𝚁𝚊𝚒𝚗 🌧️

499 87 8
                                    

Hoseok's POV

"මං වැස්සට ආසයි...." ටේහ්යුන්ග් මගේ දිහා බලාගෙන කිව්වා..

"ඇත්තටම ද.." මං එයගෙන් ඇහුවා..

"ඔව්.. ඇත්තටම.. වැස්සට තෙමෙන්න මං ආසයි.. වැස්සේ නටන්න මං ආසයි.. අකුණු ගහනවට මං ආසයි.." ටේහ්යුන්ග් තවත් හිනා වෙමින් කිව්වා.. එයාගේ හිනාව දකිද්දී මටත් සතුටු හිතුනා..

"මං ඔයාටත් ආසයි හොසොක්..." ටේහ්යුන්හ් මිමිණුවේ මගේ ලගට ඇවිත් මාව බදාගන්න ගමන්..

"මමත් ටේහ්යුන්ග්.." මං ටේහ්යුන්ග්වත් බදාගන්න ගමන් කිව්වා..

"ගෙදර යං නේ ද.. අපිට ඉස්කෝලෙම ඉන්න බැහැ නේ.." ටේහ්යුන්ග් කිව්වේ අපි දෙන්නගේ ඉවර කරපු පේපර්ස් ටික ටීචර් ගේ මේසේ උඩින් තියන ගමන්..

"යං.." මං මගේ බෑග් ඒක අරගෙන එයාගේ පස්සෙන් යන ගමන් කිව්වා..

එත් එක්කම මට ඇහුනේ එළියෙන් ලොකු සද්දයක්... ඒ පොඩි පොඩි පිනිබිඳු එක්ක වහින වැස්සක්.. ඒ උනාට අපි එතන නැවතිලා ඒක අහන් ඉද්දීම ඒක ධාරානිපාත වැස්සක් වෙන්න මහා වෙලාවක් ගියෙ නැහැ..එත් මට සතුටක් දැනුනා මොකද ටේහ්යුන්ග් වැස්සට ආසයි කිව්වා..

"කුඩයක් තියෙනවා ද හොසොක්.." ටේහ්යුන්ග් මගෙන් ඇහුවේ මාව පුදුම කරමින්..

"ඔව්.." එත් මං උත්තර දුන්නේ කුඩේ මගේ බෑග් එකෙන් එලියට ගන්න ගමන්..

"හරි මට අමතක වුනා.. දෙන්නම එකේ යං.." ටේහ්යුන්ග් හිනා වෙලා මගෙන් කුඩේ අරගෙන ඉස්කෝලේ අපේ බිල්ඩින් එකේ එක්සිට් ඒක ලගින් ඒක ඉහලා ගත්තේ එයාව පොඩ්ඩක්වත් තෙමෙන්නේ නැති වෙන්න.. එයා මගේ අතෙනුත් අල්ලාගෙන මාව එයා ලගට ලං කරා...

"එන්න.. තෙමෙන්නේ නැතිව යන්න ඕනේ නැත්නම් ලෙඩ වෙයි.." එයා හිනා වෙමින් එහෙම කියලා මාව ලං කරන් ඉස්සරහට ගියෙ අපිව පොඩ්ඩක්වත් තෙමෙන්නේ නැති වෙන්න..

𝗟𝗶𝗸𝗲 & 𝗟𝗼𝘃𝗲 | 𝗩𝗵𝗼𝗽𝗲 √Where stories live. Discover now