👣PSYCHO - PART 5👣

106 25 21
                                    

අලුත් තැනක් කිව්වට මේ තමයි සයිකෝ හිටපු ගෙදර.පොඩි කැලෑවක් මැද තිබ්බ ලීවලින් හදපු මේ පුංචි ගෙදර පාළු පැත්තක තිබුන නිසා මේක අනිත් අයට හොයාගන්න අමාරුයි.

Syco : ආර්හ්හ්හ්හ්හ්හ්.....😫😔😔😫

පාළුවට ගිහින් තිබුනු ගෙදර තමන්ගේ කාමරේට ඇවිත් මූන වැහෙන්න දාගෙන හිටපු තොප්පිය ගැලෙව්ව සයිකෝ කන්නාඩිය ගාවට ගිහින් වේදනාබර කෑ ගැහිල්ලකුත් එක්ක කන්නාඩිය කුඩු කරේ වීදුරු කෑලි වලට ලේ ගලන් යන තමන්ගේ අත දිහා බලන් වියරුවෙන් වගේ හිනා වෙන ගමන්.

නිකමටවත් හිතුනේ නැද්ද ඇයි මෙයා සයිකෝ කෙනෙක් වෙන්න හේතුව කියලා. හ්ම්.... වේදනාබර, කවුරුත්ම නොදන්න ඒ අතීතේ. මේ වෙන හැමදේකම මුල මීට අවුරුදු 5 කට කලින් ඒ අහඹු මුනගැසීම.

( මන් දන්නේ නැහැ මන් ලියන විදිහ ෆීල් වෙනවද කියන්න. ඒත් ඔය පුංචි වචනයක් උනත් තදින්ම හිතට දැනෙන අය ඉන්නවනේ. ගොඩක්ම සංවේදි අය. ආයිත් කියන්නම්. එයාලා මේක කියවන්න එපා 🥺 )

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
Flashback 👣....
( Before 5 years )

රෝයි.. රෝයි කියන්නේ වෙන කවුරුත් නෙවෙයි මේ තමා ඔයාලා හැමෝම සයිකෝ කෙනෙක් විදිහට අදුරගත්ත ඒ හැංඟුන චරිතේ ලස්සන නම. ඒත් මේ ලස්සන නමේ හිමිකාරයට නම් ලස්සන අතීතයක් හම්බුනේ නැහැ.

ඒ ඇයි කිව්වොත් එක රෝගයක් නිසා. පොඩි කාලෙදිම වයසක පෙනුමක් ලැබුනොත්, ම්ම්... ඔව්. මේ ඔක්කොටොම හේතුව තමා ඒක. රෝයි කියන්නේ ඒ වගේ රෝගෙකින් පෙලෙන අවුරුදු 20 ක තරුණයෙක්. ඒ වගේම මේ කොල්ලගේ දකුණු අතේ තිබ්බේ ඇඟිලි 4 යි. ඒ කියන්නේ එයාට සුලැගිල්ලක් තිබ්බේ නැහැ උපතින්ම. එයාට හිටියේ එයාගේ අම්මා විතරයි. හැබැයි එයා එහෙම කෙනෙක් නොවුන එක හැමෝටම පුදුමයක්. නමින් සෝහා උන රෝයිගේ අම්මා තමන්ගේ ලමයව බලාගන්න ගොඩක් දුක් වින්දා. එක එක කුලී වැඩ කරා වගේම බාර් එකක වේටර් වැඩට යන්නත් එයාට සිද්ධ උනා. කොහොම උනත් ‍රෝයිව අලුත් university එකකට දාන්න සෝහා හිතා ගත්තා. මොකද රෝයි කලින් ගියපු යුනි එකේ එයාට සිද්ධ වෙච්ච ඒ අපහාස කිරීම් එක්ක මානසිකව වැටිලා හිටිය රෝයිගේ මනස හදන්න මේ අලුත් තැනවත් පිටුවහලක් වෙයි කියලා සෝහා හිතුවා. කොහොමහරි ආධාරයක් අරන් seoul national university එකට දාගන්න ඒ මව් සෙනෙහසට පුලුවන් උනා. එදා හවස ගෙදර ආපු සෝහා රෝයිට කතා කලේ මේක ගැන කියන්න.

👣 PSYCHO👣 ||Ongoing||Where stories live. Discover now