Chapter 28

4.2K 541 170
                                    

ඉතින් seol වෙනුවෙන් ජන්ග්කුක් ටේහ්‍යුන්ග්ගෙ කකුල් දෙක අල්ලලා වැඳලා හරි සල්ලි ඉල්ලගන්න හිතුවා. පුංචි සොල්ට මොනාහරි උනොත් ජන්ග්කුක්ට එයාටම සමාවක් දීගන්න බැරිවෙයි. ඒ හින්දා ජන්ග්කුක් එදා ටේහ්‍යුන්ග්ගෙන් උදව් ඉල්ලන්න හිතුවා.

"ස්.සර්.." ජන්ග්කුක්ගෙ බියමුසු කටහඬට ටේහ්‍යුන්ග් කර කර හිටපු වැඩේ නවත්තලා ජන්ග්කුක් දිහා බැලුවා.

"ම..ට උදව්වක් ඕනෙ." ජන්ග්කුක් කියද්දි ටේහ්‍යුන්ග් පුදුම උනත් එයාගෙ මූණෙන් නම් කිසිම හැඟීමක් පිටතට දිස් උනේ නෑ.

"මොකද්ද?" ටේහ්‍යුන්ග් අහද්දි ජන්ග්කුක් දිග හුස්මක් උඩට අරන් ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

"ම..මට ණයක් ගන්න පුළුවන්ද??"

"කීයක්ද?" ටේහ්‍යුන්ග් පුදුමය හංග ගෙන ජන්ග්කුක්ගෙන් ඇහුවා. ජන්ග්කුක් කියන්නෙ කවදාවත් කාගෙන්වත් කිසිම දෙයක් ඉල්ලපු කෙනෙක් නෙවෙයි. ටේහ්‍යුන්ග් ඒක හොඳටම දන්නවා. ඒ නිසාම ජන්ග්කුක් සල්ලි ඉල්ලන්නෙ මොකක් හරි වැදගත් දෙයක් වෙනුවෙන් කියලා එයාට හිතුණා.

"පවුම් දහදාහක්.." ජන්ග්කුක් ඒක කියලා තදින් ඇස් දෙක පියාගත්තා.

"හොඳයි.." ටේහ්‍යුන්ග්ගෙ කටහඬට ජන්ග්කුක් ගැස්සිලා ඇස් ඇරියා. එයා හිතුවෙ නෑ ටේහ්‍යුන්ග් මෙච්චර ඉක්මනට ඒකට කැමති වෙයි කියලා.

"අනේ ගොඩක් ස්තූතියි සර්.. සර් කරේ ලොකු උදව්වක්. මං පොරොන්දු වෙනවා සර්ට ඒ සල්ලි ටික කොහොමහරි ඉක්මනට ආපහු ගෙවනවා කියලා." ජන්ග්කුක් ඇස් වල කඳුලු පුරවගෙන ටේහ්‍යුන්ග්ට ස්තූති කරද්දි ටේහ්‍යුන්ග් ආයෙමත් එයාගෙ කටහඬ අවදිකරා.

"Sleep with me. I'll give you the money."

"මො..මොකද්ද?" ටේහ්‍යුන්ග්ගෙ වචන ජන්ග්කුක්ට අදහාගන්න බැරිවුණා.

"මාත් එක්ක නිදාගත්තොත් මං සල්ලි දෙන්නම්. ඒක කරන්න බැරිකමක් නෑනෙ. කොහොමත් තමුසෙ ගණිකාවක්නෙ. තමුන්ගෙ කටින්මනෙ කිව්වෙ මගෙ ඩික් එක ලොකු නිසා තමුසෙ මාත් එක්ක හිටියෙ කියලා.. නේද? තමුසෙට මතක ඇතිනෙ ඒවා.. දැන් මගෙ ඩික් එක ඉස්සරටත් වඩා ලොකුයි.. ඒ හින්දා තමුසෙව ඉස්සරටත් වඩා හොඳට pleasure කරන්න මට පුළුවන් වෙයි." ටේහ්‍යුන්ග්ගෙ කුරිරු වචන වලට ජන්ග්කුක්ගෙ ඇස් වලින් කඳුලු කැට බේරුනා. ටේහ්‍යුන්ග් දන්නවා එයා ජන්ග්කුක්ට කතා කරපු විදිහ වැරදියි කියලා. ඒත් අවුරුදු ගානක් තිස්සෙ හිතේ හිරකරන් හිටපු වේදනාව ටේහ්‍යුන්ග්ගෙන් පිටවුණේ ඒ විදිහට.

Forbidden Love [ Taekook ] ✔️Where stories live. Discover now