විනාඩි දහයකට පහලවකට කලින් නියමෙටම ඉර පායලා තියෙනවා මං හොදටම දැක්කා.ඒත් මේ තත්පරේට ඒක හොයාගන්නවත් බැරි වෙන වේගෙකින් හැරිලා ගිහින්. අපිට නොකිව්වට, අපි නොදන්නවා වුනාට එයාලා අතරත් ලොකු ලොකු ප්රශ්න ඇති සමහරවිට . එයාලා අතර කියන්නෙ ඉරයි හදයි තරුයි දේදුන්නයි අතර. සමහර විට දේදුන්නට තමා වැඩිපුරම ප්රශ්න ඇත්තෙ. මොකද එයානෙ අඩුම කාලයක් පේන්න ඉන්නෙ. ඒවා කොහොම වුනත් මට තරු විතරක් පේන්න ගත්තෙ කාර් පාර්ක් එකේ නවත්තලා තිබුනු ජිමින් හියොන්ග් ගෙ කාර් එක දැක්ක ම. ඒ කියන්නෙ එයා තවම ඔෆිස් එකට ගිහින් නෑ.
"කු_ක්....!!"
හියොන්ග් ට හොරෙන් මං බාත් රූම් එකට යන්න හැදුවෙ ඊටපස්සේ හියොන්ග්ට අහු නොවීම හෙමිහිට රූම් එකට යන්න පුලුවන් නිසා. ඒත් අතටම අහු වුනා!.
"ආහ්.. හියොන්ග් තාම ඔෆිස් ගියේ නැද්ද ?.."
මම දෙකට ගනින්න බැරි මනුස්සයෙක් වගේ ඇහුවේ ඉනටත් අත තියාගෙන හියොන්ග් මම දිහා බලන් ඉදියෙ ලොස්ට් මූවි එකේ දූපතේ අවුරුද්දක් හිර වෙලා ඉදල හොයාගතිපු මනුස්සයෙක් දිහාබලන විදියට නිසා .
"ඔව්. තමුන් දවස තිස්සෙම රට වටේ ගිහින් ඇවිත් ඔය ප්රශ්නෙ මගෙන් අහනකම් තමා මම බලන් ඉදියෙ. අනේ ඇත්තමයි මට එන කේන්තියක්. ශෙහ්..! තමුන් වගේ කෙනෙක් මගෙ මල්ලි කරගත්තට වඩා හොදයි තව බල්ලෙක්ව අරන් හදාගත්ත නම්."
ඒකෙත් හැටි . මම මනුස්සකමටයි එයාගෙ හොදටයිනෙ ඇහුවෙ ඔෆිස් ගියෙ නැද්ද කියලා . හදිස්සියෙවත් හියොන්ග් ට ඔෆිස් යන්න ඕනෙ කියලා අමතක වෙලා තිබුනොත්!. අනික එයා තව බල්ලෙක් බැරි නම් දෙන්නෙක් හදාගත්තත් මට මොකද. මොකෝ මගේ අකවුන්ට් එකෙන් යන්නෙ නෑනෙ ඒකට සල්ලි.
හොදම දේ තමයි හියොන්ග් ශෙහ් කියපු පාර විසිවුනු කෙල ටික ගිහින් වැදුනෙ උදේ පාන්දර අපේ ගෙදරට ඇවිත් උඩ තට්ටුවට එන ගමන් ඉදපු යුන්ගි හියොන්ගෙ මූනෙ.
"මං ඉතින් වැරදි දෙයක් ඇහුවෙ නෑනෙ"
"මොකද මේ උදේ පාන්දර දෙන්නත් එක්ක කෑ ගහගන්නෙ. වටේ පිටේ ගෙවල් වල මිනිස්සුන්ටත් නිදාගන්නත් නෑ".

YOU ARE READING
𝗔𝗠𝗢𝗨𝗥 | 𝗧𝗔𝗘 × 𝗞𝗢𝗢𝗞
Фанфикමට එහෙම කරන්න ඕනි වුනේ නෑ හියොන්ග් . කවදාවත් ම, මට ඔයාට එහෙම කරන්න ඕනෙ වුනේ නෑ ජින් හියොන්ග් !!. ඔයාගෙ කුක්ට සමාව දෙන්න පුලුවන්ද ඔයාට?.. - ජියෝන් ජන්ග්කුක් - ඔයා කවදාවත් ම වැරැද්දක් කරේ නෑ කුක්. මෙතන ඔයා දන්නෙ නැති දෙයක් තියෙනවා. ඒ දේ දැනගත්ත දවසට...