Chapter 07

64 15 0
                                    

"Xue Yang නැගිටින්න..."

මුලු රෑම නින්දක් නැතුව ඉදලා උදෙන්ම ගිහින් කාමරේ නිදාගෙන හිටපු xue yangව නැගුට්ටපු jiyang  එයාවත් එක්කන් කෑම කන්න වාඩිවුනා...

"ඔයා ලෑස්තියිද..?"

"මට ඔයාගෙන් ඉල්ලන්න දෙයක් තියෙනවා..."

"මොකක්ද..?"

"Daozhangට පන දෙන්න..."

"Xue Yang...Xingchen ගේ ආත්මය එයාම විනාස කරා කියලා ඔයා දන්නවනේ... ඉතින් කොහොමද එයාට ආයෙමත් අපි පන දෙන්නේ...?"

"මට ඒවගෙන් වැඩක් නෑ...ඔයාගේ Haoxuanට පන දෙන්න පුලුවන් මට විතරයි..."

"ඔයා මට තර්ජනය කරනවා..?"

"අනිවාරෙන්ම ඔව්...මට මගේ xiao xingchen Daozhang ඕනේ..."

"ඒත් එයාට ආපහු එන්න බෑ Xue yang...ඔයා ඒක තේරුම් ගන්න ඕනේ..."

"එයාට එන්න බැරිනම්...."

"Xue yang...?"

"ඔයාට පුලුවන්නේ මගේ daozhang වෙන්න..."

කපටි හිනාවක් දානගමන් Xue yang කියද්දී jiyang එයා දිහා ඔරවලා බැලුවා...

"මොන මගුලක්ද කියවන්නේ..?"

"Xingchen වගේම haoxuanත් දැනටමත් මැරිලා ඉවරයි...ඇයි jiyang ඔයාට බැරි මගේ වෙන්න..."

හයියෙන් හිනාවෙන ගමන් xue yang jiyangට හේත්තු වුනා...ඒ ස්පර්ශයෙන්ම jiyang අහකට වෙද්දී xue yangට කේන්ති ගියා...

"Song Jiyang ඔයා මාව කේන්ති ගස්සනවා..."

"ඔයා haoxuan නෙමෙයි...අනික ඔයා මේ කාලෙට අයිති කෙනෙකුත් නෙමෙයි..."

"ඔව් මම පිලිගන්නවා...අපි කාල දෙකක...හැබැයි ඔයා මගේ Xingchen..."

"මම තමුසෙගේ xingchen නෙමෙයි..."

"මම තමුන්ගෙ Haoxuanට පන දෙන්නේ නෑ"

"Xue yang..."

Xue yangගේ බෙල්ල අල්ලගත්තු jiyang එයාව බිත්තියට තියලා තද කරා...

"Jiyang Jiyang Jiyang...ඔයා හොදටම දන්නවනේ මම ඔය වගේ දේවල්වලට බය කෙනෙක් නෙමෙයි කියලා..."

තවමත් හිනාවෙන xue yang දිහා කේන්තියෙන් බලපු jiyang එයාව අතෑරියා...

"ඕන වෙන එකක් නෑ... කාලයන්ත්‍රයක් හදන්න පුලුවන් උනු මට තව අවුරුදු දෙක තුනක් මහංසි වුනොත් tiger seal එක නැතුව මගේ haoxuanට පන දෙන්න පුලුවන් වේවී...."

"එහෙනම් මොකටද මාව එක්කන් ආවේ...?"

"මට කාලය මදි නිසා මට ඉවසීම මදි නිසා..."

"එහෙනම් දැන් කාලය තියෙනවද?.."

"කමක් නෑ...මට Haoxuan ඇර වෙන කෙනෙක් එපා.."

Xue yangව සාලෙම දාලා jiyang ලැබ් එකට යන්න හැරුනා විතරයි යමක් පිටේ ඉදලා බඩ වෙනකම් කපාගෙන ආවා කියලා තේරුනු කොල්ලා නැවතුනා....
ඒ වෙනකොටත් Xue yangගේ ද්වාර තලිසම් භාවිතයෙන් අතුරුදහන් කල ජියැන්ග්සායි කඩුව jiyangගේ බඩෙන් එලියට මතුවෙලා තිබුනා....

"මගේ ළග නැති ඔය Haoxuan ලග ඔයතරම් තියෙන දේ මොකක්ද..?"

Jiyangගේ ඇගෙන් ජියැන්ග්සායි ඇදලා ගන්න ගමන් xue yang ඇහුවා....

බඩට අත තියපු jiyang අත අරන් බලද්දී අත ලේ වලින් නෑවිලා තිබුනා....

"සමහර විට තමුන් ඔහොම නොකරානම් මම පුදුම වෙන්න තිබුනා...Haoxuanගෙයි තමුන්ගෙයි වෙනස නේද..? වෙනස තමයි මේ තමුන්ට ඕනේ අයිතිකරගන්න විතරයි...තමුන්ට ආදරේ කරන්න තේරෙන්නේ නෑ...තමුන්ට තමුන්ගේ xingchen නැති වුනේ තමුන්ගෙම වරදින්..."

"Song Jiyang තමුන් විහිලු කරනවද..? නැත්තන් තමුන්ට අමතක වෙලා...තමුනුත් ඒ වගේමයි...තමුන්ටත් ඕනේ haoxuan අයිති කරගන්න විතරයි...Haoxuan නැති වුනෙත් තමුන්ගෙම වරදින්..."

"මම Haoxuanට ආදරෙයි...නැත්තන් මමත් තමුන් වගේම එයාගේ පෙනුම විතරක් තියෙන තමුසෙට කැමති වෙනවනේ...."

"තමුසේ මට නැත්තන් ඌට අයිතිවෙන්න ඉඩතියන්නෙත් නෑ මම...."

ජියැන්ග්සායිගෙන් Jiyangගේ පපුව සිදුරු කරපු xue yang වියරුවෙන් කෑගහන්න පටන් ගත්තා....
කඩුව ආපහු පපුව සිදුරු කරන් එලියට එද්දී jiyang පපුව අල්ලන් එතනම බිමට කඩාගෙන වැටුනා...

PROFESSOR SJ (Yangxuan) (Completed)Where stories live. Discover now