" මැනික.. "
"ම්ම්ම්.. ජන්කුකි... "
හිරු රත් පැහැයට හැරී මුලු පරිසරයම රත් පාටින් දිදුලන මොහොතක තමන්ගේ පුංචි ආදරවන්තයාව අත් අතරේ තියාගෙන තුරුලු කරගෙන ඉන්න ජන්කුක් හිටියේ එයාගේ ආදරේ හා එයාගේ අනාගතේ ගැන මහ මෙරක් බලාපොරොත්තු ගොඩනගා ගෙන..
සුරදූතයෙක් වගේ ඉන්න ඒ පුංචි කුමාරයාව ජන්කුක් තමන්ගෙ දරදඩු අත් වලින් මිරිකිලා යන්නම බදන් හිටියේ කවුරුහරි ඒ මැනික උදුරන් යයි කියලා හිතන ගමන්..
" ජන්කුක්.. "
" කියන්න රත්තරං "
තමන්ගේ තුරුලෙන් ඈත් කරනගමන් ජන්කුක් ඒ බෝල ඇස් වලට එබෙන ගමන් කතා කලේ තමන්ගේ පුංචි රෝස මල දිහා ආදරෙන් බලන්..
" ජන්කුක් මම.. ඔයාට.. ගොඩක් ආදරෙයි "
"මමත් මැනික.. මගේ ජිවිතේ තියෙන තුරාවට ආදරෙයි.. ,
ආපහු වතාවක් ඒ ආදරවන්තයන් දෙදෙනා වැදලගත්තේ ඔවුනොවුන් ගේ ඇස් වලින් පෙනෙන දහසක් සිතුවිලි දෙදෙනාට තේරුම් ගන්න ඉඩ සලස්වමින්..
" ජන්කුක් මට දැන් ගෙදර යන්න ඕනි."
තවත් එක් දිනක්.. ආදරවන්තයන්ටම සුවිශේෂි වූ දවසක්.. ජන්කුක් එයාගෙ පුංචි මැනිකවත් එක්කගෙන ආවේ ලස්සන පරිසරයක් තියෙන පාර්ක් එකකට..
දෙන්නත් එක්ක එකිනෙකාගේ තුරුලේ ඉදන් සිනහවෙමින්.. පුංචි පුංචි හාදු වලින් ඒ දෙන්නා කාලය ගත කලේ හරිම නිදහසින්..
" ආදරෙයි මැනික මම.. "
" මමත් ජන්කුක්.. "
තම අත් අතර රැදිලා ඉන්න මල් කැකුලගේ නලලත හිමින් සිපගන්න ගමන් එහෙම කිව්ව ජන්කුක් හිටියේ ආදරේ කියන දේ උපරිමයෙන් වීදිමින්..
" කොහොමද එහෙම වුනේ මැනික.. මේ බෙල්ල මෙච්චර රතු වුනේ කොහොමද.. ඇලජික් එකක් නම් අපි යමු ඩොක්ට කෙනෙක් ගාවට.. "
" ඕනි වෙන එකක් නැ ජන්කුක්.. මම හොදින්.. ගොඩක් හොදින්.. "
තම ආදරවන්තයාගේ ඇගෙ සැම තැනම පැතිරුන රතු පැල්ලම් නිසා දුක් වුන ජන්කුක් ඒ සිනිදු කුඩා දෙඅත් වලට සියුම් හාදු දුන්නේ ඒ මල් කැකුල ගැන දැනුන වේදනාවෙන්...
ඒත් ජන්කුක් දැනන් හිටියේ නැ එයාගේ ආදරේ එයාට ලොකු බොරුවක් කරනවා කියලා..
ආදරෙන් අන්ද වෙලා හිටිය ජන්කුක්ට එයාගෙ ආදරවන්තයගෙ වෙස්මුණ පිටිපස්සෙ හිටිය වංචාකාරයාව පෙනුනේ නැ..
hello ❤️
new story
taekook
jikook
vminkookකතාව සාර්ථක වෙයිද දන්නැ..
ඒත් කියවලා බලන්න..
top kook
bottom jimin , taehyungතවම පැහැදිලි නැතුව ඇති.
ඉක්මනට අප්ඩේට් දෙන්නම්..
මම ඉක්මනින් මේක ඉවර කරනවා.

YOU ARE READING
𝐏𝐮𝐫𝐞 𝐋𝐢𝐥𝐲 ₜₐₑₖₒₒₖ ᵛᵐⁱⁿᵏᵒᵒᵏ ✅
Fanfiction" සමාවෙන්න ජන්කුක්.. මට තවත් ඔයා එක්ක ජිවත් වෙන්න බැ.. අපි මේ සම්බන්දේ නවත්තමු " " ඔයාට පිස්සු හැදිගෙන එනවද ජිමින්.. ඔයා දන්නවා මට ඔයා නැතුව ඉන්න බැ කියලා " 𝘁𝗮𝗲𝗸𝗼𝗼𝗸 𝗷𝗶𝗸𝗼𝗼𝗸 𝘃𝗺𝗶𝗻𝗸𝗼𝗼𝗸 start : 2022.05.11 finish : 2022.06.30