"හියොන්ගි ඔයාට කොහෙන්ද මේවා?"
"දැන් මෙතනට අදාල ඕවා කොහෙන්ද කියන එකද කුක් නැත්නම් ඔයා මට හොරා ගියා කියන එකද?"
"හියොන්ගි..."
"හියොන්ගි තමා ජන්ග්කුක්ක්!. ඕක ඉස්සරහට බලන් යන්න.ඔයාගෙ යාලුවත් ඇති."
"සමාවෙන්න හියොන්ගි. කුක්ට සමාවෙන්න."
"සමාවෙන්න කිව්වම ඔක්කොම හරියනවද කුක්? ඔයා මට කරපු බොරු ඔක්කොම හරියනවද? ඔයා පොඩ්ඩක්වත් හිතුවේ නැද්ද මේකෙන් වෙන දේවල් ගෙන?ඔයා දන්නවා මම ඔයාව කොච්චර පරිස්සම් කරනවද කියලා. ඔයා දන්නවා මම කවදාවත්ම ඔයාට කිසි දේකට බල කරලා නෑ කියලා. ඔයා දන්නවා මම හැමදාම ඔයාගෙ කැමැත්තට ඉඩ දුන්නා කියලා. ඔයාට කියන්න තිබුනා යන්න ඕනෙ කියලා. එහෙනම් මම ඔයාව එක්කන් යනවා.ඔයාට මට යන්න ඕනෙ කියලා කියන්න බැරි වුනේ ගර්ල්ස්ලත් එක්ක එතන ගිහින් ඉන්න ඕනේ වුනු නිසාද ජන්ග්කුක්? ආහ්හ්. උත්තර දෙනවා මට!"
"නෑ හියොන්ගි එහෙම නෑ. ඒ ගර්ල් යුනිවර්සිටි එකේ යාලුවෙක්. අනෙක එයාට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. මම ක්ලබින් ගියේ ආසාවට ට්‍රයි කරලා බලන්න.ඔයාට කිව්වොත් බැනුම් අහන්න වෙයි කියලා හිතලයි අපි කිව්වේ නැත්තේ. සමාවෙන්න හියොන්ගි. ඔයා හිතනවා වගේ දෙයක් එතන නෑ."
"ඔයා හිතනවද කුක් සමාව දුන්නා කියලා හැමදේම හරියනවා කියලා. වැරැද්ද කරලා ඉවරවෙලා සමාව ඉල්ලුවට වැඩක් නෑ ජන්ග්කුක්. එතකොට වෙන්න ඕනෙ දේවල් ඔක්කොම වෙලා ඉවරයි.ඒක නිසා මීටපස්සෙවත් ඉගෙන ගන්න වැරැද්දක් නොකර ඉන්න. එතකොට ඔයාට කාගෙන්වත් සමාවක් ඉල්ලන්න ඕනෙ වෙන්නෙ නෑ!."
"හියොන්ගී..!" උදේ ඉදන්ම මගේ දිහාවත් බැලුවේ නැති හියොන්ගි මගෙ දිහා බලලා කතා කරනකොට කිසිම දෙයක් නොහිත මම හියොන්ගිගෙ බෙල්ල බදාගත්තා.
"කුක්! ඔයා ඇහුවා නේද මේ ෆොටෝස් කොහෙන්ද කියලා. ඔයා නොදන්නවා වුනාට ඔයාලා ගියපු ක්ලබ් එක මගේ යාලුවෙක්ගේ. එයා මට කෝල් කරලා කිව්වා යොන්ජුන් ක්ලබ් එකට ඇවිත් කියලා.මම එතකොට ඉදියෙ බිස්නස් ට්‍රිප් එක ඉවර වෙලා ගෙදර එන ගමන්.ඔයාලා කාටවත් කිව්වේ නැත්තෙ මට ඔයාලව සප්‍රයිස් කරන්න ඕනි වුනු නිසා.මම ඒ එන ගමන්ම ක්ලබ් එකට ගියේ යොන්ජුන්ගෙ කනෙන් ඇදන් එන්න.ඒත් ක්ලබ් එකට ගියපු මම දැක්කේ යොන්ජුන් ඩ්‍රින්ක්ස් ගන්න එකයි ඔයා ගර්ල් කෙනෙක් එක්ක ඩාන්ස් කරන එකයි.ඔයාලව සප්‍රයිස් කරන්න ආපු මම සප්‍රයිස් වුනා.මට ඒ වෙලාවෙම ඔය දෙන්නව කනෙන් ඇදන් අරන් එන්න ඕනෙ වුනත් මම එතන මගේ ගාර්ඩ් කෙනෙක්ව තියලා එලියට ආවේ පස්සෙ මට හිතුනා ඕක ඊලග දවසෙ නිව්ස් සයිට්ස් වල තියෙනවා දකින්න ඕනෙ නෑ කියලා. ඒ වගේම ඔයාලගේ නිදහස පොඩ්ඩක් දෙන්න ඕනෙ කියලා මම හිතුවා. ඒත් ඔයා මට පස්සෙ හරි ඒ ගෙන කියයි කියලා මම හිතුවා කුක්.
![](https://img.wattpad.com/cover/310104989-288-k674547.jpg)
YOU ARE READING
𝗔𝗠𝗢𝗨𝗥 | 𝗧𝗔𝗘 × 𝗞𝗢𝗢𝗞
Fanfictionමට එහෙම කරන්න ඕනි වුනේ නෑ හියොන්ග් . කවදාවත් ම, මට ඔයාට එහෙම කරන්න ඕනෙ වුනේ නෑ ජින් හියොන්ග් !!. ඔයාගෙ කුක්ට සමාව දෙන්න පුලුවන්ද ඔයාට?.. - ජියෝන් ජන්ග්කුක් - ඔයා කවදාවත් ම වැරැද්දක් කරේ නෑ කුක්. මෙතන ඔයා දන්නෙ නැති දෙයක් තියෙනවා. ඒ දේ දැනගත්ත දවසට...