1. Entry

1.7K 201 75
                                    


මෙහි සඳහන් වන සියලු නම් ගම් මනඃකල්පිත වේ











"ඔහ්..ඔවුන් පැමිණියා ද?"

මහා ශාලාවේ අනන්තය වෙනතෙක් වැටිලා තිබුනු බැල්ම හා පිටවුනු වචන එක්ක යාන්තමට ගෝසාවක් තිබුනු මුලු ශාලාවක්ම එක තත්පරයෙන් නිහැඩියාවක වාස භවයක් කරේ මනුෂ්‍ය ලෝකයේ ජීවත් වෙන කෙනෙක්මයි කියන්න විශ්වාස කරන්න බැරි තරම්.. මොකද, ඒ ගෑඹුරු ඒත් රලු ගතියක් කොහෙත්ම නැති සවන් පිනවන කට හඩක් නම්, ඔව් සත්තකින්ම ඒ කටහඩ අයිති මනුෂ්‍ය ලෝකයේ අයෙක්ට කිව්වොත් මුසාවක්..

තද දුඹුරු පාට කඩාගෙන හැලෙන කේෂ කලාපයෙන් හරි අඩක උඩට කරලා බැදපු, ලා කහ පැහැයට හුරු තේජස් ඇදුමින් හිසේ සිට පාදාන්තය වෙනකල්ම රත්තරං ආභරණ වලින් සැරසුනු ඒ රූපය.. නමින් සුර දෙව් තලයේ රජු තායි යැන්ග්..

තායි යැන්ග් නම් සූර්යයා යි. එනම් ලොවක් එලිය කරන්නායි.

ඉතින් තායි යැන්ග් රජු ගේ දෙපසෙහි තවත් සතර දෙනෙක්. පිලිවෙලින් රජුගේ දකුණු පසින් ඔහුගේ භාර්යාව. වම් පසින් මුලින්ම රජුගේ වැඩිමහල් දියණිය හයි ලී. දෙවැන්නා තායි යැන්ග් රජුගේ වැඩිමහල් පුත් යූ ජුආන් වගේම අවසානය නම් රජුගේ බාලම පුත් බයි දූයී..

ඒ හැරුනු කොට මුලු දේව තලයක්ම පාලනය කරන මහා දේව මණ්ඩලයක් ප්‍රමුඛ මහ දේව සභාව.. කුතුහලයත්, තවමත් කිසිත් නොවුනු අහේතුක බියත් මුදුන් කරගත් දැල්වුනු දෑස් සියල්ලක් පාහේ මේ ශාලාවේ ප්‍රධාන දොරටුවට යොමාගෙන..

ඉතින් නමින් සූර දේව වගේම රූපයෙන් අගතැන්පත් තායි යැන්ග් රජුගෙත් ඒ නමට උරුමකම් කියන අනෙක් දෙතුන් දෙනාගේමත් මුහුනේ අන්ද ගත්ත ලොකු හිනාවක්.. ඒත් එක් අයෙක් හැර..

හරියටම දැන් මේ මහ ශාලාවට සම්ප්‍රාප්ත වෙන අයට කොහෙත්ම පක්ෂපාතීත්වයක්, හිතේ කොතනකවත් හිතවත්කමක් නැති අයෙක් ගානට හේතුකද අහේතුකද නොදන්න කෝප ගැන්වුණු බැල්මක් ඇති දේව රූපය..

ඒ දූයී.. කොයි මොහොතෙත් මුලු මුනින්ම සුදු පැහැයෙන් වැහිලා හිටපු සුර දේව තලයේ අධි රජුගේ බාල පුත් කියන නමට මොන තරම් ගෞරවයක් පිලි ගැනීමක් තියෙන කෙනෙක්ද කිව්වොත්.. ඒ හැම දේකටම හරි යන්න පරාද නොවෙන් උසකින් ලොකු උඩගු කමින් පිරුනු මහන්තත්වයක් දූයී ට තියෙනවා.

Melted Rocks ✓Where stories live. Discover now