්වත් හිටියෙනෑ. ම්ම් ඇත්තටම කිව්වොත් කව්රුවත් මාත් එක්ක යාලුවෙන්න ආවෙ නෑ. එයාලට මම වගේ අනාතයෙක් ආශ්රය කරන එක මදිපුංචි කමක් කියලා හිතෙන්නැති. මොකද කිව්වොත් එකේ ඉගෙන ගත්තෙ ගොඩක් පොහොතස් මිනිස්සුන්ගෙ ළමයි නිසා..
දවසක් මට අහම්බෙන් library එකේදී කෙනෙක්ව හම්බුනා. ඒක අහම්බයක් උනත් මට හිතුනෙ ඒක දෙවියන් විසින් මට දුන්න අවස්තාවක් කියලා. බොහොම පොඩි වෙලාවකදි උනත් අපි දෙන්නා ගොඩක් ක්ලෝස් උනා. අපි යාලුවො උනා. එයත් korea වල top 10 company එකක CEO කෙනෙක්ගෙ එකම පුතා. ඒත් එයා අනිත් අයට වඩා ගොඩක් හොද කෙනෙක්. හිනාවෙද්දි ඇස් දෙක හීනි වෙනවා.හරියට චූටි බබෙක් වගේ.
Hot,sexy,cute ඔක්කොම එක සැරේ. එයත් මට ඒකමයි කියන්නෙ. එයා මට ආදරේට කතාකලේ Angel baby කියලා. එයා මට ඒම කතාකරද්දි මගේ හදවත් වේගෙන් ගැහෙනවා. නිකන් එලියට පනින්න වගේ. මට දැනෙනවා මගේ ඇගඇතුලෙන් හිරියක් යනවා. මම ගොඩක් වෙලාවට මාව රතුපාට වෙන්න නොදී ඉන්න ගොඩක් මහන්සිවෙනවා. මොකද මාව රතුඋනාම එයා මගෙ කම්මුල් දෙක ගොඩක් තනින් අල්ලගෙන මට විහිලු කරනවා.
මාස තුනක විතර කාලයක් අපි දෙන්නා නමක් දෙන්න නොදන්න ඒත යාලුකමට,සහෝදරකමට එහා ගිය අමුතුම බැදීමක් අස්සෙ හිරවෙලා හිටියා. ඒ බැදීමේ , ඒ දැනෙන හෑගීම් වලට නමක් දෙන්න කලින්ම එයා මගෙන් ඈතට ගියා.
එක දවසක් එයා මගේ ගාවට දුවගෙන ඇවිල්ලා කිව්වා එයාට USA යන්න වෙනවා කියලා. ඒ වගේව තව අවුරුදු කීයකින් ආපහු කොරියා එන්න පුලුවන්වෙයිද දන්නෑ කියලා එයා කිව්වා.ඒ වගේම ඒ එන දවසට මේ දැනෙන හැගීම් වලට කියන නම හොයාගෙන මාව හම්බෙන්න එන්නම් කිව්වා.මට එයාව අමතක කරන්න එපා කිව්වා.
අපි දෙන්නා ගොඩක් වෙලා බදාගෙන ඇඩුවා. අපි දෙන්නම හිතුවෙ නෑ මේ තරම් ඉක්මනට අපි දෙන්නට වෙන්වෙන්න වෙයි කියලා.ඒත් ඒ අපි දෙන්නා වෙන්වෙන දවසට කලින් දවසෙ මම හොයාගත්තා මොකද්ද ඒ දැනෙන හැගීම කියලා. මම ඒ දේ කියන්න තමා එදා ආවෙ. ඒත් ඒ දේ කියන්න කලින් එයා කිව්වා මෙහෙන් යනවා කියලා. ඒනිසා මම කියන්න ගියේ මෑ ඒ දැනෙන හැගීම ආදරේ කියලා. එහෙම කිව්වනම් එයාට මෙහෙ දාලා යන්න බැරිවෙයි අපෙ දෙන්නා සම්බන්ධයක් පටන් ගන්නත් කලින් මෙහෙන් යන්න වෙන එක එයාව ගොඩක් දුකටපත් කරයි කියලා මට හිතුනා. මට දැනෙන වේදනාව එයාට දෙන්න මගේ හිත ඉඩදුන්නෙ නැත්තෙ ඒක වෙන්නැති.
එයා යන්න කලින් එයා මගේ බෙල්ලට ලස්සන white gold necklace එකක් දැම්මා. එකේ තිබ්බෙ යතුරක්. ඒ වගෙම එයා ගාවත් තිබ්බා ඉබ්බෙක් ඉන්න necklace එකක්.
එයා අන්තිමට කිව්වෙ " හැම යතුරකටම අයිති ඉබ්බෙක් ඉන්නවා. ඒ වගේම හැම ඉබ්බෙක්වම ඕනම යතුරකින් අරින්න බෑ. ඒක අරින්න ඒකට අයිති යතුර තියෙන්න ඕනි. ඒ වගේ තමයි මේ ලෝකෙ මොනතරම් කෙල්ලො හිටියත් ඔයාව ඇරෙන්න වෙන කෙනෙක්ට මගේ හදවත කියන ඉබ්බව අරින්න බැරිවෙයි." කියලා.
ඉතින් මම මේ දැන් හිටගෙන ඉන්නෙත් එදා එයා එ දේ කියලා මාව මේ රටේ තනිකරලා දාලා ගිහිපු තැන. අදට එ සිදුවීම වෙලා අවුරුදු 6ක් වෙනවා.දැන් මට අවුරුදු 24ක්. ඒ වගේම මම ගොඩක් ප්රසිද්ධ lowyer කෙනෙක්. අඩුවයසින් මට ගොඩක් ප්රසිද්ධ lowyer කෙනෙක් වෙන්න පුලුවන් උනා.
ඒ වගේම මම තාම බලාගෙන ඉන්නවා එයා මාව හොයාගෙන අපේ හැගීමට කියන නම හොයාගෙන ආපහු එනකන්.
සමහර විට යතුර මගේ ලග තිබ්බට එයාගෙ ලග තියෙන ඉබ්බව අරින්න වෙන යතුරක් හම්බෙලා ඇති........
Clora🥀