3. දේව හීනෙකින්වත් බෑ

823 151 62
                                    


කොහොම නමුත් තවදුරටත් යුද්ධයක් නෑ.. දෙපැත්තට පිල් බෙදි ගහ මරාගැනීම් සම්මත කර ගත් ගිවිසුමකට අනුව තව දුරටත් ඒ ලෝක දේක අතර නෑ..

ඒ කොහොම නමුත් පලාතක්ම කලබගෙන හමාගෙන ගිය හුලගක් එක්ක ඇස් මානයේ තිබුනු හැම දෙයක්ම ලතාවට වැනෙන්න අරන් පලාතක්ම වහ ගත්ත කාල වර්න පරිසරය අමුතුම සිසිලකින් පනවන්න සමත් වුනා කිව්වේත්.. ඒ වැනුනු ලතාවට වැඩිමනක් අනුග්‍රහය දුන්නේ දිලිසේන කොල පැහැති දෙයක්.

ඒකත් හරිම තේජස් සම්පන්නව සතර දිශාවටම අතු පතර විහිදපු කාල වර්ණ අතු දරා ගත් කොල වෙනුවට දිලිසෙන ලා කොල පැහැති මල් පුරව ගත් ගහක්..

දැකුමෙන් සුන්දර නමුත් ස්පර්ශයෙන් රිදුම් දෙන කටු අතරේ භ්‍රමර රැගුමකටවත් ඇරයුම් නැති මල් පිරුණු ගහක්..

ඉතින් හරියටම කලාමැදිරියන් වහගත්තා කාලෙක වගේ මුලු ගහම ඒ මල් එලියෙන් දිස්නෙ දෙද්දි හුලගක් තරම් සියුම් තරමට අත්තකින් පොළව ඉබපු පුද්ගල ඡායාවක් එක වතාවක් මේ දිස්නෙ ගහන මුලු ගහ දිහාමවටම බැල්මක් දීලා සෘජු ගමනින් ඇවිදන් යන්න පටන් ගත්තා නම්..

කොල පාටින් දිලිසෙන මල් නිසාමයි කියලා කියන්න බැරි ඇස් දෙකේ කාන්තිය එක්ක ඒ කෙනා ඇදිලා ගියේ නිමවුනු ලෝහය හලි හමකට මොකක්ද කියලා අනුමාන කරන්න බැරි උස ද්වාරයක් ඉදිරිපිටට.

මැදින් සුදු වැල්ලත් දෙපසින් අතුරපු කලු ගල් රටානටත් මැදී වුනු පාරේ ඒ ද්වාරය 'අඳුරෙහි රජයන ත්‍රිත්ව මාණික්‍යන්' යන්න තේමාව මුදුන් කර ගත් දත් විලිස්සන මකර ඔලු තුනක නිර්මාණයක්. ඒ වගේම ද්වාරයේ මැද රජයන මකර ඇස් රුධිර පැහැයක් ද දකුණු මකර ඇස් ලා නිල් පැහැයක් ද වම් පස මකර ඇස් ලා තැඹිලි පැහැයකින් ද දිලිසෙද්දි මේ පුද්ගලයා දොරටුව දෙපස හුන් ආරක්ෂකයින්චේ ගරු බුහුමන් මැද මාර්ගයේ ඉදිරියටම අඩිය තිබ්බා.. මොකද..

පිටි පස්සට බැඳගත්ත අත්, කොල පාටින් දිලිසෙන ඇස්, කිසි කලබලයක් පාට නොවුන පෙනුම දිශානතිය වැටුනු තැන පිහිටන්නේ මෙතන ඉඳන් තව ගව්වක දුරින්.. ඒත්,

"ෂියු ලන්! මදක් ඉන්න.."

වචන ආවේ කොහෙන්ද කියලා මේ කෑලි කපන කලුවරේ ඇත්තටම හොයා ගන්න පුලුවන් වුනා මොකද එතන තිබුනු හැම කනුවකම පාහේ රතු පාටින් ගිනි දැල් පත්තු වෙන පන්දම් රදවලා තිබ්බා. ඉතින් කතා කරපු කෙනත් හිටියේ ඒ කනුවකට ඇන තියාගෙන නම් අවශ්‍ය පුද්ගලයා දුටු තැන හේ හිටපු තැනින් නික්මුනා.

You've reached the end of published parts.

⏰ Last updated: Jul 05 ⏰

Add this story to your Library to get notified about new parts!

Melted Rocks ✓Where stories live. Discover now