『♥』- මතකද එදා | Don't Forget

14 7 2
                                    


මතකද එදා අපි හම්බුන පලවෙනි දවස?
පුංචි විහිළුවක් කරලා මාව අවුස්සලා එදා එයා හිනාවෙන්න ඇති.
ඒක අපේ දෛවයද? 
හරි පුදුමයි නේද?
එදා මං චිත්‍ර අඳින්න ආවේ නැත්තං?
මට තාමත් මතකයි
වැම්ෂෙඩ්හයර් කොලේජ් එකට යන්නම ඕනා කියලා තාත්තා ඉස්සරහා ඇඬුව හැටි.
ඒ හිතේ කොනක පැලපදියම් වෙලා හිටිය උඹව ආයෙත් පාරක් 
දකින්න ඕනි වුන නිසා නෙවේද?
ඒක මට ඒ කාලෙදිනං තේරුණේ නෑ.
පස්සෙ කාලෙදි ඒ දේවල් මතක් වෙද්දි 
මං කලේ කාමරේ මේසේ උඩ තියෙන 
පිනිමුවාගේ ස්ටැචූ එක දිහා බලන්
තනියෙම හිනා වුන එක.
එදා පිටි බාල්දියක්ම නාලා,
කම්මුල රත් වෙන්නම පාරක් කාපු දවසේ
මට දුක හිතුනේ නෑ ටිකක්වත්.
එදා මාව පිලිගත්ත හැටිනං අන්තිම නරකයි.
ඒත් අන්තිමට මගෙ හිත හදන්න හිටියෙත් උඹම විතරයි.
එදා දුන්න ලේන්සුවනං යොංසං ගඟට වැටුනා. 
මං බලන් හිටියේ මිදුනු ගඟේ හිම දියවෙන වසන්තයක් එනකන් ඒක ආයෙත් ගන්න.
ඒත් මට බැරිවුනා.
දැන් ඒක කොහේහරි තැනකින් යොංසං ගඟට බරවුනු ගහක අත්තක රැඳිලා ඇති නේද?
නැත්තං ඒක තෙරක් නොපෙනන මුහුදක අතරමං වෙලා ඇතිද?
හරියට අපි වගේම?
රෝහල් ඇඳේ සිහියක් නැතුව හිටිය උඹව දකිද්දි මං බලන් හිටියේ 
උඹ ආයෙත් නැගිටින දවසක් එනකන්.
පංතිය අයිනෙ ඩෙස් එක පාලුවෙලා ගිහින් උඹ නැතුව.
කාර් එකේ ෆ්‍රොන්ට් මිරර් එකෙන් 
මගෙ දිහාට වැටිලා තිබුන
උඹේ කලුපාට බෝල ඇස් දකිද්දිනම්
මගෙ හිතම පිච්චිලා ගියා.
පංතියේ අයිනේ කොනේ ඩෙස්ක් එක ලඟ ඇරලා දාපු ජනේලෙන් එන සීතල හුලඟට කළුපාට කොණ්ඩේ මූණ පුරා විසිරෙද්දි උඹේ ලස්සන දැක්කෙත් මං විතරද?
නැත්තං ඒ මගේ හිතේ ඇඳිලා තිබුන උඹේ ලස්සන වෙන්න ඇති.
මහ රෑ ගෙදරට ඇවිත් රෝසමල් දුන්න කෙල්ලෙක් ගැන කියලා පංතියේ යාලුවෝ විහිලු කරද්දි,

හ්ම්…. 

මට චුට්ටක් තරහා ගියා.
"චිත්‍ර අඳින කොල්ලට කැමති මං විතරද?"
"චිත්‍ර අඳින කොල්ලා කැමති එයාගෙ නැතිවුන ලිලී මලට විතරද?"
එදා මට හිතුනේ ඔහොම. 

ජන්කුක්!

මං දුන්න දිය සායම් පෙට්ටියෙන් දවසක මට චිත්‍රයක් ඇඳලා දෙනවද?

☆🍃GIFT BOOK🍃☆Where stories live. Discover now