[හයවැනි කොටස]

305 59 14
                                    

ඊලග දවසේ මන් උදෙන්ම ගියා. ගිහිල්ලා නෙතුට මන් මගේ හිතේ සෙනුති ගැන තිබ්බ හැම දෙයක්ම කිව්වා. එයා ගැන මගේ හිතේ ලොකු කැමැත්තක් වගේම කියා ගන්න බැරි තරම් ආදරයක් තියෙන බව. එ වගේම මගේ අතින් එයාට වැරැද්දක් වෙලා තිබුණා නම් ඒකටත් මන් සමාව ඉල්ලුවා. මන් හිතුවා හරි නෙතු මාව තේරුම් ගත්තා. එයා මට සමාව දුන්නා වගේම මගෙන් සමාව ඉල්ලුවා.

"රිෂි ඔයා හිතනවාද සෙනුති ඔයාට කැමති වෙයි කියලා?"

"මගේ හිතෙත් ඒ ප්‍රශ්නේම තියෙනව. ඒත් මන් බොරුවක් කරන්නේ නැහැ නේ එයාට අවංකවම මන් ගොඩක් කැමති. මට හිතෙනව එයා කැමැත්ත දෙයි කියලා නෙතු"

"ඔව් උබේ හිතේ තියෙන්නේ අවංකව ආදරයක්. මට තේරෙනවා බං. ඉක්මනින් කියන්න බලන්න එයාට. එතකොට එයා තිරණයක් අරගෙන කියයි නේ "

" එයා දැන් අර අතන ඉන්නවා මන් ගිහින් කියන්න ද එයාට? "

බැල්කනිය ළඟට වෙලා යාළුවෝ එක්ක කියව කියව ඉන්න සෙනුතිට මන් කතා කරන්න යන්න හදද්දිම. නෙතු මගේ අතින් ඇදලා අරගෙන යන්න එපා කිව්වා

" එපා එපා දැන් එපා..... බලහන් දැන් එයාගෙ යාළුවො ඔක්කෝමලා ඉන්නවා. දැන් ගිහින් කිව්වොත් උන් ඔක්කොම හිනා වෙයි උබට. දැන්ම එපා මන් කියන විදියට කරන්නකෝ"

"එයා සාමන්‍යයෙන් ඔන්ලයින් එන වෙලාවක් තියෙනව නේ අන්න ඒ වෙලාවට ඔයා මැසේජ් එකක් එයාට දාන්න ඔයාට ටිකක් කතා කරන්න ඕනේ කියලා. එයා හා කියල කියපු ගමන්ම ඔයා එයාට කැමති කියන්න. ඔයාගෙ හිතේ එයා ගැන තිබුණු ආදරය කියන්නේ එයාට. හැම දෙයක්ම කියන්න "

ආදරෙන් අන්ධ වෙලා හිටපු මට මන් කරන කියන දේ ගැන වත්  සිහියක් තිබුණේ නැහැ. නෙතු කියපු විදියට කරන්න ඕනේ කියලා මට. වෙනදාට වඩා මන් ගොඩක් ලොකු සතුටකින් ගෙදර ගියේ. සාමාන්‍යයෙන් සෙනුති ඔන්ලයින් එන්නේ හවස 6.00 වගේ. ඉතින් එයා එනකන් මන් බලාගෙන හිටියා. මන් මගේ හිතේ එයා ගැන තියෙන හැඟීම කොහොමද කියන්න ඕනේ කියලා පුරුදු උනා. 6.00 වෙන්න වෙලාව තව තිබුණු නිසා මන් ඉස්කොලේ ගෙදර වැඩ ටික කරන්න ගත්තා.  නොදැනීම වෙලාව ගිහින් තිබුණා. 6.30 වගේ මන් ෆෝන් එක අරගෙන වට්ස්ඇප් චැට් එකේ එයාගෙ contact එක හොය හොය ඉද්දිම මන් දැක්කා එය ස්ටේටස් එකක් දාලා තියෙනවා.  ස්ටේටස් එක බලලා ඒකට රිප්ලයි එකක් දාලා එතනින් කතාව පටන් ගන්න ඕනේ කියලා මන් හිතුවා. ඒත් එයා දාලා තිබුණ දේ දැක්කහම මගේ හිතේ මන් අහස උසට හදල තිබුණ හින හැම දෙයක්ම කැඩිලා යනවා වගේ මට තේරුණා. ඒකේ තිබුනේ කවුද මන්දා ගෑනූ ලමයෙක් එයාගෙ කැමැත්ත සෙනුතිට ප්‍රකාශ කරලා ලියුමක්. ඒක එයා ෆොටෝ එකක් අරගෙන ස්ටේටස් දාලා තිබුණා. එයා ඊට යටින් දාලා තිබුණේ "finally she said that." ඒ ගෑනූ ලමයාගෙ කැමැත්ත එයාට ලැබිලා. මෙච්චර කල් එයා කැමැත්ත බලාපොරොත්තුවෙන් හිටපු, කවි ලියපු ගැනු ලමයා එයාට කැමැත්ත දීලා තිබුණා.

𝐀𝐦𝐨𝐮𝐫 [Complete] Wo Geschichten leben. Entdecke jetzt